2022 වසරේ ඔස්ට්‍රේලියානු වීසා සංශෝධන සහ සංක්‍රමණිකයින්ට ඇති අවස්ථා (SBS සිංහල/ වාර්තා)

මෙල්බර්න්, සිඩ්නි, බ්‍රිස්බේන් වැනි ඉතා ජනාකීර්ණ නගරවල සිට අයදුම් කරනවාට වඩා විවිධ ප්‍රාදේශීය කලාපවල සිට ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා අයදුම් කිරීමට විවිධ මාර්ග රජය විසින් නිර්මාණය කර තිබේ.

Artwork of man with suitcase and immigration stamp

The policy changes have been made to streamline the migration programs, especially for the visa holders that have priority skill shortages in Australia. Source: SBS News

කොවිඩ් වසංගතය හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ දේශ සීමා වසර දෙකකට ආසන්න කාලයක් වසා දමා තිබීම නිසා ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයින් සංඛ්‍යාව විශාල වශයෙන් පහත බැස තිබුණි.

නමුත් පසුගිය දෙසැම්බර් 15 සිට ඇතැම් වීසා බලපත්‍ර ලාභීන්ට ඔස්ට්‍රේලියාවට පැමිණීමට අවසර ලබාදීම මත යළි ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයින් සංඛ්‍යාව ඉහළ යනු ඇතැයි ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය අපේක්ෂා කරයි.


 

මෙම ලිපිය SBS සිංහල සේවය මඟින් සම්පාදනය කරන ලද ලිපියකි. මෙහි ඇති තොරතුරු ලබා ගැනීමේදී හෝ පිටපත්  කරගැනීමේදී SBS සිංහල සේවය වෙතින් උපුටා ගත් බවට සඳහන් කිරීම මඟින් කර්තෘ හිමිකාරීත්වය ලබාදීමට කාරුණික වන්න.


 

ඔස්ට්‍රේලියානු වීසා හා සම්බන්ධ විවිධ සංශෝධන පසුගිය වසරේ අග භාගයේදී නිවේදනය කෙරුණු අතර ඒවා 2022 වසරේදී බලපාන අයුරු පිළිබඳ මෙම ලිපියෙන් ඉදිරිපත් කෙරේ.


Highlights

  • ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබා ගැනීමට ප්‍රාදේශීය කලාපවල සිට දැන් වඩාත් පහසුවේ.
  • 491, 494 සහ 190 යන වීසා සඳහා අයදුම් කිරීමේදී 'Section 48 bar' අදාළ වන තාවකාලික වීසා හිමියන්ට දැන් ඔස්ට්‍රේලියාව තුළ සිටම එම වීසා සඳහා අයදුම් කළ හැකිය.
  • ඔස්ට්‍රේලියානු දේශ සීමා වසා දැමීම හේතුවෙන් ඔස්ට්‍රේලියාවට පැමිණීමට නොහැකිවූ 485 වීසා හිමියන්ට replacement වීසා බලපත්‍රයක් සඳහා අයදුම් කිරීමට අවසර ලබා දී තිබේ.

මේ වන විට ඔස්ට්‍රේලියාවට ඇතුළු විය හැකි වීසා බලපත්‍රලාභීන්

2021 දෙසැම්බර් 15 සිට ජාත්‍යන්තර සිසුන්ට සහ ඇතැම් skilled වීසා ලාභීන්ට මේ වන විට ඔස්ට්‍රේලියාවට ඇතුළු විය හැකිය.

ඊට අමතරව ඔස්ට්‍රේලියානු පුරවැසියන්ට, ස්ථිර පදිංචිය හිමි අයට සහ ඔවුන්ගේ සමීපතම පවුලේ සාමාජිකයින්ට මේ වන විට ඔස්ට්‍රේලියාවට ඇතුළු විය හැකිවේ.
Australian visas on a passport
Source: Getty Images/Rhisang Alfarid

තාවකාලික වීසා හිමියන්ට වැඩි අවස්ථා

කොවිඩ් වසංගතය හේතුවෙන් විදෙස් රටවලින් ඔස්ට්‍රේලියාවට සංක්‍රමණිකයින් නොපැමිණීම නිසා ඔස්ට්‍රේලියාවේ සිටින තාවකාලික වීසා හිමියන්ට ස්ථිර වීසා ලබාගැනීමට වැඩි අවස්ථාවක් ඇති බව සංක්‍රමණ නීතිඥයෙක් වන Ben Watt පැවසීය.

2021-22 මුල්‍ය වර්ෂය සඳහා ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ කෝටාව 160,000 ක් ලෙස නිවේදනය කෙරුණු අතර එයින් 79,600 ක් Skill stream යටතේ Skilled වීසා ලාභීන්ටද   77,300 Family වීසා සඳහාද 100 ක් විශේෂ සුදුසුකම්ලාභීන් සඳහාද 3,000 ක් ළමුන් සඳහා ද වෙන් කර ඇත.
එනිසාම ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයට මෙම කෝටාව පුරවා ගැනීමට අවශ්‍යව ඇති බැවින් තාවකාලික වීසා හිමියන්ගේ ඇතැම් වීසා දිගු කිරීමට අවස්ථාව ලබා දීම ඇතුළු ස්ථිර වීසා ලබාගැනීමට නොයෙක් මාර්ග සකසා දීමට මධ්‍යම රජය පියවර ගෙන ඇති බව සංක්‍රමණ නීතිඥ Ben Watt පැවසීය.


ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය:  

SBS සිංහල Facebook පිටුව: 

SBS Radio App:  හෝ  වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.


සෞඛ්‍ය සහ hospitality ක්ෂේත්‍රවල පුහුණු සංක්‍රමණිකයන් සඳහා ස්ථිර පදිංචිය

පසුගිය නොවැම්බර් මාසයේදී ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය සිය ආර්ථිකය ගොඩනැංවීමේ කොටසක් ලෙස තීරණාත්මක වෘත්තීය ක්ෂේත්‍රවල ඉහළ නිපුණතා සහිත සංක්‍රමණිකයින් ඔස්ට්‍රේලියාවේ රඳවා තබා ගැනීම සඳහා සැලකිය යුතු වීසා වෙනස්කම් ප්‍රකාශයට පත් කළේය.

එම වෙනස්කම් යටතේ කොවිඩ් වසංගතය අතරතුර ඔස්ට්‍රේලියාවේ රැඳී සිටීමට සහ රැකියා කිරීමට තෝරාගෙන ඇති ඇතැම් සංක්‍රමණිකයන් ස්ථිර පදිංචිය සඳහා සුදුසුකම් ලබයි.
මෙම වෙනස්කම් මගින් කෙටි කාලීන ධාරාවේ දැනට පවතින Temporary Skill Shortage (subclass 482) වීසා දරන්නන්ට ප්‍රතිලාභ ලැබිය හැකි අතර, ඔවුන්ට එවැනි මාර්ගයක් මීට පෙර නොමැති වූ අතර වීසා කාලයද වසර දෙකකින් නිමා විය.

දැනට අත්හිටුවා ඇති Temporary Work Skilled (subclass 457) වීසා දරන්නන්ට ද ප්‍රතිලාභ ලැබිය හැකිය.
Western Australia announced 2022-23 Migration Program changes with the new Occupation List
Large Group of Diverse People with Different Occupations Source: Getty Images

ප්‍රාදේශීය කලාපවල පුහුණු සංක්‍රමණිකයන් සඳහා ස්ථිර පදිංචිය

ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබා ගැනීමට ප්‍රාදේශීය කලාපවල සිට දැන් වඩාත් පහසුවේ.

මෙල්බර්න්, සිඩ්නි, බ්‍රිස්බේන් වැනි ඉතා ජනාකීර්ණ නගරවල සිට අයදුම් කරනවාට වඩා විවිධ ප්‍රාදේශීය කලාපවල සිට ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා අයදුම් කිරීමට විවිධ මාර්ග රජය විසින් නිර්මාණය කර තිබේ.

ඒ සඳහා 491, 494 වැනි විවිධ රැකියා වීසා ද නිර්මාණය කර තිබේ.
මේ හරහා පූර්ණ කාලීන රැකියා කිරීමට අවසර ලැබෙන අතර වසර 5 ක් දක්වා වීසා කාලයක්ද හිමිවේ.

ඉන් අනතුරුව යම් යම් අවශ්‍යතා සහ කොන්දේසි සපිරීමෙන් ඔවුන්ට 191 වීසා හරහා ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා අයදුම් කළ හැකිය.

මෙම වීසා නිකුත් කිරීම මේ වසරේ නොවැම්බර් 16 වනතෙක් ක්‍රියාත්මක නොවන බව ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව පවසා තිබේ.
Australian border remain closed
The arrivals hall at the International Airport in Brisbane Source: AAP

Skilled වීසා සඳහා 'Section 48 bar' ඉවත් කිරීම

'Section 48 bar' අදාළ වන තාවකාලික වීසා හිමියන් Skilled migration වීසා සඳහා අයදුම් කරන විට ඔස්ට්‍රේලියාවෙන් පිටතට ගොස් අයදුම් කළ යුතුය.

නමුත් පසුගිය නොවැම්බර් 13 සිට Skilled වීසා ඛාණ්ඩ තුනකට පමණක් එම කොන්දේසිය ඉවත් කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය තීරණය කළේය.

ඒ අනුව 491, 494 සහ 190 යන වීසා සඳහා අයදුම් කිරීමේදී 'Section 48 bar' අදාළ වන තාවකාලික වීසා හිමියන්ට දැන් ඔස්ට්‍රේලියාව තුළ සිටම එම වීසා සඳහා අයදුම් කළ හැකිය.

485 වීසා බලපත්‍රලාභීන් සඳහා නව වීසා සැකසුම්

කොවිඩ් වසංගතය නිසා ඔස්ට්‍රේලියානු දේශ සීමා වසා දැමීම හේතුවෙන් ඔස්ට්‍රේලියාවට පැමිණීමට නොහැකිවූ Temporary Graduate හෙවත් 485 වීසා හිමියන්ට replacement හෙවත් ප්‍රතිස්ථාපන වීසා බලපත්‍රයක් සඳහා අයදුම් කිරීමට අවසර ලබා දී තිබේ.

2020 පෙබරවාරි 1 හෝ ඊට පසු වීසා කල් ඉකුත් වූ වත්මන් සහ හිටපු 485 වීසා හිමියන්ට නව වීසා බලපත්‍රයක් සඳහා අයදුම් කිරීමට මෙය ඉඩ සලසයි.

මෑතකදී ඔස්ට්‍රේලියාවේ උපාධිය ලබා ඇති ජාත්‍යන්තර සිසුන්ට ඔස්ට්‍රේලියාවේ නොකඩවා රැකියා කිරීමට ඉඩ දීම අරමුණු කරගත් විශේෂිත වෘත්තීන්හි කුසලතා ඇති අය සඳහා මෙම 485 වීසා බලපත්‍ර පිරිනමනු ලබයි.

මේ අතර ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් Coursework මත පදනම් වූ Masters හෙවත් ශාස්ත්‍රපති උපාධිය හදාරා අවසන් කළ ජාත්‍යන්තර සිසුන් සඳහා වන 485 වීසා කාලය වසර දෙකේ සිට 3 දක්වා දීර්ග කර තිබේ.

ඊට අමතරව වෘත්තීය අධ්‍යාපනය සහ පුහුණු (VET) විෂය ධාරාවන් හදාරා අවසන් කළ ජාත්‍යන්තර සිසුන් සඳහා වන 485 වීසා කාලය වසර එකහමාරේ සිට දෙක දක්වා දීර්ග කර තිබේ.

Share
Published 3 January 2022 12:57pm
Updated 12 August 2022 2:54pm
By Emma Brancatisano, Madhura Seneviratne
Source: SBS News


Share this with family and friends