ජූලි 01 දා සිට ඔස්ට්‍රේලියාවේ අවම වැටුප වැඩි වෙන්නේ මෙහෙමයි. (SBS සිංහල/වාර්තා)

ඔස්ට්‍රේලියාවේ ක්‍රියාත්මක සියලුම modern award අවම වැටුප් මේ අනුව 3.5% කින් වැඩි කිරීමට Fair Work කොමිසම අද ලබා දුන් වාර්තාවෙන් රජයට දන්වා තිබේ.

Australia's minimum wage

Source: AAP

මීළඟ මුල්‍ය වර්ෂයේදී ඔස්ට්‍රේලියානු ශ්‍රමිකයින් මිලියන 2.3කට ආසන්න පිරිසකගේ වැටුප් වැඩිවන ආකාරය අද (01/06) දිනයේ Fair Work කොමිසම විසින් ප්‍රකාශයට පත් කරනු ලැබුවේය.

ඒ අනුව එළඹෙන ජූලි 01 වන දින සිට ඔස්ට්‍රේලියාවේ අවම වැටුප් ලබන ශ්‍රමිකයින්ට සතියකට $24.30 ක වැටුප් වර්ධකයක් හිමිවිය යුතු බවට Fair Work කොමිසම අද ප්‍රකාශයට පත් කළේය.

මේ මගින් ඔස්ට්‍රේලියාවේ අවම වැටුප 3.5% කින් වැඩි කිරීමට  Fair Work කොමිසම තීරණය කළ අතර එම වැටුප් වර්ධකයත් සමග අවම වැටුප පැයකට $18.93 ක් ලෙසත් සතියකට $719.20 ක් ලෙසත් සැකසේ.

ඔස්ට්‍රේලියානු ශ්‍රම බලකායේ අවම වැටුප් මට්ටම පිළිබද මෙම තොරතුරු ඇතුලත් වාර්තාව ඔස්ට්‍රේලියානු Fair Work කොමිසම මගින් අද දිනයේ රජයට භාර දීමට ද නියමිතය.
Australia's minimum wage
Source: AAP

වෘත්තීය සමිති ඉල්ලීම

මේ අතර ඔස්ට්‍රේලියාවේ සතියක වැටුප  අවම වශයෙන් ඩොලර් 50කින් වැඩි විය යුතු  බවට වෘත්තීය සමිති ඉල්ලා සිටි අතර මෙලෙස වැටුප් වැඩි වන ශ්‍රමිකයින් වැඩියෙන් මුදල් වියදම් කරන බැවින් එමගින් ආර්ථිකය තුල රැකියා 57,000ක් පමණ වැඩියෙන් නිර්මාණය වන බවද වෘත්තීය සමිති වල මතය වී තිබේ.

කෙසේ වෙතත් සේවා යෝජකයින් තර්ක කර සිටියේ සතියකට ඩොලර් 13කින් මෙම වැටුප් වැඩි වීම සිදු විය යුතු බවය.
Australia's minimum wage
President of the Fair Work Commission Justice Iain Ross Source: AAP

වෘත්තීය සමිති වල සහ කම්කරු පක්ෂයේ ප්‍රශංසාව

ඔස්ට්‍රේලියාවේ ක්‍රියාත්මක සියලුම modern award අවම වැටුප් මේ අනුව 3.5% කින් වැඩි කිරීමට Fair Work කොමිසම අද ලබා දුන් වාර්තාවෙන් රජයට දන්වා තිබේ.

නව අවම වැටුප් රෙගුලාසි ජුලි 1දා සිට ක්‍රියාත්මක වීමට නියමිත අතර මෙම වෙනස්කම් පිළිබඳ Australian Council of Trade Unions හෙවත් ACTU  හි ලේකම් Sally McManus තම ප්‍රසාදය පළ කර සිටියාය.

ඔස්ට්‍රේලියාවේ වෘත්තීය සමිති මේ සඳහා විශාල ලෙස සටන් කළ බවත් ලැබුණු ප්‍රතිඵලය පිළිබඳ සෑහීමකට පත්විය හැකි බවත් ඇය සඳහන් කළාය.

කම්කරු පක්ෂයද Fair Work කොමිසම අද ලබා දුන් තීරණය පිළිබඳ තම එකඟත්වය සහ ප්‍රශංසාව පිරි නැමුවේය.
Australia's minimum wage
Aumento foi 3,3%, em 2018. Source: Getty Images

ඔස්ට්‍රේලියාවේ වර්තමාන අවම වැටුප

ජාතික මට්ටමින් ඔස්ට්‍රේලියාවේ වර්තමාන අවම වැටුප ලෙස පැයකට ඩොලර් 18.29 හෙවත් සතියකට පැය 38 ක් සඳහා ඩොලර් 694.90  ලෙස දැක්වෙයි.

මෙම වැටුප ආදායම් බදු අය කිරීමට පෙර වැටුප වේ.

ඔස්ට්‍රේලියාවේ අනියම් සේවකයින්ද (Casual employees) ඔස්ට්‍රේලියාවේ මෙම ජාතික අවම වැටුපෙන් ආවරණය වන අතරම අවම වශයෙන් 25% ක හෝ casual loading ද ඔවුන්ට හිමිවිය යුතුය.

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - 

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව - 

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------



Share
Published 1 June 2018 3:47pm
By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends