ඔස්ට්‍රේලියාවේ දරාගත නොහැකි මට්ටමේ ඉහළම නිවාස කුලිය ඇති නගරය මෙන්න. (SBS සිංහල/වාර්තා)

කුලී නිවැසියන්ට දරාගත නොහැකි මට්ටමේ මිලක් සහිත ඔස්ට්‍රේලියාවේ ප්‍රධානතම නගරය ලෙස මීට පෙර වාර්තා වුයේ සිඩ්නි නුවරය.

Australia's most unaffordable city for tenants

Source: AAP

ඔස්ට්‍රේලියාවේ කුලී නිවැසියන්ට දරාගත නොහැකි මට්ටමේ වැඩිම කුලී නිවාස මිලක් සහිත ඔස්ට්‍රේලියාවේ ප්‍රධානතම නගරය ලෙස ටස්මේනියාවේ හෝබාට් නුවර පත්ව ඇති බව නවතම වාර්තාවක් පෙන්වා දෙයි.

කුලී නිවැසියන්ට දරාගත නොහැකි මට්ටමේ මිලක් සහිත ඔස්ට්‍රේලියාවේ ප්‍රධානතම නගරය ලෙස මීට පෙර වාර්තා වුයේ සිඩ්නි නුවරය.
Australia's most unaffordable city for tenants
Source: Flickr

ඔස්ට්‍රේලියාවේ කුලී නිවාස මිල දර්ශකය

ඔස්ට්‍රේලියාවේ ජාතික මට්ටමින් ක්‍රියාත්මක වන කුලී නිවාස මිල දර්ශකය වන The Rental Affordability Index හෙවත් RAI ට අනුව මෙම දත්ත විශ්ලේශනය කර තිබේ.

නව කුලී නිවාස ගිවිසුම් මත අදාළ කුලී නිවැසියන්ගේ අදායම පදනම් කරගනිමින් මෙම දර්ශකය නිර්මාණය කර ඇත.

RAI දත්ත මත පදනම් කරගනිමින් මෙම වාර්තාව සකසා ඇත්තේ National Shelter Community Sector Banking සහ SGS Economics and Planning යන ආයතන විසිනි.
Australia's most unaffordable city for tenants
Source: Flickr

හෝබාට් වල නවතම තත්ත්වය

හෝබාට් වැසියන් තමන්ගේ අදායමින් 29% ක් තම නිවාස කුලිය ගෙවීම සඳහා වියදම් කරන බව නවතම වාර්තාව අනාවරණය කරයි.

සිඩ්නි නුවර එම ප්‍රතිශතය 27% ක් බවත් වාර්තා වේ.

ඇඩිලේඩ් 26% ක්ද, බ්‍රිස්බන් 25% ක්ද, මෙල්බන් 24% ක්ද, කැන්බරා 23% ක් සහ පර්ත්  21% ක්ද ලෙසින් වාර්තා වේ.

කෙසේවෙතත්, ටස්මේනියා ප්‍රාන්තයේ වෙසෙන වැසියෙකුගේ සතියක සාමාන්‍ය ආදායම අනෙක් ප්‍රධාන නගර වල වෙසෙන වැසියෙකුගේ සතියක සාමාන්‍ය ආදායමට වඩා ඩොලර් 300 ක් පමණ අඩු බව  SGS Economics and Planning හි Ellen Witte පැවසු බව ABC පුවත් වෙබ් අඩවිය පවසයි.

මෙලෙස අඩු ආදායම් තත්ත්වය සහ කුලී නිවාස වල මිල ඉහල යාම හේතුවෙන් ටස්මේනියා ප්‍රාන්තයේ අඩු ආදායම් ලාභී පවුල් 8000 කට අධික සංඛ්‍යාවක් දැඩි ආර්ථික පීඩනයකින් පෙළෙමින් සිටින බව ද ඇය පවසයි.

2015 සිට මේ දක්වා බලන කළ ටස්මේනියා ප්‍රාන්තයේ නිවාස කුලිය දරාගැනීමේ මට්ටම හෙවත් Rental affordability පහළම මට්ටමට ඇදවැටී තිබෙන බව National Shelter හි ටස්මේනියා ශාඛාවේ Pattie Chugg පැවසුවාය.
Australia's most unaffordable city for tenants
NATIONAL RAI SUMMARY – METROPOLITAN AREAS (DEC 2017) Source: www.sgsep.com.au

හෝබාට් ආදායම සහ නිවාස කුලිය

සිඩ්නි නුවර සමග සසඳන කල හෝබාට් නුවර වැසියන්ගේ වාර්ෂික ආදායම ඩොලර් 30,000 කින් පමණ අඩු වේ.

මේ අතර හෝබාට් නුවර සාමන්‍ය නිවාස කුලිය සතියකට ඩොලර් 420 ක් පමණ වන බව නිවාස පිළිබඳ ආර්ථික විද්‍යාඥ Andrew Wilson පවසයි.

ඔස්ට්‍රේලියාවේ වැඩිම නිවාස කුලිය වාර්තා වන්නේ සිඩ්නි සහ කැන්බරා නුවරින් වන අතර එය සාමන්‍යයෙන් සතියකට ඩොලර් 550 ක් වේ.

ඩාවින් නුවර එම අගය සාමන්‍යයෙන් සතියකට ඩොලර් 530 ක් වන අතර බ්‍රිස්බන් නුවර සහ මෙල්බන් නුවර සාමන්‍යයෙන් සතියකට ඩොලර් 400 ක් වේ.

ඇඩිලේඩ් සහ පර්ත් නුවර වල නිවාස කුලිය සාමන්‍යයෙන් සතියකට ඩොලර් 375 මට්ටමේ පවතියි.
Australia's most unaffordable city for tenants
Source: Flickr

ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සහ ජාත්‍යන්තර සිසුන්

පසුගිය වසරේ මුල භාගයේ පටන් ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබා දෙන එක් ප්‍රධාන වැඩසටහනක් වන නිපුණතා සංක්‍රමණික ලැයිස්තුව ඔස්සේ ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබා දීම පිණිස කරනු ලබන ආරාධනාවන් සංඛ්‍යාව බරපතල ලෙස අඩුවීම හේතුවෙන් බොහෝ පිරිස් ටස්මේනියාව වැනි ප්‍රාන්ත කරා යොමු වීමේ වැඩි ප්‍රවනතාවක් පෙන්නුම් කරමින් සිටියි.

විශේෂයෙන්ම මෙල්බන් සහ සිඩ්නි වැනි අධික පීඩනයකින් යුත් නගර වල සිටින ජාත්‍යන්තර සිසුන් හට ටස්මේනියාව වැනි ප්‍රාන්තයක ඉගෙනුම ලබා සාපේක්ෂව පහසුවෙන් ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබා ගැනීමට හැකියි යන මතය ඔස්සේ පසුගිය වසරේ පටන් බොහෝ ජාත්‍යන්තර සිසුන් ටස්මේනියාවේ හෝබාට් නුවරට සංක්‍රමණය විය.

මේ තත්ත්වයද හොබාට් නුවර නිවාස කුලිය ඉහළ යාමට වක්‍රව බලපා ඇති බව සඳහන්.

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න -

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------

Share
Published 30 May 2018 10:47pm
By Madhura Seneviratne

Share this with family and friends