ඕස්ට්‍රේලියාවේ කුඩා ව්‍යාපාරයක් ඇරඹීමට අත්වැලක් SBS සිංහල වෙතින්

කුඩා ව්‍යාපාරයක් ආරම්භ කිරීම සිත් ඇදගන්නාසුලු නමුත් බොහෝ අභියෝග සඳහා මුහුණ දීමට සිදුවේ. කෙසේ නමුත් මේ හේතුවෙන් මෙම ක්‍රියාවලිය සරලව සහ වඩාත් තෘප්තිමත්ව සිදුකරන්නේ කෙසේද යන්න පිළිබඳව මෙම ලිපිය ඔස්සේ තොරතුරු රැගෙන එයි.

Small business loans have much higher interest rates than a home loan.

Small business loans have much higher interest rates than a home loan. Source: Getty Images

Highlights
  • කුඩා ව්‍යාපාර සඳහා බොහෝ ණය දෙන්නන්, ණය ලබාදීම සිදුකරන අතර ණය ලබාගැනීමට පෙර සැඟවුණු ගාස්තු පිළිබඳව අවබෝධයක් ලබාගෙන අයදුම් කිරීම
  • ඕස්ට්‍රේලියාවේ "පවුල් ව්‍යාපාර" සියලුම ව්‍යාපාරවලින් 70%ක් පමණ වන අතර, ඒ සඳහා ඕස්ට්‍රේලියානු ජනගහනයෙන් අඩකට වඩා සේවය කරයි
  • ඕස්ට්‍රේලියාවේ කුඩා ව්‍යාපාර දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 35කට ආසන්න ප්‍රමාණයක් වන අතර එහි ශ්‍රම බලකායෙන් 44%ක් වේ
නව ව්‍යාපාරයක් ඇරඹීම සඳහා වන සුදුසුකම් පිළිබඳව සොයා බැලීමේ වැදගත්කම

ඕස්ට්‍රේලියාව තුල කුඩා ව්‍යාපාරයක් වශයෙන් සැලකෙන්නේ, පුද්ගලයින් 19 දෙනෙකුට අඩු පිරිසක් සේවය කරන ව්‍යාපාරයක් හෝ සමාගමක් වේ. මෙම බොහෝ ව්‍යාපාර, එම ව්‍යාපාරයේ හිමිකරු මගින් ක්‍රියාත්මක කරන අතර ඒවා sole trader හෙවත් තනි වෙළෙන්දකු මගින්ද ක්‍රියාත්මක වේ.

ඔබ නව ව්‍යාපාරයක් සැලසුම් කිරීමට පෙර, එය ආරම්භ කිරීමට ඔබ සුදුසුකම් ලබන්නේ දැයි සොයා බැලීම වැදගත් වේ. ඕස්ට්‍රේලියානු රජය, බංකොලොත්භාවය ප්‍රකාශ කළ හෝ අපරාධයකට වරදකරු වූ පුද්ගලයන් සඳහා ව්‍යාපාරයක හිමිකාරීත්වය ලබාදීම ප්‍රතික්ෂේප කරයි.

 


මෙම ලිපිය SBS සිංහල සේවය මඟින් සම්පාදනය කරන ලද ලිපියකි. මෙහි ඇති තොරතුරු ලබා ගැනීමේදී හෝ පිටපත් කරගැනීමේදී SBS සිංහල සේවය වෙතින් උපුටා ගත් බවට සඳහන් කිරීම මඟින් කර්තෘ හිමිකාරීත්වය ලබාදීමට කාරුණික වන්න.


 

ඔබට ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අවශ්‍ය වුවහොත් ඒ සඳහා Australian Securities and Investments Commission (ASIC) නොහොත් ඕස්ට්‍රේලියානු සුරැකුම්පත් සහ ආයෝජන කොමිෂන් සභාව සමග ව්‍යාපාරය සඳහා නමක් ලියාපදිංචි කිරීමට අවශ්‍ය වේ.

Bruce Mcfarlaneis, Melbourne හි වෘත්තීය සේවා සමාගමක් වන BlueRock හි ප්‍රධාන විධායක නිලධාරී වශයෙන් කටයුතු කරයි. ඔහුගේ කණ්ඩායම ව්‍යවසායකයින් හට ඔවුන්ගේ මූල්‍ය සහ ගිණුම් පිළිබඳ උපදෙස් සපයන අතර ඔවුන්ගේ ව්‍යාපාර සාර්ථකව ක්‍රියාත්මක කිරීමට ප්‍රායෝගික සහාය ලබා දෙයි.
Bruce සඳහන් කොට සිටින්නේ, ව්‍යාපාරයක් ආරම්භ කිරීමට ඔබට අවශ්‍ය නම් " මගේ ව්‍යාපාරය හරහා මම විසඳා ගැනීමට යන ගැටලුව කුමක්ද?" යන්න වැනි දැඩි ප්‍රශ්න කිහිපයක් ඔබ ඔබෙන්ම අසා ගතයුතු බවයි. එමෙන්ම එම අදහස කලකට පෙර ඔබට තිබුනේ නම් "ඇරඹීමට යන ව්‍යාපාරය ඔස්සේ ප්‍රමාණවත් මුදල් ආකර්ශනයක් ලබා දෙයිද?" යන පැනයද ඇසිය යුතු බව ඔහු පවසයි.

ව්‍යාපාරයක් ඇරඹීමේදී,ව්‍යාපාරයේ දැක්ම කුමක්ද යන්න පිළිබඳව මුලිකව අවධානය යොමු කිරීම අත්‍යාවශ්‍ය වන අතර ඉන් අනතුරුව යම් නීතිමය හෝ වෙනත් අවශ්‍යතා සපුරාලීමට සිදුවන බවද Bruce අවධාරණය කොට සිටී.
 Small business loans are easier to get for established ideas or if you want to open up a franchise.
Small business loans are easier to get for established ideas or if you want to open up a franchise. Source: Getty Images
ව්‍යවසායකයෙකු වශයෙන්,ඔබ ඔබේ අනාගත ගනුදෙනුකරුවන් කවුරුන්ද යන්න සහ ව්‍යාපාරය දියුණු කිරීමට ඔබට අවශ්‍ය සම්පත් මොනවාද යන්න සොයා බැලිය යුතු වේ. මේ සඳහා කාර්යාලයක් කුලියට ගැනීම හෝ කාර්යමණ්ඩලය යෙදවීමද ඇතුලත් වේ.

ව්‍යාපාර ඇරඹීමට පෙර ඒ පිළිබඳව දැනුවත් වීමේ වැදගත්කම

Alexandra Sinclair, සෙරමික් භාණ්ඩ නිර්මාණ සිදු කරන Pot Dispensary ව්‍යාපාරයේ හිමිකරුයි. ඇය මීට වසරකට පමණ පෙර මෙල්බර්න් හි තම ව්‍යාපාරය දියත් කළ අතර ඒ පිළිබඳව පැවති සංකල්පය ඉතා පැහැදිලි වූ නමුත් එය ක්‍රියාත්මක වීමට මාස කිහිපයක් ගත වූ බව ඇය පවසයි.

බොහෝ විට, කුඩා ව්‍යාපාර හිමියන් තම ව්‍යාපාරය දියත් කිරීමේදී සෑම දෙයක්ම තමන් විසින්ම කිරීමට උත්සාහ කරයි. මේ හේතුවෙන් ඔවුන් අරගල කරන අතර තම ව්‍යාපාරය නියමිත වේලාවට විවෘත වන බවට වග බලා ගැනීම සඳහා මූල්‍ය සහ සැපයුම් ආධාර ලබා ගත යුත්තේ කෙසේද සහ කොතැනින්ද යන්න පිළිබඳව දැනුමක් තිබීම වැදගත් බව Alexandra පවසයි.

එමෙන්ම ඇය පෙන්වා දෙන්නේ New Enterprise Incentive Scheme (NEIS) නොහොත් නව ව්‍යවසාය දිරිගැන්වීමේ යෝජනා ක්‍රමයේ පාඨමාලා හරහා තමන් බොහෝ තොරතුරු සහ සහාය ලබාගත් අතර ඒ ඔස්සේ ව්‍යාපාර හිමිකාරිත්වය සම්බන්ධයෙන් අවශ්‍ය මූල්‍ය තත්ත්ව පිළිබඳව අවබෝධයක් ලැබුණු බවයි.

මේ හේතුවෙන් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අවශ්‍ය නම් අවම වශයෙන් මෙවැනි පාඨමාලාවක් පවත්වාගෙන යන අයකු සමග කතා කිරීම තමන් නිර්දේශ කරන බව Alexandra පවසයි.
Businesses that are operated with a sole trader and there's very little requirements around what you need to do
Source: Getty Images
ඕස්ට්‍රේලියාව තුල සෑම ව්‍යාපාර හිමිකරුවෙකුම අවනත විය යුතු සහ සියලුම ව්‍යාපාර ආවරණය වන නීති මාලාවක් පවතී. මෙම නීති වලට අනුගත වීම අභියෝගාත්මක විය හැකි නමුත්, නීතිඥයෙකුගේ සහාය ලබා ගැනීම ඉතා ප්‍රයෝජනවත් විය හැක.
Allied Legal හි අධ්‍යක්ෂ Rahul Kumar පවසන්නේ මේ දිනවල ව්‍යාපාර සම්බන්ධයෙන් පවතින බොහෝ ආරම්භක සහ නවෝත්පාදන අදහස් "තාක්‍ෂණය" පදනම් කරගත් ඒවා වන බවයි.

කෙසේ නමුත් ව්‍යාපාරය සම්බන්ධයෙන් වන සියලුම තොරතුරු ඔවුන් සතුව තිබුණද, ව්‍යාපාරය ආරම්භ කිරීමට අවශ්‍ය තාක්‍ෂණය ගොඩනැගීමට ඔවුන්ට හැකියාවක් නොතිබිය හැකි බව ඔහු පෙන්වා දෙයි. එමෙන්ම ඔහු පෙන්වා දෙන්නේ ව්‍යාපාරයක් ආරම්භ කිරීම සම්බන්ධයෙන් බොහෝ දේ රඳා පවතින්නේ එම ව්‍යාපාරය සතු සංකීර්ණත්වය මතද වන බවයි.
About 34% small businesses in Australia are owned by women.
Source: Getty Images
කුඩා ව්‍යාපාර සඳහා වන ණය

කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර හිමියන්ගෙන් බොහෝමයක් තම ව්‍යාපාරය සිදුකරගෙන යාම සඳහා ණයක් ලබා ගැනීම සිදුකරයි. නමුත් ව්‍යාපාරයේ නිශ්චිත අවශ්‍යතා තේරුම් ගන්නා ණය ලබා දෙන්නෙකු සොයා ගැනීම බොහෝ විට අභියෝගාත්මක වේ.

 


ඕස්ට්‍රේලියාවේ ජීවත්වීමේදී සංක්‍රමනිකයෙකු ලෙසට ඔබ දැනගත යුතු වැදගත් අංශ පිළිබඳව ඔබ වෙත තොරතුරු ගෙන එන SBS සිංහල සේවයේ "Settlement Guide" සතිපතා විශේෂාංගය ට සවන්දෙන්න සෑම අඟහරුවාදා දිනකම පෙරවරු 11 සිට


 

Rahul පැහැදිලි කොට සිටින්නේ, මෙහිදී බුද්ධිමත් මූල්‍යකරුවෙකු නම් එම පුද්ගලයා ඔබට මුදල් ණයට දෙන විට එය ආරක්ෂිත බව සහතික කිරීමට "ව්‍යාපාරය පිලිබඳ සැලැස්මක්" (business plan) ඉල්ලා සිටින බවයි. මේ හේතුවෙන් බොහෝ ව්‍යාපාර ආරම්භ කරන පිරිසට පහසුවෙන් ණය ලබාගැනීමට අපහසු වන බවද ඔහු පවසයි.
කෙසේ නමුත් මෙවැනි සංකීර්ණ තත්ත්ව හේතුවෙන් බොහෝ කුඩා ව්‍යාපාරවලට ලැබෙන්නේ ඔවුන් මුලින් බලාපොරොත්තු වූ ප්‍රමාණයට වඩා අඩු ණයක් වන අතර කුඩා ව්‍යාපාර සඳහා වන ණය, වෙනත් ණයවලට වඩා වෙනස් වීම හේතුවෙන් පොලී අනුපාතයද අපේක්ෂා කලාට වඩා වැඩි වනු ඇති බව ඔහු පෙන්වා දෙයි.

 


ඕස්ට්‍රේලියාවේ ජීවත්වීමේදී සංක්‍රමනිකයෙකු ලෙසට ඔබ දැනගත යුතු වැදගත් අංශ පිළිබඳව ඔබ වෙත තොරතුරු ගෙන එන SBS සිංහල සේවයේ "Settlement Guide" සතිපතා විශේෂාංගය ට සවන්දෙන්න සෑම අඟහරුවාදා දිනකම පෙරවරු 11 සිට


SBS සිංහලගුවන් විදුලි සේවය,

සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙරවරු 11 සිට

SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර

  • ගුවන් විදුලියෙන් 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm  ACT / 106.3 fm SA
  • රූපවාහිනියේ channel 38 (සියලුම ප්‍රාන්ත සඳහා) – SBS Radio 2
  • අන්තර්ජාලයෙන්www.sbs.com.au/sinhalese
  • SBS Radio APP (නොමිලේ Download කරගන්න
 


Share
Published 2 January 2022 9:24pm
Updated 12 August 2022 2:54pm
By Sneha Krishnan, Nipuna Dodangoda


Share this with family and friends