ඔස්ට්‍රේලියාවේ සියලුම ජාත්‍යන්තර සිසුන්ට රැකියා කිරීමේ පැය 20 සීමාව ඉවත් කෙරේ (SBS සිංහල/ වාර්තා)

දැනට ඔස්ට්‍රේලියාව තුළ සිටින සියලුම ජාත්‍යන්තර සිසුන්ට මෙන්ම ඔවුන්ගේ පාඨමාලාව ආරම්භ කිරීමට පෙර රැකියාවක් ආරම්භ කරන නවක සිසුන් සඳහා රැකියා කිරීමේදී සතියකට පැය 20 සීමාව ඉවත් කර තිබේ.

International students in Australia

Source: AAP

ඔස්ට්‍රේලියාවේ දැනට ඇතිවී ඇති ශ්‍රම හිඟය පියවීම උදෙසා ජාත්‍යන්තර සිසුන්ට සහ Working Holiday වීසා ලාභීන්ට සහන කිහිපයක්ම ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය ප්‍රකාශයට පත් කර තිබේ.

මේ පිළිබඳ ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ආගමන කටයුතු පිළිබඳ අමාත්‍ය Alex Hawke ඊයේ (19/01) විශේෂ නිවේදනයක්ද නිකුත් කළේය.


Highlights

  • දැනට ඔස්ට්‍රේලියාවෙන් පිටත සිටින සහ ඉදිරි සති 8 තුළ ඔස්ට්‍රේලියාවට පැමිණෙන ඕනෑම ශිෂ්‍ය වීසා බලපත්‍රලාභියෙකුට ඔවුන්ගේ වීසා ගාස්තුව ආපසු ගෙවීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය තීරණය කර ඇත.
  • දැනට ඔස්ට්‍රේලියාවෙන් පිටත සිටින සහ ඉදිරි සති 12 තුළ ඔස්ට්‍රේලියාවට පැමිණෙන Working Holiday වීසා ලාභීන්ට ද ඔවුන්ගේ වීසා ගාස්තුව ආපසු ගෙවීමට තීරණය කර තිබේ.
  • දැනට ඔස්ට්‍රේලියාව තුළ සිටින සියලුම ජාත්‍යන්තර සිසුන්ට මෙන්ම ඔවුන්ගේ පාඨමාලාව ආරම්භ කිරීමට පෙර රැකියාවක් ආරම්භ කරන නවක සිසුන් සඳහා රැකියා කිරීමේදී සතියකට පැය 20 සීමාව ඉවත් කර තිබේ.

වීසා අයදුම්පත් ගාස්තු ආපසු ගෙවීම

දැනට ඔස්ට්‍රේලියාවෙන් පිටත සිටින සහ ඉදිරි සති 12 තුළ ඔස්ට්‍රේලියාවට පැමිණෙන Working Holiday වීසා ලාභීන්ට ඔවුන්ගේ වීසා අයදුම් කිරීමේ ගාස්තුව ආපසු ගෙවීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය එකඟ වී තිබේ.

එමෙන්ම දැනට ඔස්ට්‍රේලියාවෙන් පිටත සිටින සහ ඉදිරි සති 8 තුළ ඔස්ට්‍රේලියාවට පැමිණෙන ඕනෑම ශිෂ්‍ය වීසා බලපත්‍රලාභියෙකුට ඔවුන්ගේ වීසා අයදුම් කිරීමේ ගාස්තුව ආපසු ගෙවීමට ද මධ්‍යම රජය පොරොන්දු වී ඇත.


මෙම ලිපිය SBS සිංහල සේවය මඟින් සම්පාදනය කරන ලද ලිපියකි. මෙහි ඇති තොරතුරු ලබා ගැනීමේදී හෝ පිටපත්  කරගැනීමේදී SBS සිංහල සේවය වෙතින් උපුටා ගත් බවට සඳහන් කිරීම මඟින් කර්තෘ හිමිකාරීත්වය ලබාදීමට කාරුණික වන්න.


ජාත්‍යන්තර ශිෂ්‍යයෙකු සඳහා වර්තමාන ශිෂ්‍ය වීසා ගාස්තුව $630 ක් වන අතර Working Holiday වීසා ගාස්තුව $495 කි.

මෙම වෙනස්කම් නව වීසා අයදුම්පත් සඳහාද අදාළ වනු ඇති අතර එම අයදුම්පත් ඉක්මනින් සලකා බලනු ඇත.

මේ වන විට ඔස්ට්‍රේලියාවේ විවිධ ක්ෂේත්‍රවල ඇතිවී ඇති ශ්‍රම හිඟයට පිළියමක් වශයෙන් මෙම සහන අදාළ වීසා හිමියන්ට ලබා දීමට තීරණය කළ බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය පවසයි.

ජාත්‍යන්තර සිසුන්ට රැකියා කිරීමට වැඩි අවසරයක්

කොවිඩ් වසංගතය හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ තීරණාත්මක ක්ෂේත්‍ර කිහිපයකම රැකියා කරන ජාත්‍යන්තර සිසුන්ට සතියකට පැය 20 කට වඩා රැකියා කිරීමට මීට පෙර සිටම ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය අවසර ලබා දුන්නේය.

කෙසේවෙතත්, වර්තමාන ශ්‍රම බලකායේ හිඟය හේතුවෙන් ඔස්ට්‍රේලියානු ආර්ථිකයේ සෑම අංශයකම ශිෂ්‍ය වීසා බලපත්‍රලාභීන්ගේ රැකියා කරන පැය ගණනේ සීමාව ඉවත් කරමින් මධ්‍යම රජය මෙම විධිවිධානය තාවකාලිකව දීර්ඝ කර තිබේ.
මෙම පියවර දැනට ඔස්ට්‍රේලියාව තුළ සිටින සියලුම ජාත්‍යන්තර සිසුන්ට මෙන්ම ඔවුන්ගේ පාඨමාලාව ආරම්භ කිරීමට පෙර රැකියාවක් ආරම්භ කරන නවක සිසුන් සඳහා ද වහාම ක්‍රියාත්මක වේ.

මෙම සංශෝධනය secondary Student visa holders හෙවත් ද්විතීයික ශිෂ්‍ය වීසා බලපත්‍රලාභීන්ට ද අදාළ වේ.

2022 අප්‍රේල් මාසයේදී මෙම තීරණය පිළිබඳ සමලෝචනය කෙරේ.
Treasurer Josh Frydenberg and Prime Minister Scott Morrison
Treasurer Josh Frydenberg and Prime Minister Scott Morrison Source: AAP

Working Holiday වීසා හිමියන්ටත් වැඩි අවස්ථාවක්

වහාම ක්‍රියාත්මක වන පරිදි 2022 වසර අවසානය දක්වා Working Holiday වීසා හිමියන්ට එකම සේවා යෝජකයා (employer) සඳහා රැකියා කළ හැකි කාල සීමාවේ සීමාවක් නොමැති බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ආගමන කටයුතු පිළිබඳ අමාත්‍ය Alex Hawke පවසයි.


ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය:  

SBS සිංහල Facebook පිටුව: 

SBS Radio App:  හෝ  වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.


ඉහත ක්‍රියාමාර්ග තාවකාලික වන අතර දැනට තීරනාත්මක ශ්‍රම බලකායේ හිඟයකට මුහුණ දී සිටින ඔස්ට්‍රේලියානු ව්‍යාපාරවලට ජනතාව වෙත භාණ්ඩ හා සේවා අඛණ්ඩව බෙදා හැරීමට හැකි වන පරිදි ක්ෂණික ආධාර සැපයීමට මේ හරහා සැලසුම් කෙරේ.

මේ වන විට ජාත්‍යන්තර සිසුන් 150,000 ක්ද Working Holiday වීසා හිමියන් 23,500 ක් ද ඔස්ට්‍රේලියාවෙන් පිටත සිටින බව සඳහන්.

Share
Published 20 January 2022 12:28pm
Updated 12 August 2022 2:54pm
By Tom Stayner, Madhura Seneviratne
Source: SBS News


Share this with family and friends