වික්ටෝරියා Skilled Migration වැඩසටහනට අලුතින් වෘත්තීන් කිහිපයක් එක් කරයි (SBS සිංහල/ වාර්තා)

වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ උපදේශනයෙන් අනතුරුව මෙම තීරණය ගත් බව වික්ටෝරියා ප්‍රාන්ත ආගමන කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව පවසයි.

Australian Visa

Source: Getty Images

වික්ටෝරියා ප්‍රාන්තයේ Skilled Migration වැඩසටහනට තවත් වෘත්තීන් කිහිපයක්ම එකතු කර තිබේ.

මෙම සියලුම වෘත්තීන් සෞඛ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ වීම විශේෂත්වයකි.


Highlights

  • වික්ටෝරියා Skilled Migration වැඩසටහනේ සෞඛ්‍ය අංශය යටතට තවත් අලුත් වෘත්තීන් 8 ක් එකතු කර තිබේ.
  • ඉන් 7 ක්ම වික්ටෝරියා 190 වීසාවලට සහ 491 වීසාවලට අදාළ වේ.
  • ඉතිරි වෘත්තීය වික්ටෝරියා 491 වීසාවලට පමණක් අදාළ වේ.

වික්ටෝරියා Skilled Migration වැඩසටහනට එකතුවූ නව වෘත්තීන්

වික්ටෝරියා Skilled Migration වැඩසටහන Target Sectors අටක් යටතේ ක්‍රියාත්මක වේ.

එයින් Health හෙවත් සෞඛ්‍ය අංශය යටතේ තවත් අලුත් වෘත්තීන් 8 ක් එකතු කිරීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය පියවර ගෙන තිබේ.


 

මෙම ලිපිය SBS සිංහල සේවය මඟින් සම්පාදනය කරන ලද ලිපියකි. මෙහි ඇති තොරතුරු ලබා ගැනීමේදී හෝ පිටපත්  කරගැනීමේදී SBS සිංහල සේවය වෙතින් උපුටා ගත් බවට සඳහන් කිරීම මඟින් කර්තෘ හිමිකාරීත්වය ලබාදීමට කාරුණික වන්න.


 

වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ උපදේශනයෙන් අනතුරුව මෙම තීරණය ගත් බව වික්ටෝරියා ප්‍රාන්ත ආගමන කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව පහත වෘත්තීන් වික්ටෝරියා Skilled Migration වැඩසටහනේ Health හෙවත් සෞඛ්‍ය අංශය යටතට 2022 ජනවාරි 21 දින සිට එකතු කර ඇත.

  1. Occupational Therapists - 252411
  2. Social Workers - 272511
  3. Clinical Psychologists - 272311
  4. Psychologists (NEC) - 272399
  5. Hospital Pharmacists - 251511
  6. Physiotherapists - 252511
  7. Medical Laboratory Scientists - 234611
  8. Enrolled Nurse – 411411
News
Source: Getty Images/Westend61

190 හා 491 වීසා සඳහා එම වෘත්තීන් බෙදී යන අයුරු

වික්ටෝරියා Skilled Migration වැඩසටහන යටතේ 190 හා 491 වීසා නිකුත් කෙරේ.

190 වීසා යනු ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සෘජුවම ගෙන දෙන වීසා බලපත්‍රයකි.
491 වීසා යනු ඔස්ට්‍රේලියාවේ පූර්ණ කාලීනව රැකියා කිරීමට වසර 5 කට ලැබෙන වීසා බලපත්‍රයකි.

491 හරහා ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබා ගැනීමට නම් ඔබ ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්තයේ ප්‍රාදේශීය කලාපයක වාසය කරමින් ප්‍රාදේශීය කලාපයක පූර්ණ කාලීනව රැකියා කළ යුතුවේ.

කෙසේවෙතත් වික්ටෝරියා ප්‍රාන්තයේ Health හෙවත් සෞඛ්‍ය අංශය යටතට අලුතින් එක් කළ ඉහත වෘත්තීන් අටෙන් 7 ක් 190 වීසාවලට සහ 491 වීසාවලට අදාළ වන අතර එක් වෘත්තියක් 491 වීසාවලට පමණක් අදාළ වේ.


ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය:  

SBS සිංහල Facebook පිටුව: 

SBS Radio App:  හෝ  වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.


190 වීසාවලට සහ 491 වීසාවලට අදාළ වන අලුත් වෘත්තීන්

  1. Occupational Therapists - 252411
  2. Social Workers - 272511
  3. Clinical Psychologists - 272311
  4. Psychologists (NEC) - 272399
  5. Hospital Pharmacists - 251511
  6. Physiotherapists - 252511
  7. Medical Laboratory Scientists - 234611

491 වීසාවලට පමණක් අදාළ වන වෘත්තිය

  1. Enrolled Nurse - 411411 (ප්‍රාදේශීය කලාපවල public aged care මධ්‍යස්ථානවල පමණි)




Share
Published 27 January 2022 1:04pm
By Madhura Seneviratne

Share this with family and friends