Exclusive

ඔස්ට්‍රේලියාවේ Skilled වීසා සඳහා ලකුණු 5 ක් දෙන NAATI විභාගය ගැන දැනගත යුතු දේ (SBS සිංහල/ වාර්තා)

NAATI CCL Online පරීක්ෂණයට දැන් ඔස්ට්‍රේලියාවේ ඕනෑම ස්ථානයක සිට හෝ ලෝකයේ ඕනෑම ස්ථානයක සිට හෝ මුහුණ දිය හැකිය.

All you need to know about NAATI CCL Online Test

Source: Twitter

ඔස්ට්‍රේලියාවේ Skilled වීසා ඇතුළු ස්ථිර පදිංචිය සඳහා ලකුණු 5 ක් පිරිනමන NAATI CCL පරීක්ෂණය මේ වන විට ජාත්‍යන්තර සිසුන් සහ සංක්‍රමණිකයින් අතර බොහෝසේ ජනප්‍රිය වී තිබේ.

මෙම NAATI CCL පරීක්ෂණය මීට පෙර ඔස්ට්‍රේලියාව තුළ විභාග මධ්‍යස්ථානවලදී පැවැත්වුණු නමුත් මේ වන විට එය අන්තර්ජාලය ඔස්සේ Online ක්‍රමයට පැවැත්වේ.

මෙම නව NAATI CCL Online පරීක්ෂණය පිළිබඳ SBS සිංහල ගුවන් විදුලිය NAATI Australia හි ජාතික මෙහෙයුම් කළමනාකරු Michael Nemarich මහතා සමග සිදුකළ සාකච්ඡාවක් ඇසුරෙන් මෙම ලිපිය ඉදිරිපත් කෙරේ.


Highlights

  • NAATI CCL Online පරීක්ෂණයට දැන් ඔස්ට්‍රේලියාවේ ඕනෑම ස්ථානයක සිට හෝ ලෝකයේ ඕනෑම ස්ථානයක සිට හෝ මුහුණ දිය හැකිය.
  • මෙය සමත් වීමට නම් මුළු ලකුණු 90 න් ලකුණු 63 ක් ලබාගත යුතුය.
  • දැනට ඇති තත්ත්වය අනුව සති දෙකහමාරකින් පමණ NAATI CCL Online පරීක්ෂණයේ ප්‍රතිඵල ලැබෙන බව වාර්තා වේ.

NAATI CCL Online පරීක්ෂණය පැවැත්වෙන අයුරු

NAATI CCL පරීක්ෂණය Online ආකාරයට NAATI ආයතනය සකස් කළේ 2020 වසරේදී ය.

විදේශයන්හි සිටින පුද්ගලයින් මෙන්ම NAATI CCL පරීක්ෂණය නොපැවැත්වෙන ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්තවල සිටින පුද්ගලයින් ද NAATI ආයතනය වෙත කළ විශාල ඉල්ලීම් මෙන්ම කොවිඩ් වසංගතයත් සමග NAATI CCL පරීක්ෂණය පැවැත්වීමේ අභියෝගය ජය ගැනීම පිණිස මෙම NAATI CCL Online පරීක්ෂණය ආරම්භ කළ බව NAATI Australia හි ජාතික මෙහෙයුම් කළමනාකරු Michael Nemarich, SBS සිංහල ගුවන් විදුලියට පැවසීය.


මෙම ලිපිය SBS සිංහල සේවය මඟින් සම්පාදනය කරන ලද ලිපියකි. මෙහි ඇති තොරතුරු ලබා ගැනීමේදී හෝ පිටපත්  කරගැනීමේදී SBS සිංහල සේවය වෙතින් උපුටා ගත් බවට සඳහන් කිරීම මඟින් කර්තෘ හිමිකාරීත්වය ලබාදීමට කාරුණික වන්න.


මෙම පරීක්ෂණය නියාමාකාරයෙන් විභාග සුරක්ෂිතතාව රැකෙන අයුරින් පැවැත්වීමට අවශ්‍ය නිසා මේ සඳහා බොහෝ කලක් වැයකළ බවද ඔහු පැවසීය.

"මෙහිදී අපි විභාගය ගනු ලබන පරිගණකයේ තිරය, විභාගය ගනු ලබන කාමරයේ වීඩියෝ සහ ශබ්ද සියල්ලම පටිගත කරනවා. ඒ හරහා NAATI CCL Online පරීක්ෂණයට මුහුණ දිය යුතු අයදුම්කරුම එම පරීක්ෂණයට ඒ මොහොතේ මුහුණ දෙනවාද යන්නත් වෙනත් විභාග අක්‍රමිකතා සිදු නොවන බවට වග බලා ගැනීමටත් එම වීඩියෝ කරගැනීම උපකාරී වනවා." යනුවෙන් Michael Nemarich සඳහන් කළේය.
NAATI CCL Online පරීක්ෂණයට ලියා පදිංචි වූ පසු එම පරීක්ෂණය සඳහා ඔබට වෙබ් ලින්ක් එකක් ලැබෙනු ඇත.

පරීක්ෂණය පැවැත්වෙන දිනයට ප්‍රථම ඔබට එම ලින්ක් එක click කර ඒ වෙත පිවිස තම පරිගණකය NAATI Australia හි online පද්ධතියත් සමග ගැටලුවක් ඇති නොවන පරිදි ක්‍රියා කරනවද යන්න පරීක්ෂා කරගත යුතුය.

NAATI CCL Online පරීක්ෂණය පැවැත්වෙන විට ඔබට යම් අපහසුතාවක් පැමිණියහොත් එවෙලේ ඇති Live Chat මාර්ගය හරහා එම ගැටළු විසඳා දීමට NAATI කාර්ය මණ්ඩලය සූදානමින් සිටින බවද සඳහන්.
NAATI Exams
Source: Getty Images

ලියා පදිංචි වන්නේ කෙසේද?

ඔබට NAATI විභාගය කිරීමට අවශ්‍යතාවක් තිබෙනවද කියා මුලින්ම තීරණය කළ යුතු බව බව NAATI Australia හි ජාතික මෙහෙයුම් කළමනාකරු Michael Nemarich අවධාරණය කළේය.

එසේනම්, NAATI Australia නිල වෙබ් අඩවියේ My NAATI නමින් ඔබ NAATI ගිණුමක් ආරම්භ කළ යුතුය.

ඒ හරහා ඔබ NAATI CCL Online පරීක්ෂණයට අයදුම් කළ යුතුය.

එහිදී ඔබේ අනන්‍යතාව තහවුරු කෙරෙන ලේඛන සහ ඔබේ ඡායාරුපයක් යොමු කල යුතුවේ.
ඊට පසුව NAATI කාර්ය මණ්ඩලය ඔබේ අයදුම්පත සලකා බලා ඔබට NAATI CCL Online පරීක්ෂණයට ලියා පදිංචි වීමට ලින්ක් එකක් එවනු ඇත.

ඒ හරහා ඔබට මුදල් ගෙවා NAATI CCL Online පරීක්ෂණයකට ලියා පදිංචි විය හැකිය.
NSW 491 visa January 2022 ROI submission window is open now
Australian visa in passport Source: SBS

NAATI CCL Online පරීක්ෂණයේ කාලසීමාව සහ සමත්වීමට ගත යුතු ලකුණු

මෙම නව NAATI CCL Online පරීක්ෂණය පැරණි ක්‍රමය මෙන්ම ක්‍රියාත්මක වේ.

එකම වෙනස මෙය Online වීම පමණි.

සෑම NAATI CCL Online පරීක්ෂණයකම ඉංග්‍රීසියෙන් කතා කරන සහ ඉංග්‍රීසි කතා නොකරන අදාළ මව් භාෂාව කතා කරන පුද්ගලයින් දෙදෙනෙකු අතර  සංවාද දෙකක් තිබෙන බව NAATI Australia හි ජාතික මෙහෙයුම් කළමනාකරු Michael Nemarich, SBS සිංහල ගුවන් විදුලියට පැවසීය.

එක් සංවාදයක් වචන 300 කින් පමණ සමන්විත වන බවද ඔහු පැවසීය.

ඒ සෑම සංවාදයක්ම දෙබස් ඛණ්ඩවලට වෙන් කොට තිබෙන අතර එම එක් දෙබස් ඛණ්ඩයක් වචන 35 ක් හෝ ඊට අඩු වචන සංඛ්‍යාවකින් සමන්විත වේ.
පරීක්ෂණය පැවැත්වෙන විට එම දෙබස් එකින් එක වාදනය කෙරන අතර එක් දෙබසක් වාදනය අවසන් වූ පසු එය අනෙක් භාෂාවට පරිවර්තනය කළ යුතුවේ.

මෙම NAATI CCL Online පරීක්ෂණයේ සමස්ත කාලය මිනිත්තු 35 ක් වන නමුත් සංවාද දෙකට මිනිත්තු 20 ක් ලබාදේ.

ඉතිරි මිනිත්තු 15, NAATI CCL Online පරීක්ෂණය ආරම්භ වීමට පෙර ඔබේ පරිගනකය Setup කරගැනීමට ලබාදෙන කාලයකි.

මෙය සමත් වීමට නම් මුළු ලකුණු 90 න් ලකුණු 63 ක් ලබාගත යුතු බවද Michael Nemarich සඳහන් කළේය.

එහිදී එක් සංවාදයකට ලකුණු 45 ක් පිරිනැමෙන අතර එක් සංවාදයක් සමත් වීමට අවම වශයෙන් ලකුණු 29 ක් ලබාගත යුතුය.


ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය:  

SBS සිංහල Facebook පිටුව: 

SBS Radio App:  හෝ  වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.


ප්‍රතිඵල ලැබීමට කොපමණ කලක් ගතවේද?

NAATI CCL Online පරීක්ෂණයේ ප්‍රතිඵල ලබාදීමට සාමාන්‍යයෙන් සති 4 ත් 6 ත් අතර කාලයක් ගතවන බව NAATI Australia ආයතනය පවසයි.

සාමාන්‍යයෙන් එක් පරීක්ෂණයක් විභාග පරීක්ෂකවරු දෙදෙනෙක් පරීක්ෂා කරන බැවින් එලෙස තරමක වැඩි කාලයක් ගතවන බව NAATI Australia හි ජාතික මෙහෙයුම් කළමනාකරු Michael Nemarich, SBS සිංහල ගුවන් විදුලියට පැවසීය.

නමුත් දැනට ඇති තත්ත්වය අනුව සති දෙකහමාරකින් පමණ NAATI CCL Online පරීක්ෂණයේ ප්‍රතිඵල ලැබෙන බව ද ඔහු පැවසීය.

Share
Published 6 December 2021 12:21pm
By Madhura Seneviratne
Source: SBS Sinhala program

Share this with family and friends