මෙල්බර්න් නුවර සුන්දරම නත්තල් සැරසිලි හා ආලෝක රටා බැලිය හැකි ප්‍රධාන ස්ථාන 5ක් (SBS සිංහල/ වාර්තා)

මෙල්බර්න් නුවර ප්‍රධානතම නත්තල් සැරසිලි සහ විදුලි රටා මවන ස්ථානය ලෙස මෙම Christmas Square හෙවත් ෆෙඩරේෂන් චතුරශ්‍රය හැඳින්වේ.

Melbourne's Top 5 Most Beautiful Christmas lights and decorations

Source: Scott Barbour/Getty Images

නත්තල යනු ඔස්ට්‍රේලියාවේ ඉහළින්ම සමරන උත්සවයකි.

නත්තල නිමිතිකරගෙන ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර නේක විධ වර්ණවත් නත්තල් සැරසිලිවලින් සහ විදුලි ආලෝක රටාවන්වලින් සැරසෙයි.

මෙවර නත්තලේ දී  සුප්‍රකට මෙල්බර්න් නුවර අලංකාර නත්තල් සැරසිලි මෙන්ම නත්තල් විදුලි ආලෝක රටාවන් ඔබට නැරඹිය හැක්කේ කුමන ස්ථානවලද කියා මෙම ලිපියෙන් තොරතුරු ඉදිරිපත් කෙරේ.


මෙම ලිපිය SBS සිංහල සේවය මඟින් සම්පාදනය කරන ලද ලිපියකි. මෙහි ඇති තොරතුරු ලබා ගැනීමේදී හෝ පිටපත්  කරගැනීමේදී SBS සිංහල සේවය වෙතින් උපුටා ගත් බවට සඳහන් කිරීම මඟින් කර්තෘ හිමිකාරීත්වය ලබාදීමට කාරුණික වන්න.


01. Christmas Square හෙවත් ෆෙඩරේෂන් චතුරශ්‍රය

මෙල්බර්න් නුවර ප්‍රධානතම නත්තල් සැරසිලි සහ විදුලි රටා මවන ස්ථානය ලෙස මෙම Christmas Square හෙවත් ෆෙඩරේෂන් චතුරශ්‍රය හැඳින්වේ.

මීටර් 16 ක් උසැති LED බල්බ වලින් සමන්විත නත්තල් ගස මෙහි විශේෂ තැනක් ගනී.
සෑම වසරකම නත්තල් සමයේදී මෙල්බර්න් නුවර ෆෙඩරේෂන් චතුරශ්‍රය නත්තල් චතුරශ්‍රයක් බවට පරිවර්තනය කෙරෙන අතර මෙවර නව සැරසිලි අංග කිහිපයක් එකතු කර තිබේ.

දීප්තිමත් නියොන් ගස්, පැද්දෙන යෝධ සීනු මෙන්ම අලංකාර නත්තල් බුබුළු ඒ අතර වේ.
Melbourne's Top 5 Most Beautiful Christmas lights and decorations
Christmas Square at Federation Square, Melbourne Source: Facebook/ What's On Melbourne/ SBS Sinhala/ Dinesha Wijesuriya

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය:  

SBS සිංහල Facebook පිටුව: 

SBS Radio App:  හෝ  වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.


02. Chapter House වීදිය

රාත්‍රියේදී නේක විධ වර්ණ ආලෝක රටා ප්‍රක්ෂේකපනය කරමින් මෙහි නත්තල් සිරිය තීව්‍ර කරයි.

ශාන්ත පාවුළු දෙව්මැදුර, Chapter House සහ ටොරන්ස් විශ්ව විද්‍යාලයේ ඉදිරිපස පුරා විසිරී ඇති වර්ණවත් සංදර්ශන මෙහිදී නැරඹිය හැකිය.
හිටි අඩියේම ආශ්චර්යමත් හිම පතනයන් ද මෙහිදී ඔබට අත් විඳිය හැකිය.

නමුත් දෙසැම්බර් 24 වන දින මෙහි ආලෝක රටා ප්‍රක්ෂේකපනය නොකරන බව සංවිධායකයෝ පවසති.
Chapter House Lane projections
Chapter House Lane projections Source: Facebook/ What's On Melbourne

03. Melbourne Town Hall

මෙල්බර්න් නගර ශාලාවේ නත්තල් හැඩගැන්වීම දිගු කලක පටන් සිදුකෙරෙන මෙල්බර්න් සම්ප්‍රදායකි.

දහවල් කාලයේදී මෙහි nutcracker සෙබළුන්, විසිතුරු මල් පාත්ති සහ පෝටිකෝවේ විශාල බෝ එකක් දැක බලාගැනීමට හැකිය.
රාත්‍රියේදී නේක වර්ණයන්ගෙන් සපිරි විදුලි ආලෝකයන් නගර සභා ගොඩනැගිල්ලට ප්‍රක්ෂේපනය කර විවිධ ආලෝක රටා සමගින් විවිධ හැඩ තල මවයි.
Melbourne Town Hall
Melbourne Town Hall Source: AAP Image/Alexander Bogatyrev / SOPA Images/Sipa USA

04. Docklands Giant Reindeer

සෑම වසරකම පාහේ Docklands වල දැවැන්ත පිනි මුවෙකු අලංකාරවත් ලෙස සරසා තිබෙනු ඔබට දක්නට ලැබේ.

දිලිසෙන විදුලි බුබුළු වලින් හැඩ ගන්වා ඇති මෙම පිනි මුවා යටින් පවා ඔබට ඇවිද ය හැකිය.
ඊට අමතරව මෙල්බර්න් වරාය ආශ්‍රිතව දැවැන්ත අකුරුවලින් Merry Christmas යන්න මෙහිදී ඔබට දැකබලාගත හැකිය.
Docklands Giant Reindeer
Docklands Giant Reindeer Source: vic.gov.au

05. Hamer Hall සහ Arts Centre

මෙල්බර්න් නත්තල් සිරිය වැඩි කරන තවත් ස්ථාන ද්විත්වයක් නම් Hamer ශාලාව සහ මෙල්බර්න් කලා මධ්‍යස්ථානයයි.

Hamer ශාලාවේ යාරා ගංගාවට මුහුණ ලා ඇති කොටසේ බිත්තියට යොමු කෙරෙන ආලෝක ප්‍රක්ෂේපණයන් හරහා නව නත්තල් සිරියක් මෙල්බර්න් නුවරට මෙවර එක් කරයි.
ඒ අසළ ඇති Princes පාලමේ සිට මෙය මනාව නැරඹිය හැකිය.

ඒ අතර මෙල්බර්න් Arts Centre එකට යොමු කෙරෙන ලේසර් කිරණ හරහා එය අපුරු නත්තල් ගසක් වන අයුරුද ඔබට මෙවර රාත්‍රී කාලයේදී බලාගත හැකිය.


 

 

 


Share
Published 21 December 2021 5:21pm
By Madhura Seneviratne

Share this with family and friends