2018 ජුනි මාසයේ ඔස්ට්‍රේලියාව හතර වටේ පැවැත්වෙන ජනප්‍රියතම උත්සව මෙන්න. (SBS සිංහල/වාර්තා)

බටහිර ඔස්ට්‍රේලියාවේ කැලෑ මල් එකතුව ලොව පවතින විශාලතම කැලෑ මල් එකතුව ලෙස වාර්තා වන අතර කැලෑ මල් විශේෂ 12,000 කට අධික සංඛ්‍යාවක් බටහිර ඔස්ට්‍රේලියාවෙන් දැක බලාගත හැකිය.

Major Events in June across the Australia

Source: Facebook

Tourism Australia වලට අනුව 2018 ජුනි මාසයේ ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර වල පැවැත්වෙන ප්‍රධානතම සහ ජනප්‍රියතම උත්සව පහත පරිදි වේ.

Australian Capital Territory

Canberra Truffle Festival (ජුනි - අගෝස්තු)

ජුනි මස සිට අගෝස්තු මාසය දක්වා ඔස්ට්‍රේලියාවේ සෑම ශීත සෘතුවකම පැවැත්වෙන මෙම Truffle උත්සවය මෙවරද කැන්බරා නුවර මූලික කරගනිමින් Australian Capital Territory හි පැවැත්වේ.

විවිධ වර්ගයේ ආහාර පාන සෑදීමේ වැඩමුළු සහ වැඩසටහන් මෙම උත්සවය පුරාවටම ගෙන එන අතර ඔස්ට්‍රේලියාවටම ආවේනික වූ වයින් වර්ග වල අත්දැකීම් ලබාගන්නට ද මෙහිදී ඔබට හැකියාව ලැබේ.
Canberra Truffle Festival
Source: SBS

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය

Vivid Sydney (මැයි 25 - ජුනි 16)

සිඩ්නි නුවර පැවැත්වෙන දැවැන්තම විදුලි ආලෝක රටා මවන සැණකෙළිය ලෙස Vivid Sydneyහඳුන්වන අතර එය මේ වසරේ මැයි 25 සිට ජුනි 16 දක්වා පැවැත්වේ.

2008 වසරේ ආරාම්භ වූ මෙය මෙවර දසවන සංවත්සරය සැමරීමද විශේෂත්වයකි.

වාර්ෂිකව පවත්වනු ලබන මෙම සැණකෙළිය සඳහා මිලියන 2.3 කට අධික සංචාරකයින් ප්‍රමාණයක් සෑම වසරකම ආකර්ශණීය කර ගන්නා බව වාර්තා වේ.

Sydney Opera House, Customs House, the Museum of Contemporary Art සහ Taronga Zoo යන ස්ථාන නේක විධ වර්ණ වලින් මෙහිදී හැඩ ගැන්වෙනු ඇත.
Vivid Sydney
Source: Flickr

Sydney Film Festival (ජුනි 06 -17)

සිඩ්නි නුවර වාර්ෂිකව පැවැත්වෙන Sydney Film Festival හෙවත් සිඩ්නි සිනමා උළෙල මෙවරත් ජුනි 06 වන දින සිට 17 දක්වා සිඩ්නි නුවරදී පැවැත්වේ.

ගෞරව සම්මානයට සහ විචාරයට පාත්‍රවූ දේශීය සහ ජාත්‍යන්තර සිනමා කෘතීන් රැසක්ම මෙහිදී නැරඹීමට හැකියාව ලැබේ.

2012 වසරේ ඇරඹි මෙය වාර්ෂිකව පවත්වන උත්සවයක් ලෙස වාර්තා වේ.
Sydney Film Festival
Source: Facebook

ක්වීන්ස්ලන්තය

ගෝල්ඩ් කෝස්ට් මැරතන් තරගය (ජුනි 30 - ජූලි 01)

සෑම වසරකම ශීත කාලයේදී පැවැත්වෙන ගෝල්ඩ් කෝස්ට් මැරතන් තරගය මෙවර පැවැත්වෙන්නේ 40 වන වරටය.

IAAF හෙවත් ජාත්‍යන්තර මළල ක්‍රීඩා සම්මේලනයයේ Gold Label status හෙවත් රන් ලේබලය යටතේ ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන මැරතන් තරග දෙකින් එකක් ලෙස මෙය හැඳින්වේ.

සිඩ්නි මැරතන් තරගය ජාත්‍යන්තර මළල ක්‍රීඩා සම්මේලනයයේ රන් ලේබලය යටතේ ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන අනෙක් මැරතන් තරගය වේ.

1979 වසරේ සැප්තැම්බර් 02 වන දින මෙහි ප්‍රථම තරගය පැවැත්විණි.

මේ සඳහා ලොව විවිධ රටවලින් මැරතන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී වේ.
Gold Coast Marathon 2018
Source: Facebook

ටස්මේනියාව

Festival of Voices (ජුනි 29 - ජූලි 15)

ශීත කාලයේදී ටස්මේනියාවේ පැවැත්වෙන ප්‍රධානතම සංස්කෘතික උත්සවයක් ලෙස මෙය හැඳින්වෙන අතර මෙය ඔස්ට්‍රේලියාවේද ප්‍රධානතම සංස්කෘතික උත්සවයක් ලෙස ප්‍රසිද්ධ වේ.

ටස්මේනියාවේ ප්‍රධාන නගරය වන හෝබාට් නුවර නගර මධ්‍යයේ විශාල ගිනි මැලයක් දල්වා ඒ වටා එකතුව විවිධ භාෂාවන්ගෙන් ගීත ගායනා කිරීම මෙහිදී සිදුවන අතර මිනිසුන් අතර ඇති බැඳියාව තවත් ශක්තිමත් කිරීම මෙහි මූලික අරමුණ වී තිබේ.

Festival of Voices උත්සවය සති දෙකක් පුරාවට පැවැත්වෙන අතර එය නැරඹීම සඳහා 30,000 ක් පමණ පිරිසක් පැමිණෙන බවද වාර්තා වේ.
Festival of Voices
Source: Facebook

බටහිර ඔස්ට්‍රේලියාව

කැලෑ මල් දැක්ම (ජුනි - නොවැම්බර්)

බටහිර ඔස්ට්‍රේලියාවේ කැලෑ මල් එකතුව ලොව පවතින විශාලතම කැලෑ මල් එකතුව ලෙස වාර්තා වන අතර කැලෑ මල් විශේෂ 12,000 කට අධික සංඛ්‍යාවක් බටහිර ඔස්ට්‍රේලියාවෙන් දැක බලාගත හැකිය.

ලොව පවතින කැලෑ මල් වලින් 60% ක්ම මේ කලාපයෙන් පමණක් ඔබට දැකගැනීමට හැකිවන අතර ලොව වෙනසත් කිසිදු ප්‍රදේශයකින් එම විශේෂ දැකීමට හැකියාව නොලැබේ.

ජුනි මාසයෙන් ආරම්භ වන මෙම මල් සෘතුව නොවැම්බර් මාසය තෙක් විහිදී යයි.
Wild Flower Season in WA
Source: Facebook
--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න -

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව -

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------



Share
Published 4 June 2018 1:11pm
By Madhura Seneviratne

Share this with family and friends