ප්‍රෝටීන් ආහාරයට ගැනීමේදී ඔස්ට්‍රේලියානු වාසීන් සිදු කරන වැරදි පිළිබඳ අලුත්ම වාර්තාව මෙන්න. (SBS සිංහල/වාර්තා)

Meat pies, chicken nuggets සහ අයිස් ක්‍රීම් ඇතුළු විවිධ Junk foods බහුලව ආහාරයට ගන්නා අඩු පෝෂණයක් සහිත පුද්ගලයින් තමන්ගේ ප්‍රෝටීන් ප්‍රමාණය සාමන්‍ය පෝෂ්‍යදායී ආහාර ගන්නා පුද්ගලයෙකුට වඩා 8 ගුණයකින් Junk foods වලින් ලබා ගන්නා බව CSIRO Healthy Diet Score වාර්තාව පෙන්වා දෙයි.

Australians not eating right protein foods

Source: Getty Images

බොහෝ ඔස්ට්‍රේලියානු වාසීන් ප්‍රමාණවත් තරමේ ප්‍රෝටීන් ආහාරයට නොගන්නා බව නවතම වාර්තාවකින් අනාවරණය වී තිබේ.

බොහෝ ඔස්ට්‍රේලියානු වාසීන් ප්‍රමාණවත් තරමේ ප්‍රෝටීන් ආහාරයට නොගන්නවා පමණක් නොව අදාළ ප්‍රෝටීන් නියමිත ආහර වලින් ලබා නොගන්නා බවද එහිදී හෙළිවී තිබේ.
Australians not eating right protein foods
Source: Getty Images

Junk foods සහ පෝෂ්‍යදායී ආහාර

Meat pies, chicken nuggets සහ අයිස් ක්‍රීම් ඇතුළු විවිධ Junk foods බහුලව ආහාරයට ගන්නා අඩු පෝෂණයක් සහිත පුද්ගලයින් තමන්ගේ ප්‍රෝටීන් ප්‍රමාණය සාමන්‍ය පෝෂ්‍යදායී ආහාර ගන්නා පුද්ගලයෙකුට වඩා 8 ගුණයකින් Junk foods වලින් ලබා ගන්නා බව CSIRO Healthy Diet Score වාර්තාව පෙන්වා දෙයි.

නමුත් එවැනි පුද්ගලයින් අධික තරබාරු වීමේ සම්භාවිතාව අනෙක් පුද්ගලයින්ට වඩා තුන් ගුණයකින් වැඩි බවද වාර්තා වේ.

අඩු පෝෂණයක් සහිත පුද්ගලයින්ගේ දෙවැනි ඉහළම ප්‍රෝටීන් සපයන ආහාර ලෙස pies, බර්ගර්ස්, සැකසු මස් සහිත පීසා වර්ග, චිකන් නගට්ස්, සොසේජස්, කේක්, අයිස් ක්‍රීම් සහ බිස්කට් වර්ග වන බව අනාවරණය වී තිබේ.

මෙම සමීක්ෂණය සඳහා 200,000 ක පමණ පිරිසක් සහභාගී කරවා ගත් බව වාර්තා වන අතර ඔවුන්ගෙන් කොටසක් පෝෂ්‍යදායී ආහාර ලබා ගන්නා  අය බවත් කොටසක් Junk foods ලබා ගන්නා අය බවත් සඳහන්.

පෝෂ්‍යදායී ආහාර ලබා ගන්නා පුදගලයින් වැඩි ප්‍රෝටීන් ප්‍රමාණයක් ලබා ගන්නේ කුකුළු මස්, red meat, මාළු, කිරි, සීරියල්, ඇට වර්ග සහ යෝගට් වැනි ආහාර වලින් බව එහිදී අනාවරණය විය.

ඔවුන්ට ලැබෙන ප්‍රෝටීන් වලින් Junk foods ලබා දෙන්නේ 3% ක පමණ ප්‍රමාණයක් බවද එහිදී හෙළි විය.
Australians not eating right protein foods
Australians not eating right protein foods Source: Getty Images

අධික තරබාරුව සහ Junk foods

යම් අයෙකු හට බර අඩු කරගැනීමට අවශ්‍යනම් ඔහු හෝ ඇය අනිවාර්යෙන්ම ප්‍රෝටීන් ලබා දෙන Junk foods ආහාරය අත්හැරිය යුතු බව CSIRO හි ප්‍රධාන පර්යේෂක විද්‍යාඥ මහාචාර්ය Manny Noakes පැවසුවාය.

"හැමෝගෙම ප්‍රෝටීන අවශ්‍යතාව වෙනස්. ඒවගේම හැම ආහාරයකම ඇති ප්‍රෝටීන ගුණදායක නැහැ." යනුවෙන් මහාචාර්ය Manny Noakes පැහැදිලි කළාය.

මේ අතර ඔස්ට්‍රේලියාවේ වැඩිමහල් ප්‍රජාවගෙන් 60% කට පමණ පමණට වඩා බර වැඩිවීම හෝ ස්ථුලතාවය ගැටළුවක් වී ඇති බවද පෝෂණවේදීන් පෙන්වා දෙයි.

කිලෝ ග්‍රෑමයට ග්‍රෑම් 1.2-1.6 අතර ප්‍රෝටීන් ප්‍රමාණයක් ලබා ගැනීමෙන් සාධනීය මට්ටමේ ශරීර බරක් පවත්වා ගැනීමට හැකි බව මහාචාර්ය Noakes පැහැදිලි කළාය.

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න -

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව -

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------

Share
Published 31 May 2018 11:17am
By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends