නව යොවුන් වියේ පසුවන දරුවන් ගේ සෞඛ්‍යය ඉලක්ක කර ගනිමින් අන්තරජාල වැඩසටහනක් (SBS සිංහල/ වාර්තා)

Australia is lagging in the OECD rankings for high-school graduates leaving school with a second language.

Source: AAP

තරුණ පිරිස් නිදන්ගත රෝග වලට ගොදුරු වීමට හේතුවන, ප්‍රධාන පුරුදු 6ක් ඉල්ලක කරගෙන Health4Life නමින් නව වැඩසටහනක් හදුන්වා දී තිබේ.

මානසික සෞඛ්‍යය, පෝෂණවේදය සහ මත්ද්‍රවය නිවාරණය යන කේෂ්ත්‍ර වලට අදාල ප්‍රවීණයන්ගෙන් සැදුම් ලත් කණ්ඩායමක් විසින් මෙම වැඩසටහන නිර්මාණය කර ඇති බව සදහන්. ඕස්ට්‍රේලියාවේ උසස් පාසැල් (high school) අධ්‍යාපනය ලබන සිසු සිසුවියන්, වැඩිහිටියන් බවට පත් වීමේදී සෞඛ්‍යයසම්පන්න පිරිසක් බවට පත් කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණක්.

මෙහි අත්හදා බැලීමේ වැඩසටහන මේ වන විට දියත් කර ඇති බව සදහන්. තවද වැඩිහිටි ප්‍රජාව ගොදුරු වන දියවැඩියාව සහ පිලිකා වැනි නිදන්ගත රෝග වල ආරම්භය නව යොවුන් වියේදී ඇති අයහපත් පුරුදු නිසා ඇති වන බැවින් එම පුරුදු ඉලක්ක කර ගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක වන බව සදහන්. ශාරීරික ක්‍රියාකාරම් වලට ඇති මැලිකම, නරක ආහාර පුරුදු, අවධානම් සහගත මත්පැන් භාවිතය, දුම්පානය කිරීම, නිසි නින්දක් නොමැති වීම සහ ජංගම දුරකථන, Ipad , ටැබ්ලට් වැනි උපාංග සමගින් වැඩි කාලයක් ගත කිරීම වැනි පුරුදු ඉලක්ක කර ගනිමින් මෙම නව අන්තර්ජාල වැඩසටහන සැලසුම් කර තිබේ.

Health4Life වැඩසටහන සදහා පර්යේෂණ දායකත්වය ලබාදුන් University of New South Wales හී ආචර්ය Katrina Champion පවසන්නේ ඉහත සදහන් කල යහපත් පුරුදු හේතුවෙන් කෙටිකාලීනව ස්ථුල භාවය, මානසික ආතතිය,සාංකාව සහ ඇබ්බැහිවීම් ආදියට ගොදුරු විය හැකි බවයි. මේ නිසා මෙම අන්තර්ජාල වැඩසටහන මගින් බලාපොරොත්තු වන්නේ තරුණ දරුවන්ගේ අනාගතය සෞඛ්‍යයසම්පන්න කිරීම සදහා අවශ්‍ය දැනුම ලබාදීම බව ආචර්ය Katrina Champion වැඩි දුරටත් සදහන් කරයි.


තවද මෑතකදී කරන ලද අධ්‍යනයකට අනුව හෙළි වී තිබෙන්නේ නව යොවුන් වියේ පසුවන දරුවන් අතර ඉතා අඩුවෙන් එළවලු තම ආහාරයට එක් කරගැනීම,මත්පැන් භාවිතය, දුම්පානය සහ එක තැන අධික වේලාවක් වාඩි වී සිටීම යන අයහපත් පුරුදු සැලකිය යුතු ලෙස වැඩි වී ඇති බවයි.


Health4Life අත්හදා බැලීමේ වැඩසටහන, ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස්, බටහිර ඕස්ට්‍රේලියා  සහ ක්වීන්ස්ලන්ත යන ප්‍රාන්ත වල පාසැල් 80ක සිසු සිසුවියන් 8000ක් දායක කරගනිමින් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.


තවද සීනි සහ කැෆේන් අඩංගු ආහාර සහ පාන වර්ග පාලනයකින් යුතුව භාවිතය පිළිබදවද මෙහිදී සිසුන්ට අවබෝධයක් ලබාදීමට නියමිතයි. මෙම වැඩසටහන යටතේ, අදාල පාසැල් සිසුන්ගේ ආහාර පුරුදු ජංගම දුරකථන මෘදුකාංගයක් මගින් නිරීක්ෂණය කෙරෙන බව වැඩි දුරටත් සදහන්.




Share
Published 26 May 2018 7:13am
By Sanjaya Dissanayake
Source: SBS News


Share this with family and friends