ඔස්ට්‍රේලියාවේ PR සහ රැකියා වීසා ගත හැකි ACT Critical Skills ලැයිස්තුව 2022 වසරේ අලුත් වෙයි (SBS සිංහල/වාර්තා)

වර්තමානයේ ACT සඳහා ඇති රැකියා ඉල්ලුම හඳුනාගනිමින් මෙම ACT Critical Skills ලැයිස්තුව සකස් කර තිබෙන බව ACT ආගමන කටයුතු දෙපාර්තමේන්තුව පවසයි.

Victoria 190 & 490 Visa invitation February round update

Victoria 190 & 490 Visa invitation February round update Source: AAP

Australian Capital Territory හි නිපුණතා සංක්‍රමණික වැඩසටහනේ ACT Critical Skills ලැයිස්තුව 2022 වසර සඳහා පළමු වරට යාවත්කාලීන කර තිබේ.

එම ලැයිස්තුව ACT විසින් නිකුත් කරන 190 හා 491 වීසා සඳහා අදාළ වේ.


Highlights

  • 2022 වසර සඳහා මෙම ACT Critical Skills ලැයිස්තුව පසුගිය ජනවාරි 12 වන දින යාවත්කාලීන කෙරුණි.
  • සෑම සිව් මසකට වරක්ම මෙම ACT Critical Skills ලැයිස්තුව සමාලෝචනය කර යාවත්කාලීන කරනු ලැබේ.
  • මෙම ලැයිස්තුව ACT විසින් නිකුත් කරන 190 හා 491 වීසා සඳහා අදාළ වේ.

ACT Critical Skills ලැයිස්තුව

සෑම සිව් මසකට වරක්ම මෙම ACT Critical Skills ලැයිස්තුව සමාලෝචනය කර යාවත්කාලීන කරනු ලැබේ.

මෙය අවසන් වරට යාවත්කාලීන කරනු ලැබුවේ 2021 වසරේ සැප්තැම්බර් මාසයේදීය.


 

මෙම ලිපිය SBS සිංහල සේවය මඟින් සම්පාදනය කරන ලද ලිපියකි. මෙහි ඇති තොරතුරු ලබා ගැනීමේදී හෝ පිටපත්  කරගැනීමේදී SBS සිංහල සේවය වෙතින් උපුටා ගත් බවට සඳහන් කිරීම මඟින් කර්තෘ හිමිකාරීත්වය ලබාදීමට කාරුණික වන්න.


 

වර්තමානයේ ACT සඳහා ඇති රැකියා ඉල්ලුම හඳුනාගනිමින් මෙම ACT Critical Skills ලැයිස්තුව සකස් කර තිබෙන බව ACT ආගමන කටයුතු දෙපාර්තමේන්තුව පවසයි.

ACT හි නිපුණතා සංක්‍රමණික වැඩසටහන මේ වන විට ක්‍රියාත්මක වන්නේ Canberra Matrix ලකුණු ක්‍රමයක් මත පදනම් වෙමිනි.

ඒ අනුව ඔබ අයදුම්කරන රැකියාව/ වෘත්තීය හෝ ඔබට දැනට ACT හි නිරතව සිටින රැකියාව/ වෘත්තීය හෝ ACT Critical Skills ලැයිස්තුවේ ඇත්නම් Canberra Matrix ලකුණු ක්‍රමයේදී ඔබට ලකුණු ලැබෙනු ඇත.

මෙම ලැයිස්තුවේ ඇති රැකියා සඳහා වූ කෝටාව ඒ ඒ රැකියාවේ ඉල්ලුම මත ACT ආගමන කටයුතු දෙපාර්තම්න්තුව විසින් සීමා කරනු ලැබේ.

අදාළ රැකියාවේ මාසික කෝටාව පිරුණු පසුව එම රැකියා සඳහා අදාළ EOI වලට ආරාධනා පත්‍ර නිකුත් නොකෙරෙන බවද ඔවුහු පවසති.
skilled migrants
Source: Getty

යාවත්කාලීන කෙරුණු නවතම ACT Critical Skills ලැයිස්තුව

2022 වසර සඳහා මෙම ACT Critical Skills ලැයිස්තුව පසුගිය ජනවාරි 12 වන දින යාවත්කාලීන කෙරුණු අතර එදින සිට එය ක්‍රියාත්මක වේ.

එලෙස යාවත් කාලීන කෙරුණු ACT Critical Skills ලැයිස්තුව


 

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය:  

SBS සිංහල Facebook පිටුව: 

SBS Radio App:  හෝ  වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.



Share
Published 25 January 2022 7:47pm
By Madhura Seneviratne

Share this with family and friends