ඔස්ට්‍රේලියාවේ PR ගන්න NSW ප්‍රාන්තයේ Accounting, IT සහ වෘත්තීය පුහුණු ක්ෂේත්‍රවලට තවත් අසීරු වෙයි (SBS සිංහල/ වාර්තා)

NSW ප්‍රාන්තයේ 190 වීසා සඳහා රැකියා පළපුරුද්දේ අවශ්‍යතාව සංශෝධනය කර තිබේ.

NSW 190 Visa Eligibility Requirements Changed

NSW 190 Visa Eligibility Requirements Changed Source: Getty Images

ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ 190 වීසා සඳහා වන අවශ්‍යතා සංශෝධනය කර තිබේ.

මේ බව නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත ආගමන කටයුතු දෙපාර්තමේන්තුව පසුගියදා දැනුම් දුන්නේය.


Highlights

  • NSW ප්‍රාන්තයේ 190 වීසා සඳහා අයදුම් කිරීමට ඇතැම් වෘත්තීන් සඳහා ඔබට දැන් අවම වශයෙන් වසර තුනක සේවා පළපුරුද්දක් තිබිය යුතුය.
  • මෙම සංශෝධනය Accounting, IT සහ ඇතැම් වෘත්තීය පුහුණු ක්ෂේත්‍ර සඳහා බහුලව බලපා තිබේ.
  • ඇතැම් වෘත්තීන්හි නිපුණතා සහිත ඔස්ට්‍රේලියාවෙන් පිටත සිටින අයදුම්කරුවන්ට ද දැන් NSW ප්‍රාන්තයේ 190 වීසා සඳහා අයදුම් කිරීමට අවස්ථාව ලබා දී ඇත.

NSW ප්‍රාන්තයේ 190 වීසා සඳහා සිදුකළ සංශෝධන

රැකියා පළපුරුද්ද

NSW ප්‍රාන්තයේ 190 වීසා සඳහා රැකියා පළපුරුද්දේ අවශ්‍යතාව සංශෝධනය කර තිබේ.

ඒ අනුව ඇතැම් ANZSCO ඒකක කණ්ඩායම් තුළ ඇති සියලුම වෘත්තීන් සඳහා ඔබේ nominated රැකියාවෙහි ඔබට අවම වශයෙන් වසර තුනක සේවා පළපුරුද්දක් තිබිය යුතුය.


 

මෙම ලිපිය SBS සිංහල ගුවන් විදුලිය සතුවන ලිපියක් වන බැවින් මෙහි ඇති තොරතුරු හෝ කොටස් පිටපත් කරගැනීමේදී හෝ උපුටා ගැනීමේදී හෝ SBS සිංහල ගුවන් විදුලිය වෙත කර්තෘ හිමිකාරීත්වය ලබාදීමට කාරුණික වන්න.


 

මෙම සංශෝධනය Accounting, IT සහ ඇතැම් වෘත්තීය පුහුණු ක්ෂේත්‍ර සඳහා බහුලව බලපා තිබේ.

ඒ අනුව එම ක්ෂේත්‍රවල අයදුම්කරුවන්ට NSW ප්‍රාන්තයේ 190 වීසා සඳහා අයදුම් කිරීම බොහෝ අසීරු වනු ඇත.
යොමු කළ දිනය කෙදින වුවත් මෙම සංශෝධනය නිව් සවුත් වේල්ස් 190 වීසා සඳහා යොමු කළ සියලුම SkillSelect EOIs වලට අදාළ වේ.
NSW 190 Visa Eligibility Requirements Changed
Source: Getty Images

රැකියා පළපුරුද්ද වසර 3ක් අවශ්‍ය වෘත්තීන්

ANZSCO Unit Group

Occupation

1351

ICT Managers

1399

Other Specialist Managers

1411

Cafe and Restaurant Managers

1413

Hotel and Motel Managers

2211

Accountants

2212

Auditors

2611

ICT Business and Systems Analysts

2613

Software and Applications Programmers

2621

Database and Systems Administrators, and ICT Security Specialists

2631

Computer Network Professionals

2632

ICT Support and Test Engineers

3212

Motor Mechanics

3222

Sheetmetal Trades Workers

3223

Structural Steel and Welding Trades Workers

3232

Metal Fitters and Machinists

3241

Panelbeaters

3311

Bricklayers and Stonemasons

3312

Carpenters and Joiners

3322

Painting Trades Workers

3331

Glaziers

3333

Roof Tilers

3334

Wall and Floor Tilers

3341

Plumbers

3411

Electricians

3421

Airconditioning and Refrigeration Mechanics

3422

Electrical Distribution Trades Workers

3423

Electronics Trade Workers

3511

Bakers and Pastrycooks

3512

Butchers and Smallgoods Makers

3513

Chefs

3514

Cooks

4114

Enrolled Nurses

4117

Welfare Support Workers


ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය:  

SBS සිංහල Facebook පිටුව: 

SBS Radio App:  හෝ  වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.


ඔස්ට්‍රේලියාවෙන් පිටත සිටින අයදුම්කරුවන්ට

ඇතැම් ANZSCO ඒකක කණ්ඩායම් තුළ ඇති වෘත්තීන්හි නිපුණතා සහිත Offshore හෙවත් ඔස්ට්‍රේලියාවෙන් පිටත සිටින අයදුම්කරුවන්ට ද දැන් NSW ප්‍රාන්තයේ 190 වීසා සඳහා අයදුම් කිරීමට අවස්ථාව ලබා දී ඇත.
ඒ සඳහා ඔබ පහත සඳහන් අවශ්‍යතා සපුරා තිබිය යුතුය.

  • පසුගිය මාස තුන පුරාවට නොකඩවා ඔස්ට්‍රේලියාවෙන් පිටත පදිංචිව සිටිය යුතුය.
  • වයස අවුරුදු 45 ට අඩු විය යුතුය.
  • ඉංග්‍රීසි භාෂා ප්‍රවීණත්වයක් තිබිය යුතුය.
  • නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ target sector එකකින් හෙවත් ඉලක්කගත වෘත්තීය ක්ෂේත්‍රයකට අදාළ වලංගු Skills Assessment එකක් තිබිය යුතුය.
  • අවම වශයෙන් සංක්‍රමණික ලකුණු 65 ක් තිබිය යුතුය.
ඔස්ට්‍රේලියාවෙන් පිටත අයදුම්කරුවන්ට 190 වීසා සඳහා අයදුම් කිරීමට ඉඩ සලසන වෘත්තීන් ලැයිස්තුව



Share
Published 23 December 2021 12:48pm
By Madhura Seneviratne
Source: SBS Sinhala program

Share this with family and friends