බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ නිරිතදිග කලාපයටත් අලුතින් Skilled Visa ලැබෙයි (SBS සිංහල/ වාර්තා)

ඔස්ට්‍රේලියානු ශ්‍රමිකයන් නොමැති විටදී එම පුරප්පාඩු සඳහා පුහුණු සංක්‍රමණිකයන්ගේ දායකත්වය ලබාගැනීම අරමුණු කරගනිමින් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය සමඟ පස් අවුරුදු ගිවිසුමකට එළැඹීම මෙහිදී සිදුවේ.

Regional Visa

According to the Department of Home Affairs new Contributory Parent visa applications are likely to take at least 65 months to be released for final processing Source: Getty Images

බටහිර ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්තයේ Shire of Dardanup ඇතුළුව නිරිතදිග කලාපය ඔස්ට්‍රේලියාවේ Designated Area Migration Agreement (DAMA) හෙවත් නම් කරන ලද කලාප සංක්‍රමණ ගිවිසුම සමඟ එක්වනු වනු ඇත.

අදාළ කලාපයේ ක්‍රියාත්මක ව්‍යාපාර සහ කර්මාන්ත සඳහා තීරනාත්මක ශ්‍රම හිඟය පිරවීමට ඒ හරහා බලාපොරොත්තු වේ.


Highlights

  • ඔස්ට්‍රේලියාවේ DAMA වැඩසටහනට එක්වූ 8 වන කලාපය ලෙස බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ නිරිතදිග කලාපය වාර්තා වේ.
  • බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ නිරිතදිග කලාපයේ DAMA වැඩසටහනට නගර සභා කලාප 12 ක් අයත් වේ.
  • ඔස්ට්‍රේලියාවේ විවිධ කලාප වල ශ්‍රම හිඟය පිරවීම අරමුණු කරගනිමින් DAMA වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

බටහිර ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්තයේ නිරිතදිග කලාපයත් DAMA වැඩසටහනට

ඔස්ට්‍රේලියාවේ DAMA වැඩසටහනට එක්වූ 8 වන කලාපය ලෙස බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ නිරිතදිග කලාපය වාර්තා වේ.

ඔස්ට්‍රේලියානු ශ්‍රමිකයන් නොමැති විටදී එම පුරප්පාඩු සඳහා පුහුණු සංක්‍රමණිකයන්ගේ දායකත්වය ලබාගැනීම අරමුණු කරගනිමින් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය සමඟ පස් අවුරුදු ගිවිසුමකට එළැඹීම මෙහිදී සිදුවේ.


 

මෙම ලිපිය SBS සිංහල සේවය මඟින් සම්පාදනය කරන ලද ලිපියකි. මෙහි ඇති තොරතුරු ලබා ගැනීමේදී හෝ පිටපත්  කරගැනීමේදී SBS සිංහල සේවය වෙතින් උපුටා ගත් බවට සඳහන් කිරීම මඟින් කර්තෘ හිමිකාරීත්වය ලබාදීමට කාරුණික වන්න.


 

ඔස්ට්‍රේලියානු ව්‍යාපාර සහ ප්‍රජාවගේ අවශ්‍යතාවලට මධ්‍යම රජය සවන් දී ඇති බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ආගමන කටයුතු පිළිබඳ අමාත්‍ය Alex Hawke නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.

මෙම නව සංක්‍රමණ ගිවිසුම බටහිර ඔස්ට්‍රේලියාවේ Dardanup සහ නිරිතදිග කලාපයේ සංවර්ධනය වේගවත් කිරීමට උපකාරී වනු ඇති බවද ඔහු පැවසුවේය.

ප්‍රාදේශීය ඔස්ට්‍රේලියානු කලාපවල රැකියා පුරප්පාඩු 74,000කට අධික ප්‍රමාණයක් තිබෙන බවත් ප්‍රාදේශීය සංක්‍රමණය දේශීය ප්‍රජාවට සහ සංක්‍රමණිකයන්ට විශාල ප්‍රතිලාභ ලබා දෙන බවත් ආගමන කටයුතු පිළිබඳ අමාත්‍ය Alex Hawke සඳහන් කළේය.
සියලුම කර්මාන්තවල ප්‍රාදේශීය සේවක හිඟය මත සහ COVID-19 බලපෑම මත මෙම සංක්‍රමණ ගිවිසුම ක්‍රියාත්මක කිරීම බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ නිරිතදිග කලාපයට තීරණාත්මක වී ඇති බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ වන කටයුතු පිළිබඳ ඇමතිනී Nola Marino පැවසුවාය.
Minister for Immigration Alex Hawke at a press conference at Parliament House in Canberra.
Minister for Immigration Alex Hawke at a press conference at Parliament House in Canberra. Source: AAP

බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ නිරිතදිග කලාපයේ DAMA වැඩසටහනට අයත් ප්‍රදේශ

බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ නිරිතදිග කලාපයේ DAMA වැඩසටහනට පහත සඳහන් නගර සභා කලාප 12 ක් අයත්වන බව සඳහන්.

  1. City of Busselton
  2. City of Bunbury
  3. Shire of Capel
  4. Shire of Collie
  5. Shire of Augusta/Margaret River
  6. Shire of Boyup Brook
  7. Shire of Bridgetown/Greenbushes
  8. Shire of Dardanup
  9. Shire of Donnybrook/Balingup
  10. Shire of Harvey
  11. Shire of Manjimup
  12. Shire of Nannup
වසර 2022 සිට ඉහත ප්‍රදේශවල සිටින දේශීය ව්‍යාපාරවලට මෙම DAMA වැඩසටහන සඳහා ප්‍රවේශ වීමට තනි තනිව අයදුම් කළ හැකිය.
skilled worker, female chef, skilled migration
Source: Getty Images/James Braund

බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ නිරිතදිග කලාපයට DAMA තීරණාත්මක වන්නේ කෙසේද?

මෙම නව DAMA ගිවිසුම හරහා බටහිර ඔස්ට්‍රේලියාවේ නිරිතදිග කලාපයේ ප්‍රධාන කර්මාන්ත රැසකට තීරණාත්මක රැකියා හිඩැස් පිරවීමට සහාය වනු ඇත.

"අපගේ පළමු ප්‍රමුඛතාවය සෑම විටම ඔස්ට්‍රේලියානුවන්ගෙන් රැකියා පිරවීමයි, නමුත් කලාපීය පුහුණු ශ්‍රමිකයින්ගේ පුරප්පාඩු  පිරවීමට උපකාර කිරීමේදී ඔස්ට්‍රේලියාවේ ආගමන පද්ධතියට වැදගත් කාර්යභාරයක් ඉටු කළ හැකියි." යනුවෙන් ඇමතිනී Nola Marino පැවසුවාය.

මෙම ගිවිසුම මගින් බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ  නිරිතදිග ශ්‍රම වෙළඳපොළට විශේෂිත වූ සහන හෝ වෙනස්කම් වලට ඉඩ දෙමින් සම්මත නිපුණතා සංක්‍රමණ වැඩසටහනට වඩා විදේශගත ශ්‍රමිකයන්ට ප්‍රවේශ වීමට සීමිත ධාරිතාවක් සපයයි.


ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය:  

SBS සිංහල Facebook පිටුව: 

SBS Radio App:  හෝ  වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.


Designated Area Migration Agreement (DAMA)

ඔස්ට්‍රේලියාවේ විවිධ කලාප වල ශ්‍රම හිඟය පිරවීම අරමුණු කරගනිමින් ඔස්ට්‍රේලියාවට පැමිණෙන නිපුණතා සංක්‍රමණිකයින් යම් නියමිත ප්‍රාදේශීය කලාප වල ස්ථාපිත කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය 2018 වසරේදී තීරණය කළේය.

ඒ අනුව Designated Area Migration Agreement හෙවත් DAMA වැඩසටහන ක්‍රියාත්මක කිරීමට ඔවුන් පියවර ගෙන තිබේ.
මේ වන විටත් ශ්‍රම හිඟය අත්දකින ඔස්ට්‍රේලියාවේ විවිධ කලාප සමග ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය මේ පිළිබඳ සාකච්ඡා කරමින් පවතින අතර හඳුනාගත් කලාප කිහිපයක්ම  DAMA වැඩසටහනට ඇතුළත් කර ඇත.

එහිදී සැලකිල්ලට ගැනුණු ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය කලාප අතර මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ Great South Coast කලාපය, Northern Territory,  දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය, නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ Orana කලාපය සහ බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ Goldfields කලාපය වෙයි.

මෙම වැඩසටහන හරහා Temporary Skill Shortage සහ Skilled Employer Sponsored Regional (Provisional) වීසා පිරිනමන අතර ඒවා හරහා පසුකාලීනව ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහාද අයදුම් කළ හැකිවේ.

Share
Published 16 December 2021 1:14pm
By Madhura Seneviratne
Source: SBS Sinhala program

Share this with family and friends