ඔස්ට්‍රේලියාවේ ඔබේ ප්‍රතිචක්‍රීකරණ කසළ බඳුනට කෙදිනකවත් මේ ද්‍රව්‍ය 5 බැහැර නොකරන්න. (SBS සිංහල/වාර්තා)

ඔබගේ නිවසේ ප්ලාස්ටික් බෑග් ඇතුළු එවැනි ආකාරයේ සියලු බෑග් සුපිරි වෙළෙඳ සල් වල ඇති REDcycle බඳුන් වෙත බැහැර කිරීමට ඔබට හැකිය.

Five things you shouldn't be recycling

Source: SBS

ලෝක පරිසර දිනය පසුගිය ජුනි 05 වන දිනට යෙදී තිබුණි.

"ප්ලාස්ටික් මගින් සිදුවන පරිසර දූෂණය පරදවමු." යන්න මෙම වසරේ ලෝක පරිසර දින තේමාව වී තිබේ.

ඔස්ට්‍රේලියාව තුළ  ද මේ වසරේ ප්ලාස්ටික් පිළිබඳ ඉතා දැඩි වශයෙන් අවධානය යොමුවන වසරක් වී තිබේ.

විශේෂයෙන්ම ප්‍රතිචක්‍රීකරණය සම්බන්ධව විවිධ දැනුවත් කිරීමේ වැඩසටහන් රාශියක් ඔස්ට්‍රේලියාව පුරා මේ වන විටත් ක්‍රියාත්මක වෙමින් පවතියි.



 

ප්‍රතිචක්‍රීකරණය කළ යුතු ද්‍රව්‍ය සහ නොකළ යුතු ද්‍රව්‍ය පිළිබඳව තවමත් ඔස්ට්‍රේලියාවේ වෙසෙන බොහෝ පිරිසකට අවබෝධයක් නොමැති බවද පරිසර සංවිධාන පෙන්වා දෙයි.

ප්‍රකට පරිසර සංවිධානයක් වන Planet Ark ආයතනය විසින් ඔස්ට්‍රේලියාව තුළ ඔබට ප්‍රතිචක්‍රීකරණය කළ නොහැකි ප්‍රධාන ද්‍රව්‍ය 5 ක් පිළිබඳව මෙලෙස අවධාරණය කරයි.

ප්ලාස්ටික් බෑග්

ප්ලාස්ටික් බෑග් සහ අනෙකුත් මෘදු ප්ලාස්ටික් ඔබේ ප්‍රතිචක්‍රීකරණ කසල බඳුනට නොදමා සිටින ලෙස Planet Ark ආයතනය පවසයි.

ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථාන වලදී ප්‍රතිචක්‍රීකරණ අපද්‍රව්‍ය තෝරා ගැනීමේ ක්‍රියාවලියේදී අදාළ යන්ත්‍ර වලින් ප්ලාස්ටික් බෑග් තෝරාගැනීමට අපහසු බවත් එම ප්ලාස්ටික් බෑග් එම යන්ත්‍ර වල සිරවීමෙන් යන්ත්‍ර ක්‍රියා විරහිත වන බවත් Planet Ark ආයතනයේ ජ්‍යෙෂ්ඨ ප්‍රතිචක්‍රීකරණ වැඩසටහන් සම්බන්ධීකාරක Claire Bell පවසයි.

එනිසා ප්ලාස්ටික් බෑග් ඔබගේ නිවසේ ඇති සාමන්‍ය කසළ බදුනට (General Waste Bin) දමන්න කියා එයින් අදහස් නොකෙරේ.

ඔබගේ නිවසේ ප්ලාස්ටික් බෑග් ඇතුළු එවැනි  ආකාරයේ සියලු බෑග් සුපිරි වෙළෙඳ සල් වල ඇති  බඳුන් වෙත බැහැර කිරීමට ඔබට හැකිය.
Five things you shouldn't be recycling
Source: Getty Images

පිඟන් කෝප්ප සහ වීදුරු බඩු

කැඩුණු වීදුරු බඩු, පිඟන් කෝප්ප වැනි දෑ ප්‍රතිචක්‍රීකරණය කළ හැකි ද්‍රව්‍ය කියා ඔබ සිතුවත් එය වැරදිය.

එනිසා මේවා කිසිදු දිනෙක ඔබේ ප්‍රතිචක්‍රීකරණ කසළ බඳුනට නොදමන්න.
Five things you shouldn't be recycling
Source: Getty Images

E-waste

E-wasteහෙවත් ඉලෙක්ට්‍රොනික කසළ ද ඔබේ ප්‍රතිචක්‍රීකරණ කසළ බඳුනට නොදමන්න.

බැටරි, ජංගම දුරකථන, මුද්‍රණ යන්ත්‍රවල කාට්‍රිජ, පරිගණක කොටස් වැනි දේ මෙලෙස E-waste හෙවත් ඉලෙක්ට්‍රොනික කසළ ලෙස හැඳින්වේ.

ඒවා මගින් සෞඛ්‍ය ගැටළු පවා ඇතිවිය හැකි බව වාර්තා වේ.

මෙවැනි ද්‍රව්‍ය බැහැර කිරීමට විශේෂ ස්ථාන ඔස්ට්‍රේලියාව පුරා ස්ථාපනය කර තිබේ.
Five things you shouldn't be recycling
Source: Getty Images

Polystyrene

ඔස්ට්‍රේලියාවේ සුළු ප්‍රමාණයක නගර සභා හැරුණු කොට Polystyrene ප්‍රතිචක්‍රීකරණය කිරීම සඳහා බාර නොගැනේ.

එනිසා Polystyrene  ද ඔබේ ප්‍රතිචක්‍රීකරණ කසළ බඳුනට නොදමන්න.
Five things you shouldn't be recycling
Source: Getty Images

නැපි වර්ග

ඔස්ට්‍රේලියාවේ වෙසෙන බොහෝ පුද්ගලයින්  නැපි වර්ග ද ප්‍රතිචක්‍රීකරණය කළ හැකි බව සිතයි.

නමුත් කිසිදු දිනෙක නැපි වර්ග ද ඔබේ ප්‍රතිචක්‍රීකරණ කසළ බඳුනට නොදමන ලෙස Planet Ark ආයතනය පවසයි.

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න -

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------

Share
Published 6 June 2018 11:22pm
By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends