ඔස්ට්‍රේලියාවේ ජීවත්වෙමින් රැකියා කරන සංක්‍රමණිකයන්ට PR ලබාදීමට බහුතර ඔස්ට්‍රේලියානුවන්ගේ සහය (SBS සිංහල/ වාර්තා)

තාවකාලික වීසා මත ඔස්ට්‍රේලියාවේ ජීවත් වන සහ රැකියා කරන පුද්ගලයින්ට ඔවුන්ට අවශ්‍ය ජීවිතය සැලසුම් කිරීමට හැකි වන පරිදි ස්ථාවරත්වයක් තිබිය යුතු බව මෙම සමීක්ෂණයට සහභාගී වූ පිරිසෙන් 78% ක් විශ්වාස කර තිබේ.

Most Australians support a path to permanent residency for migrants in a new survey

Source: Getty Images

වසර කිහිපයක් ඔස්ට්‍රේලියාවේ ජීවත්වෙමින් රැකියා කරන සංක්‍රමණිකයන් හට ස්ථිර පදිංචිය සඳහා මාර්ගයක් සලසා දිය යුතු බවට ඔස්ට්‍රේලියානුවන්ගෙන් අතිමහත් බහුතරයක් ප්‍රකාශ කර තිබේ.

මෑතකදී සිදුකළ නවතම සමීක්ෂණයකින් මේ බව හෙළිවිය.


Highlights

  • තාවකාලික වීසා මත ඔස්ට්‍රේලියාවේ ජීවත් වන සහ රැකියා කරන පුද්ගලයින්ට ස්ථිර පදිංචිය ලබාදිය යුතු බව මෙම සමීක්ෂණයට සහභාගී වූ පිරිසෙන් 78% ක් විශ්වාස කර තිබේ.
  • කුමන ආකාරයේ වීසා බලපත්‍රයක් තිබුණත් ඔස්ට්‍රේලියාව තුළ ඔවුන්ගේ අනාගතය සැලසුම් කිරීමේ හැකියාව තිබිය යුතුය යන්න  55% ක් පවසා තිබුණි.
  • සංක්‍රමණිකයන් විශේෂිත රැකියා සඳහාවූ පුහුණු ශ්‍රමිකයින්ගේ හිඟය පිරවීමට උපකාර වන බව මෙම සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 58% ක් විශ්වාස කරති.

ඔස්ට්‍රේලියාව තුළ ජීවත් වූ සහ රැකියා කළ සංක්‍රමණිකයන්ට ස්ථිර පදිංචිය

Human Rights Law Centre හෙවත් මානව හිමිකම් පිළිබඳ නීති මධ්‍යස්ථානය විසින් ඔස්ට්‍රේලියානුවන් 1,095 දෙනෙකු යොදාගෙන මෙම සමීක්ෂණය සිදුකර තිබේ.

තාවකාලික වීසා මත ඔස්ට්‍රේලියාවේ ජීවත් වන සහ රැකියා කරන පුද්ගලයින්ට ඔවුන්ට අවශ්‍ය ජීවිතය සැලසුම් කිරීමට හැකි වන පරිදි ස්ථාවරත්වයක් තිබිය යුතු බව එම සමීක්ෂණයට සහභාගී වූ පිරිසෙන් 78% ක් විශ්වාස කර තිබේ.


 

මෙම ලිපිය SBS සිංහල සේවය මඟින් සම්පාදනය කරන ලද ලිපියකි. මෙහි ඇති තොරතුරු ලබා ගැනීමේදී හෝ පිටපත්  කරගැනීමේදී SBS සිංහල සේවය වෙතින් උපුටා ගත් බවට සඳහන් කිරීම මඟින් කර්තෘ හිමිකාරීත්වය ලබාදීමට කාරුණික වන්න.


 

එනිසා එවැනි සංක්‍රමණිකයින්ට ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබාගැනීම සඳහා මාර්ග සකස් කළ යුතු බව ඔවුහු විශ්වාස කරති.

එමෙන්ම සංක්‍රමණිකයන්ට කුමන ආකාරයේ වීසා බලපත්‍රයක් තිබුණත් ඔස්ට්‍රේලියාව තුළ ඔවුන්ගේ අනාගතය සැලසුම් කිරීමේ හැකියාව තිබිය යුතුය යන්න මෙම සමීක්ෂණයට සහභාගී වූ පිරිසෙන් 55% ක් පවසා තිබුණි.

පසුගිය වසරේ Migrant Workers Centre හෙවත් සංක්‍රමණික සේවක මධ්‍යස්ථානය විසින් නිකුත් කරන ලද වාර්තාවකින් පසුව මෙම සමීක්ෂණය සංවිධානය කෙරුණි.

එම වාර්තාව ඔස්ට්‍රේලියාවේ සේවා ස්ථානවල සේවකයින් සූරාකෑම සහ තාවකාලික වීසා තත්ත්වය අතර ශක්තිමත් සම්බන්ධයක් අනාවරණය කරගත් අතර ස්ථිර පදිංචිය සඳහා තවත් මාර්ග අවශ්‍ය බවට තර්ක කළේය.

සංක්‍රමණිකයන් විශේෂිත රැකියා සඳහාවූ පුහුණු ශ්‍රමිකයින්ගේ හිඟය පිරවීමට උපකාර වන බව මෙම සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 58% ක් විශ්වාස කරති.
තවද සංක්‍රමණිකයන් විසින් ඔස්ට්‍රේලියානුවන් කිරීමට අකමැති අඩු වැටුප් සහිත රැකියා වල නිරත වන බව 33% ක් පවසා තිබේ.

සංක්‍රමණිකයන් ඔස්ට්‍රේලියාවට සංස්කෘතික විවිධත්වය ගෙන එන බව මෙම සමීක්ෂණයට සහභාගී වූ 54% ක් විශ්වාස කරති.

එමෙන්ම ඔවුන් ඉහළ යන ඔස්ට්‍රේලියාවේ වයස්ගත ජනගහනයට සාපේක්ෂව ඔස්ට්‍රේලියාවේ ජනගහනයේ සමතුලිතභාවය රැකීමට උපකාරී වන බව 24% ක් පිළිගෙන තිබේ.
Almost 80 percent of Australians support a pathway to permanent residency for migrants who have lived and worked here for several years, new research shows.
Almost 80 percent of Australians support a pathway to permanent residency for migrants who have lived and worked here for several years, new research shows. Source: AAP

ඔස්ට්‍රේලියානු වීසා ක්‍රමය සංක්‍රමණිකයින්ව අවුල් ජාලයකට පත් කරයි

සෑම පුද්ගලයෙකුටම තමන් කැමති ජීවිතයක් සැලසුම් කිරීමට අවස්ථාවක් තිබිය යුතු බව මානව හිමිකම් පිළිබඳ නීති මධ්‍යස්ථානයේ නීති අධ්‍යක්ෂ David Burke පැවසීය.

නමුත් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ වීසා ක්‍රමය මිනිසුන්ව අවුල් ජාලයකට පත් කර ඇති අතර බොහෝ විට ඔවුන් වසර ගණනාවක් මෙහි ජීවත් වී රැකියා කළත් ඔවුන්ගේ පවුල සමඟ නැවත එක්වීමට නොහැකිවී ඇති බව ඔහු සඳහන් කළේය.

මෙම ප්‍රතිඵලවලින් පෙනී යන්නේ ඔවුන් සතුව ඇති වීසා බලපත්‍රය නිසාම ඔවුන්ගේ අසල්වාසීන්, සගයන් සහ මිතුරන් අවිනිශ්චිතතාවයක සිටින බව ද ඔහු පැවසීය.
ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ පද්ධතිය දැනට තාවකාලික වීසා මත දැඩි ලෙස රඳා පවතින බව සංක්‍රමණික සේවක මධ්‍යස්ථානයේ ප්‍රධාන විධායක Matt Kunkel ප්‍රකාශ කළේය.

එහිදී අනාගතය සඳහා සැලසුම් කිරීමට සංක්‍රමණිකයන්ට ස්ථාවරත්වයක් ලබා දීමේ අවස්ථාව සහ ඔවුන්ට ස්ථිර පදිංචිය ලබාදීමෙන් අනෙකුත් ඔස්ට්‍රේලියානුවාසීන් සමග ජීවත්වීමට අවස්ථාවක් ලබාදීම ඔස්ට්‍රේලියාව සැබවින්ම මගහැර ඇති බවත්  ඔහු SBS පුවත් සේවයට සඳහන් කළේය.

"මෙම තාවකාලික වීසා බලපත්‍ර සමඟ රැකියා ස්ථානයේ සිටින සංක්‍රමණික සේවකයින්ට සැබවින්ම දුෂ්කර තත්වයන් ඇතිවී ඇති බව අපි දැක තිබෙනවා. නමුත් ස්ථිරවම තාවකාලික වීම විශාල මානසික හානියක්. ඔස්ට්‍රේලියාවේ ස්ථිර ලෙස පදිංචි වීමේ අවස්ථාවකින් තොරව එක් තාවකාලික වීසා බලපත්‍රයකින් තවත් තාවකාලික වීසා බලපත්‍රයකට මාරු වීමට සිදුවීම විශාල මානසික පීඩනයක් ගෙන දෙනවා." යනුවෙන් සංක්‍රමණික සේවක මධ්‍යස්ථානයේ ප්‍රධාන විධායක Matt Kunkel වැඩිදුරටත් පැහැදිලි කළා.


ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය:  

SBS සිංහල Facebook පිටුව: 

SBS Radio App:  හෝ  වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.


කොවිඩ් නිසා ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමට අවස්ථාවක්

ලෝකය පුරා පුළුල්ව පැතිරී ඇති සංචාරක තහනම සහ ඔස්ට්‍රේලියානු දේශසීමා වසා දැමීම හේතුවෙන් COVID-19 වසංගතයේ ආරම්භයේ සිට ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයින් තියුනු ලෙස පහත වැටී ඇත.

නමුත් එය මේ වසරේ ආපසු පැරණි මට්ටමට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
කොවිඩ් වසංගතය හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ වැඩසටහනට වසර දෙකක බාධා වීම ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමට අවස්ථාවක් සලසන බව මානව හිමිකම් පිළිබඳ නීති මධ්‍යස්ථානයේ නීති අධ්‍යක්ෂ David Burke පැවසීය.

"ඔස්ට්‍රේලියාවේ වෙසෙන සංක්‍රමණිකයින්ට සහ සරණාගතයින්ට ස්ථාවර අනාගතයක් ඇති කිරීමට ඉඩ දීමෙන් මෙම ක්‍රමය ඔස්ට්‍රේලියානු ප්‍රජාවේ වටිනාකම් පිළිබිඹු කරන බවට සහතික කිරීමට ඔස්ට්‍රේලියානු දේශපාලන නායකයින් පියවර ගත යුතුය," යනුවෙන්ද ඔහු පැවසීය.





Share
Published 3 February 2022 12:25pm
Updated 12 August 2022 2:54pm
By Emma Brancatisano, Claire Slattery, Madhura Seneviratne
Source: SBS News


Share this with family and friends