හිම තුහින නැති දැඩි ග්‍රීෂ්ම කාලේ සැමරෙන ඕස්ට්‍රේලියාවේ නත්තල් සම්ප්‍රදාය පිළිබඳ තොරතුරු SBS සිංහල වෙතින්

ඕස්ට්‍රේලියානුවන් ඇතැම් යුරෝපීය නත්තල් සම්ප්‍රදායන් වැලඳගන්නට ඇති වුවත් ඔවුන් ඔවුන්ගේම දෑ නිර්මාණය කොට තිබේ.

Christmas

A family spending Christmas day together Source: Getty Images

Highlights
  • නත්තල් දිවා ආහාරය
  • එළිමහනේ කාලය ගත කිරීම
  • Boxing Day
  • ඔබට අවේනික නත්තල් සම්ප්‍රදායන් සෑදීම
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උත්පත්තිය සැමරෙන 'නත්තල' ඔස්ට්‍රේලියාවට උදා වන්නේ දැඩි සුර්ය රශ්මිය සහිත ගිම්හාන කාලෙදියි. ලෝකයේ සමකයට ඉහලින් ඇති රටවලට මෙන් white christmas එකක් සමරන්නට ඕස්ට්‍රේලියානුවන්ට අවස්ථාවක් නැහැ. මන්ද, ලෝක ගෝලයේ ඉහල කොටසට ශිත ඍතුව උදාවී ඇති විට ලෝක ගෝලයේ පහලින් ඇති ඔස්ට්‍රේලියාවට උදාවන්නේ ගිම්හාන ඍතුව වන නිසා. ඉතින් මේ දැඩි හිරු රැස් පතිත වන සමයේදී සැමරෙන ඕස්ට්‍රේලියානු නත්තලේදී අනුගමනය කරන සිරිත් විරිත් සහ ආහාර පාන වර්ග සම්ප්‍රදායික White Christmas රටාවෙන් බැහැරව ඔස්ට්‍රේලියාවටම ආවේනික වුනු ක්‍රමයකටයි සැකසී ඇත්තේ.

SBS සිංහල සේවය මේ ලිපියෙන් ඒ පිළිබඳව වන තොරතුරු ඔබ වෙත ගෙන ඒමට සූදානම්.....

කෙසේ නමුත් බොහෝ ඕස්ට්‍රේලියානුවන් නිවාඩුවේ ආගමික අංගය නිරීක්ෂණය නොකරන අතර එය පවුලේ අය සහ මිතුරන් සමඟ එකතු වීමට, තෑගි හුවමාරු කර ගැනීමට වන විශේෂ අවස්ථාවක් වශයෙන් සලකයි.
Christmas Morning in Australia
Christmas Morning in Australia (Getty Images) Source: Getty Images

නත්තල් දිවා ආහාරය

ඕස්ට්‍රේලියාව තුල, නත්තල් සැමරුම සාමාන්‍යයෙන් දෙසැම්බර් 25 වන දින දිවා ආහාරය ආසන්නයේ සිදු වේ.


මෙම ලිපිය SBS සිංහල සේවය මඟින් සම්පාදනය කරන ලද ලිපියකි. මෙහි ඇති තොරතුරු ලබා ගැනීමේදී හෝ පිටපත් කරගැනීමේදී SBS සිංහල සේවය වෙතින් උපුටා ගත් බවට සඳහන් කිරීම මඟින් කර්තෘ හිමිකාරීත්වය ලබාදීමට කාරුණික වන්න.


කළමනාකාර සංස්කාරක Farah Celjo පවසන්නේ පවතින බවයි. මේ සඳහා සාමාන්‍යයෙන් නත්තල් හැම්, ස්නැක් බෝඩ්, seafood, පුඩිං,tiramisu, trifle සහ pavlova වැනි දේ අඩංගු වන අතර නැවුම් පලතුරුද එක් වේ.

කෙසේ නමුත් ඇය පවසන්නේ ඔස්ට්‍රේලියාව බහු සංස්කෘතික රටක් වීම හේතුවෙන් මේ සඳහා එක් ක්‍රමයක් පමණක් නොතිබෙන අතර සඳහාද ඔබට අවධානය යොමු කල හැකි බවයි.
නත්තල් දිනයේදී seafood, අයිස්ක්‍රීම් කේක් හෝ panettone වැනි දෙයක් සමඟ Malaysian laksa එකක් පවා එක් කල හැකි බව ඇය පෙන්වා දෙයි. එමෙන්ම Farah පවසන්නේ සර්බියාවේ සහ බෝල්කන් රටවල පිරිස බොහෝ ලෙස seafood ආශ්‍රිත සුප් සඳහා ඇල්මක් දක්වන හෙයින් එවැන්නක් ද නත්තල් දිවා ආහාරයට එක් කල හැකි බවයි.
Australian children at home pulling christmas cracker at table
Australian children having fun at dining table pulling Christmas crackers Source: Getty Images/Julieanne Birch
එමෙන්ම නත්තල් දින දිවා ආහාරය සඳහා පැමිණෙන පිරිසට තමන් සුදානම් කල ආහාර රැගෙන එන ලෙස සඳහන් කිරීමද ඕස්ට්‍රේලියාව තුල මේ වනවිට සාමාන්‍ය තත්වයක් බවට පත්ව තිබේ. Farah පවසන්නේ ඔබට සැකසීමට පහසු දෙයක් රැගෙන යාම තමන් නිර්දේශ කරන බවයි.


ඕස්ට්‍රේලියාවේ ජීවත්වීමේදී සංක්‍රමනිකයෙකු ලෙසට ඔබ දැනගත යුතු වැදගත් අංශ පිළිබඳව ඔබ වෙත තොරතුරු ගෙන එන SBS සිංහල සේවයේ "Settlement Guide" සතිපතා විශේෂාංගය ට සවන්දෙන්න සෑම අඟහරුවාදා දිනකම පෙරවරු 11 සිට


ඇයද තම පවුල තුළ නත්තල සමරමින් හැදී වැඩී නැති අතර, ඇය බොහෝ විට ඇගේ ග්‍රීක හෝ ඉතාලි මිතුරන්ගේ පවුල්වල දිවා ආහාරය සඳහා යාමේදී බොස්නියානු අතුරුපස රැගෙන යාම සිදු කරයි. ඇය පවසන්නේ තමන් නත්තල මිතුරියන් සහ ඔවුන්ගේ පවුලේ පිරිස සමග ගත කරන සෑම විටම බොස්නියානු අතුරුපසක් වන scone shortbread එකකට සමාන plum jam පිරවූ jam shortbread එකක් රැගෙන යන බවයි.

එළිමහනේ කාලය ගත කිරීම

ඕස්ට්‍රේලියාවේ නත්තල, ගිම්හානය සහ පාසල් නිවාඩු කාලය අතරතුර පැමිණෙන බැවින්, ඔස්ට්‍රේලියානුවන් උණුසුම් එළිමහනේ කාලය ගත කිරීමට වඩාත් ප්‍රිය කරයි. මේ හේතුවෙන් බොහෝ විට ඔවුන් මුහුදු වෙරළේ දිය නෑමට යාම, ඔවුන්ගේ ගෙවත්තේ දිවා ආහාරය ගැනීම හෝ ඔවුන්ගේ නිවසට අසන්න උද්‍යානයට යාම සිදු කරයි.

ඕස්ට්‍රේලියාවේ නත්තල සම්බන්ධයෙන් මෙක්සිකෝවේ උපන් Pamela López Arriaga පවසන්නේ "ගිම්හාන කාලය නිසා තමන් එයට කැමති අතර සෑම දෙනකුම යහපත් මනෝභාවයකින් සිටින බවයි.
Christmas tree on the beach
Rear view of couple sitting on chairs at beach in front of Christmas tree-West beach Australia. Source: Getty Images/Laura Howden

Boxing Day

25 වැනිදා තෑගි හුවමාරු කර දිවා ආහාරය ගැනීමෙන් අනතුරුව බොහෝ දෙනා පසුදින barbecu සිදුකරමින් ඕස්ට්‍රේලියානු ජාතික ක්‍රිකට් කණ්ඩායම සහ ප්‍රතිවාදී විදේශීය කණ්ඩායමක් අතර පැවැත්වෙන Boxing Day ටෙස්ට් තරගය නැරඹීම සිදු කරයි.
මේ සම්බන්ධයෙන් බ්‍රිස්බේන්හි උපන් Luke Barbagallo පවසන්නේ තමා කිසි විටෙකත් Boxing Day ටෙස්ට් තරගය මග නොහරින බවයි. 90 දශකයේ සහ 2000 වර්ෂයේ මුල් භාගයේ දී වර්ධනය වූ ප්‍රමුඛ ක්‍රිකට් කණ්ඩායමක් ඔස්ට්‍රේලියාවට තිබීම මත නත්තල සැම විටම වසරේ සැබවින්ම සැමරුම් කාලයක් ලෙස හැඟී ගිය බව Luke පවසයි.
Family Video Conference with Grandmother for Christmas
Family Video Conference with Grandmother for Christmas Source: Getty Images/ferrantaite

ඔබට අවේනික නත්තල් සම්ප්‍රදායන් සාදන්න

ඕස්ට්‍රේලියාව තුල නත්තල හා බැඳුනු විවිධ සම්ප්‍රදායන් ඔබට හමුවන අතර නත්තල සැමරීමට බොහෝ ක්‍රමද පවතී.මේවා ආගමික වශයෙන් පමණක් සීමා නොවීම හේතුවෙන් ඔබට ගැලපෙන දැනට පවතින සම්ප්‍රදායන් තෝරාගෙන ඒවා ඔබේම සම්ප්‍රදායන් සමඟ මිශ්‍ර කිරීම ඔබට සිදු කල හැක.


ඕස්ට්‍රේලියාවේ ජීවත්වීමේදී සංක්‍රමනිකයෙකු ලෙසට ඔබ දැනගත යුතු වැදගත් අංශ පිළිබඳව ඔබ වෙත තොරතුරු ගෙන එන SBS සිංහල සේවයේ "Settlement Guide" සතිපතා විශේෂාංගය ට සවන්දෙන්න සෑම අඟහරුවාදා දිනකම පෙරවරු 11 සිට


SBS සිංහලගුවන් විදුලි සේවය,

සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙරවරු 11 සිට

SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර

  • ගුවන් විදුලියෙන් 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm  ACT / 106.3 fm SA
  • රූපවාහිනියේ channel 38 (සියලුම ප්‍රාන්ත සඳහා) – SBS Radio 2
  • අන්තර්ජාලයෙන්www.sbs.com.au/sinhalese
  • SBS Radio APP (නොමිලේ Download කරගන්න

Share
Published 19 December 2021 8:37pm
Updated 12 August 2022 3:02pm
By Audrey Bourget, Nipuna Dodangoda


Share this with family and friends