සංචාරක වීසා ලාභීන්ට පාස්කුවට පෙර ඔස්ට්‍රේලියාවට පැමිණීමට අවසර ලැබෙන බවට හෙළිදරව්වක් (SBS සිංහල/ වාර්තා)

ජාත්‍යන්තර සංචාරකයින්ට ඔස්ට්‍රේලියාවට පැමිණීමට නැවත අවසර දීම සඳහා දිනයක් නියම කිරීමට පෙර ඔස්ට්‍රේලියාවේ Omicron කොවිඩ් තත්ත්වය සමීපව නිරීක්ෂණය කරන බව මොරිසන් මහතා පැවසීය.

Passengers with suitcases walk through a food court at Melbourne airport.

QLD and VIC will allow fully vaccinated international arrivals to undergo home isolation instead of hotel quarantine (Sipa USA Alexander Bogatyrev) Source: SOPA Image

එළඹෙන පාස්කු සමයට පෙර ජාත්‍යන්තර සංචාරකයින්ට නැවත ඔස්ට්‍රේලියාවට පැමිණීමට අවසර දිය හැකි බව ඔස්ට්‍රේලියානු අගමැති Scott Morrison පවසයි.

සංචාරක වීසා ලාභීන්ට ඔස්ට්‍රේලියාවේ දේශ සීමා තවමත් වසා දමා තිබේ.


Highlights

Omicron ආසාදිතයින් සංඛ්‍යාව අඩු වූ පසු සංචාරක වීසා ලාභීන්ට නැවත ඔස්ට්‍රේලියාවට පැමිණීමට අවසර දිය හැකි බව ඔස්ට්‍රේලියානු අගමැති පැවසීය.

එළඹෙන පාස්කු සමයට පෙර එම දිනය පැමිණීමට බොහෝ දුරට ඉඩ ඇතැයි තමන්ට විශ්වාස බව ද ඔහු පැවසීය.

ජාත්‍යන්තර සංචාරකයින්ට ඔස්ට්‍රේලියාවට පැමිණීමට නැවත අවසර දීම සඳහා දිනයක් නියම කිරීමට පෙර ඔස්ට්‍රේලියාවේ Omicron කොවිඩ් තත්ත්වය සමීපව නිරීක්ෂණය කරන බව මොරිසන් මහතා පැවසීය.


සංචාරක වීසා ලාභීන්ට පාස්කුවට පෙර ඔස්ට්‍රේලියාවට පැමිණීමට අවසර

තවමත් Omicron ආසාදිතයින් ඔස්ට්‍රේලියාව පුරාම ඉහළ මට්ටමකින් දෛනිකව වාර්තා වෙමින් පවතී.

නමුත් එම ආසාදිතයින් සංඛ්‍යාව අඩු වූ පසු සංචාරක වීසා ලාභීන්ට සහ අනෙකුත් ජාත්‍යන්තර සංචාරකයින්ට නැවත ඔස්ට්‍රේලියාවට පැමිණීමට අවසර දිය හැකි බව ඔස්ට්‍රේලියානු අගමැති Scott Morrison පැවසීය.

2021 දෙසැම්බර් මාසයේ සිට එතෙක් වසා දමා තිබුණු ඔස්ට්‍රේලියානු දේශ සීමා විවෘත කළද ඔස්ට්‍රේලියාවට පැමිණීමට අවසර ඇත්තේ ඔස්ට්‍රේලියානු පුරවැසියන්ට, ස්ථිර පදිංචි ලාභීන්ට සහ ඔවුන්ගේ සමීපතම පවුලේ සාමාජිකයින්ට පමණි.

ඊට අමතරව ජාත්‍යන්තර සිසුන්ට සහ පුහුණු ශ්‍රමිකයින්ට ද මේ වන විට ඔස්ට්‍රේලියාවට පැමිණීමට අවසර දී ඇත.
සංචාරක වීසා ලාභීන්ට ඔස්ට්‍රේලියාවට පැමිණීමට අවසර දෙන නිශ්චිත දිනයක් නියම කර නොමැති නමුත් එය ඉක්මනින් පැමිණිය හැකි බව ඔස්ට්‍රේලියානු අගමැති Scott Morrison පෙන්වා දුන්නේය.

"ඇත්තම කිව්වොත් ඒ දිනය වැඩිය දුරයි කියලා මම හිතන්නේ නැහැ, නමුත් අපි ඒ ගැන තව දුරටත් වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුයි, අපි ඒ ගැන සහතික කර ගැනීම සඳහා ප්‍රාන්ත සමඟ තව ටිකක් සාකච්ඡා කර කටයුතු කරන්න වෙනවා" යනුවෙන් ඔහු Cairns ගුවන් විදුලියේ 4CA නාලිකාව වෙත පැවසීය.

ඒ අනුව එළඹෙන පාස්කු සමයට පෙර එම දිනය පැමිණීමට බොහෝ දුරට ඉඩ ඇතැයි තමන්ට විශ්වාස බව ද ඔහු පැවසීය.
Prime Minister Scott Morrison at the National Press Club in Canberra, Tuesday, February 1, 2022.
Prime Minister Scott Morrison at the National Press Club in Canberra, Tuesday, February 1, 2022. Source: AAP

Omicron තත්ත්වය සමීපව නිරීක්ෂණය කළ යුතුයි

ජාත්‍යන්තර සංචාරකයින්ට ඔස්ට්‍රේලියාවට පැමිණීමට නැවත අවසර දීම සඳහා දිනයක් නියම කිරීමට පෙර ඔස්ට්‍රේලියාවේ Omicron කොවිඩ් තත්ත්වය සමීපව නිරීක්ෂණය කරන බව මොරිසන් මහතා පැවසීය.

"සම්පූර්ණයෙන්ම එන්නත් කරන ලද ගුවන් මගීන් සඳහා එම විධිවිධාන ලිහිල් වන විට, ඔස්ට්‍රේලියාවට නැවත පැමිණෙන පුද්ගලයින් ඔබ දැකීමට නියමිත අතර, එය ක්‍රියාත්මක වීමත් සමඟ ජාත්‍යන්තර සංචාරකයින්ට ද ඔස්ට්‍රේලියාවට යළි පැමිණීමට හැකිවේ." යනුවෙන් ද ඔහු සඳහන් කළේය.

මේ අතර කොවිඩ් වසංගතය සහ ජාත්‍යන්තර සංචාරකයින් පැමිණීම පසුබෑම හේතුවෙන් දැඩි ලෙස පීඩාවට පත් වූ සංචාරක අංශයට සහය නොමැතිකම පිළිබඳව සංචාරක ක්‍රියාකරුවන් කනස්සල්ල පළ කර තිබුණි.


ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය:  

SBS සිංහල Facebook පිටුව: 

SBS Radio App:  හෝ  වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.





Share
Published 1 February 2022 7:32pm
By Madhura Seneviratne
Source: AAP, SBS


Share this with family and friends