ඔස්ට්‍රේලියාවේ තාවකාලික සංක්‍රමණ වීසා කිහිපයකටම තවත් සහන රැසක් (SBS සිංහල/ වාර්තා)

කොවිඩ් වසංගතය නිසා ජාත්‍යන්තර සංචාරක තහනම් හා සීමාවන්ට මුහුණ දුන් ඔස්ට්‍රේලියාවේ Skilled Regional Provisional වීසා ලාභීන්ගේ වීසා බලපත්‍ර වසර 3 කින් දීර්ග කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය තීරණය කර තිබේ.

Red Cross emergency relief and casework support for temporary visa holders

Source: AAP

ඔස්ට්‍රේලියාවේ තාවකාලික සංක්‍රමණ වීසා සඳහා වැඩි නම්‍යශීලී විධි විධාන කිහිපයක් පසුගියදා ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය ප්‍රකාශයට පත් කළේය.

මේ පිළිබඳ නිල නිවේදනයක් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ආගමන කටයුතු පිළිබඳ අමාත්‍ය Alex Hawke විසින් නිකුත් කර තිබේ.


Highlights

  • Skilled Regional Provisional වීසා ලාභීන්ගේ වීසා බලපත්‍ර වසර 3 කින් දීර්ග කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය තීරණය කර තිබේ.
  • මෙම තීරණය ඔස්ට්‍රේලියාවේ 489, 491 සහ 494 යන වීසා උප ඛාණ්ඩවලට බලපානු ඇත.
  • වලංගු 485 වීසා බලපත්‍රයක් දරමින් සිටියදී 2020 පෙබරවාරි 1 සහ 2021 දෙසැම්බර් 14 අතර ඕනෑම කාලයක ඔස්ට්‍රේලියාවෙන් පිටත සිටි උපාධිධාරීන් සඳහා ද වීසා දීර්ග කෙරේ.

Skilled Regional Provisional වීසා ලාභීන්

කොවිඩ් වසංගතය නිසා ජාත්‍යන්තර සංචාරක තහනම් හා සීමාවන්ට මුහුණ දුන් ඔස්ට්‍රේලියාවේ Skilled Regional Provisional වීසා ලාභීන්ගේ වීසා බලපත්‍ර වසර 3 කින් දීර්ග කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය තීරණය කර තිබේ.

මෙම තීරණය ඔස්ට්‍රේලියාවේ ඉතා ජනප්‍රිය Skilled Regional Provisional වීසා වර්ග ත්‍රිත්වයක් වන 489, 491 සහ 494 යන වීසා උප ඛාණ්ඩවලට බලපානු ඇත.


 

මෙම ලිපිය SBS සිංහල සේවය මඟින් සම්පාදනය කරන ලද ලිපියකි. මෙහි ඇති තොරතුරු ලබා ගැනීමේදී හෝ පිටපත්  කරගැනීමේදී SBS සිංහල සේවය වෙතින් උපුටා ගත් බවට සඳහන් කිරීම මඟින් කර්තෘ හිමිකාරීත්වය ලබාදීමට කාරුණික වන්න.


 

ඒ අනුව මෙම තීරණය එම වීසා ඛාණ්ඩවල සිටින 10,000 ක් පමණ වූ පුහුණු ශ්‍රමිකයින්ට විශාල සහනයක් ගෙන දෙනු ඇත.

මෙම සහනය නිසා අදාළ වීසා ඛාණ්ඩවල සිටින වීසා ලාභීන්ට ඔස්ට්‍රේලියාවට පැමිණීමට සහ ප්‍රාදේශීය කලාපවල රැකියා ආරම්භ කිරීමට ප්‍රමාණවත් අමතර කාලයක් ලබා දෙනු ඇත.
489, 491 සහ 494 යන වීසා උප ඛාණ්ඩ ත්‍රිත්වයම ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය කලාප වෙත පමණක් යොමු කෙරුණු පූර්ණ කාලීන රැකියා වීසා වේ.

ඒ අනුව අදාළ වීසා හිමියන් ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය කලාපයක යම් කාලයක් පූර්ණ කාලීනව රැකියා කරමින් එම කලාපයේම වාසය කළ යුතුවේ.

ඉන් අනතුරුව ඔවුන්ට ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා අයදුම් කිරීමට අවස්ථාව සැලසේ.
Minister for Immigration Alex Hawke during Question Time in the House of Representatives at Parliament House in Canberra, Wednesday, March 24, 2021. (AAP Image/Mick Tsikas) NO ARCHIVING
Minister for Immigration Alex Hawke. Source: AAP

Temporary Graduate වීසා සඳහාත් සහන

වත්මන් සහ මීට පෙර 485 හෙවත් Temporary Graduate වීසා ලබා තිබූ පුද්ගලයින්ට පෙබරවාරි 18 සිට ඔස්ට්‍රේලියාවට යළි ඇතුළුවීමට මධ්‍යම රජය අවසර ලබා දී තිබේ.

එසේ ඇතුළුවී ඔවුන්ට ඔස්ට්‍රේලියාවේ තව දුරටත් රැදී සිටීම සඳහා යළි 485 වීසා බලපත්‍රයකට අයදුම් කිරීමට අවස්ථාව උදා වේ.

වලංගු 485 වීසා බලපත්‍රයක් දරමින් සිටියදී 2020 පෙබරවාරි 1 සහ 2021 දෙසැම්බර් 14 අතර ඕනෑම කාලයක ඔස්ට්‍රේලියාවෙන් පිටත සිටි උපාධිධාරීන් සඳහා මෙලෙස වීසා දීර්ග කෙරේ.
ඒ අනුව මෙම දීර්ග කිරීම 2022 පෙබරවාරි 18 දින සිට බලපැවැත්වෙන අතර අදාළ වීසා බලපත්‍රලාභීන්ට ඔවුන්ගේ වීසා බලපත්‍රය දීර්ග කිරීම පිළිබඳව ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව විසින් සෘජුවම දැනුම් දෙනු ලැබේ.

Temporary Graduate වීසා ලාභීන් හැකි ඉක්මනින් ඔස්ට්‍රේලියාවට ආපසු ගෙන්වා ගැනීමට මෙම වෙනස්කම් නිසා හැකියාව ලැබේ.

ඔස්ට්‍රේලියාවේ මේ වන විට ඇතිවී ඇති ශ්‍රම හිඟය සඳහා ද මෙය යම් පිටිවහලක් සපයනු ඇතැයි ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විශ්වාස කරයි.


 

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය:  

SBS සිංහල Facebook පිටුව: 

SBS Radio App:  හෝ  වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.



Share
Published 21 January 2022 10:57am
By Madhura Seneviratne

Share this with family and friends