ජාත්‍යන්තර සිසුන් අඩුවීමත් සමඟ ඔස්ට්‍රේලියාවට පුහුණු ශ්‍රමිකයන් හා පුරවැසියන් අහිමි වීමේ අවදානමක් (SBS සිංහල/ වාර්තා)

ඔස්ට්‍රේලියාව ඇතුළු බොහෝ රටවලට අඩු උපත් අනුපාත, අඩු සංක්‍රමණ, වසංගත සහ පුහුණු සේවක හිඟය පියවා ගැනීමට දක්ෂ උපාධිධාරීන් ගෙන්වා ගැනීමට අවශ්‍ය වේ.

International students in Australia

Source: AAP

කොවිඩ් වසංගතය අතරතුර ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර සිසුන් සංඛ්‍යාව අඩකින් පමණ අඩු විය.

නමුත් පසුගිය දෙසැම්බර් මාසයේදී පූර්ණ කොවිඩ් එන්නත්කරණය ලද ජාත්‍යන්තර සිසුන් හට ඔස්ට්‍රේලියාවට යළි පැමිණීමට අවසර දීමත් සමග ජාත්‍යන්තර සිසුන් නැවතත් ඔස්ට්‍රේලියාවට ඒමට පටන් ගෙන තිබේ.


Highlights

  • ජාත්‍යන්තර සිසුහු ඔවුන්ගේ වෘත්තීය සැලසුම් සඳහා වඩාත් හොඳින් සේවා සපයන උසස් තත්ත්වයේ, අදාළ විෂයමාලා සහ අධ්‍යාපන ආයතන සොයමින් සිටිති.
  • ඇතැම් සිසුන් දැනටමත් කැනඩාව වැනි දේශසීමා විවෘතව තිබූ රටවලට ගොස් ඇත.
  • ඔස්ට්‍රේලියාව ජාත්‍යන්තර සිසුන් සම්බන්ධයෙන් එවැනි නම්‍යශීලී සහ ඵලදායී තීන්දු නොගැනීම හේතුවෙන් තවමත් කොවිඩ් වසංගතයට පෙර තිබූ මට්ටමේ ජාත්‍යන්තර සිසුන් සංඛ්‍යාවක් ගෙන්වා ගැනීමට අපොහොසත් වී සිටියි.

සිසුන් විවිධ හේතූන් මත ජාත්‍යන්තර අධ්‍යාපනය ලබා ගනී.

ඔවුන්ගේ රැකියා අපේක්ෂාවන් වැඩිදියුණු කරගැනීම ඉන් ප්‍රධාන හේතුව වේ.

ජාත්‍යන්තර සිසුහු ඔවුන්ගේ වෘත්තීය සැලසුම් සඳහා වඩාත් හොඳින් සේවා සපයන උසස් තත්ත්වයේ, අදාළ විෂයමාලා සහ අධ්‍යාපන ආයතන සොයමින් සිටිති.

ජාත්‍යනතර අධ්‍යාපනය ලබන අතරතුර, ඔවුන් එරටේ අධ්‍යාපනය සහ රැකියා පද්ධතිවල සැරිසැරීමට උපකාරී වන සමාජ සම්බන්ධතා ද සොයති.

මෙම කොවිඩ් වසංගතය විසින් ජාත්‍යනතර සිසුන්ගේ බඳවා ගැනීම්, දේශසීමා වසා දැමීම්, ගුවන් ගමන් ලබා ගැනීමේ හැකියාව සහ නිරෝධායන අවශ්‍යතා පිළිබඳව අවුල් සහගත සහ අවිනිශ්චිතතාවයක් ඇති කළේය.


 

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය:  

SBS සිංහල Facebook පිටුව: 

SBS Radio App:  හෝ  වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.


 

පසුගිය වසර දෙක තුළ බොහෝ ජාත්‍යන්තර සිසුන්ට ඔවුන්ගේ සැලසුම් අත්හිටුවීමට සිදු විය.

ඔවුහු ඔස්ට්‍රේලියාවේ ඉගෙනීමට සහ රැකියා කිරීමට ඇති හැකියාව මත එල්බගෙන සිටියහ.

නමුත් අමතක නොකළ යුතු දෙයක් ඇත.

එනම් එම සිසුන්ට ඉහළ උගත් සහ දක්ෂ උපාධිධාරීන් සොයන වෙනත් රටවල් තෝරා ගත හැකිය.

ඇතැම් සිසුන් දැනටමත් කැනඩාව වැනි දේශසීමා විවෘතව තිබූ රටවලට ගොස් ඇත.

එම රටවල් රැකියා වීසා වෙත යොමුවීම පිළිබඳ අඩු ගැටළු සහ වැඩි නිශ්චිතභාවයකින් උසස් තත්ත්වයේ ජාත්‍යන්තර අධ්‍යාපනය සඳහා ප්‍රවේශය ජාත්‍යන්තර සිසුන්ට ලබා දුන්නේය.

නමුත් ඔස්ට්‍රේලියාව ජාත්‍යන්තර සිසුන් සම්බන්ධයෙන් එවැනි නම්‍යශීලී සහ ඵලදායී තීන්දු නොගැනීම හේතුවෙන් තවමත් කොවිඩ් වසංගතයට පෙර තිබූ මට්ටමේ ජාත්‍යන්තර සිසුන් සංඛ්‍යාවක් ගෙන්වා ගැනීමට අපොහොසත් වී සිටියි.
2019 දී ජාත්‍යන්තර සිසුන් ඔස්ට්‍රේලියාවේ ආර්ථිකයට ඇස්තමේන්තුගත ඩොලර් බිලියන 40.3 ක දායකත්වයක් ලබා දී ඇත.

ජාත්‍යන්තර අධ්‍යාපනය ඔස්ට්‍රේලියාවේ රැකියා 250,000කට පමණ මාර්ග සලසා ඇත.

ඔස්ට්‍රේලියාවේ දේශසීමා වසා දැමීම් නිසා උසස් අධ්‍යාපන අංශයේ ඇතැම් කොටස්වල බඳවා ගැනීම් සියයට 70 දක්වා අඩු විය.

ඔස්ට්‍රේලියානු විශ්ව විද්‍යාලවලට මේ නිසා සිදුවන මුල්‍ය බලපෑම් මීට පෙර පුරෝකථනය කළ ප්‍රමාණයට වඩා කුඩා නමුත් බිලියන ගණනක ආදායමක් අහිමි වීම නොතකා හැරිය නොයුතුය.

නව ජාත්‍යන්තර සිසුන්ගේ නොනවතින පැමිණීම සහ ඔවුන්ගේ පාඨ මාලා ගාස්තු මත යැපීමේ අවදානමට ඔස්ට්‍රේලියානු විශ්වවිද්‍යාල නිරාවරණය විය.

කොවිඩ් වසංගතය විශ්ව විද්‍යාලවල මූල්‍ය තත්ත්වය කෙරෙහි අහිතකර ලෙස බලපෑම නිසා ඒවායේ අධ්‍යයන හා වෘත්තීය රැකියා 35,000ක් පමණ අහිමි විය.

ජාත්‍යන්තර සිසුන් නොමැතිවීමෙන් දේශීය ප්‍රජාවට සහ ව්‍යාපාරිකයින්ටද ඔවුන්ගේ භාණ්ඩ හා සේවා අලෙවි කිරීමේදී ප්‍රශ්නවලට මුහුණ දීමට සිදුවිය.

එමෙන්ම ජාත්‍යන්තර සිසුන් විසින් පුරවන ලද රැකියා පුරප්පාඩු සඳහා දේශීයව ශ්‍රමිකයින් සොයා ගැනීමට ද ආයතන සහ සමාගම්වලට නොහැකි තත්ත්වයක් මතුවී තිබේ.
People hold signs NSW Government signs welcoming international students at Sydney airport in December, 2021.
International students contributed an estimated $40 billion to the Australian economy in 2019. Source: AAP/Bianca De Marchi

ජාත්‍යන්තර සිසුන්ට වැඩි සැලකිල්ලක් දැක්විය යුතුයි

ඔස්ට්‍රේලියාවේ ශ්‍රම හිඟය මඟහරවා ගැනීමේ සහ වෙළඳපල වර්ධනය කිරීමේ අරමුණින් ජාත්‍යන්තර සිසුන්ට ඉක්මනින් ඔස්ට්‍රේලියාවට පැමිණීම සඳහා ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය මෑතකදී දිරිගැන්වීම් කිහිපයක් ප්‍රකාශයට පත් කළේය.

එහිදී අය කළ ශිෂ්‍ය වීසා ගාස්තු නැවත ලබාදීම, ජාත්‍යන්තර සිසුන්ට සතියකට පැය 20 ඉක්මවා රැකියා කිරීමට අවසර දීම ප්‍රධාන වේ.

සේවා සැපයීමේ සහ hospitality ක්ෂේත්‍රයේ ප්‍රවේශ මට්ටමේ (entry-level) සහ අර්ධ කාලීන රැකියා මෙම සිසුන්ගේ සුදුසුකම්වලට ගැලපෙන අනාගත රැකියා අවස්ථා බවට කෙතරම් හොඳින් පරිවර්තනය වේද යන්න පිළිබඳ අවධානය යොමු කළ යුතුය.

ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර ශිෂ්‍ය සංඛ්‍යාව පහත වැටීමෙන් අදහස් කරනුයේ අන්තර් සංස්කෘතික ඉගෙනීම සඳහා ප්‍රධාන සම්පත් අහිමි වීමය.

ජාත්‍යන්තර සහ දේශීය සිසුන් එක්ව අධ්‍යාපනය ලබන සංඛ්‍යාව වැඩි කිරීම ජාත්‍යන්තර අධ්‍යාපනය සඳහා වූ ඔස්ට්‍රේලියානු උපාය මාර්ගය විසින් හඳුනාගෙන ඇති විසඳුමේ කොටසකි.
බොහෝ ජාත්‍යන්තර සිසුන්ට මිත්‍රත්වයන්, ප්‍රජා සම්බන්ධතා, උපදේශකයින් සහ සම්බන්ධතා ජාල ඇතුලුව ඔස්ට්‍රේලියානු සමාජයේ ස්ථාපනය වීම වැඩි දියුණු කරගැනීම සඳහා අමතර සහාය අවශ්‍ය වනු ඇත.

දැන් සහ අනාගතයේදී අයත් වීමේ හැඟීමක් ගොඩනැගීමට උපකාරී වේ.

ජාත්‍යන්තර සිසුන්ව උසස් අධ්‍යාපනයට සහ ශ්‍රම වෙළඳපොළට භාණ්ඩ ලෙස සලකා තිබේ.

නමුත් ඔවුන් තෝරාගත් ජාත්‍යන්තර අධ්‍යාපනය අවසන් කර උපාධිය ලැබීමෙන් පසු ඔවුන්ගේ බලාපොරොත්තු සහ සැලසුම් සමඟ සම්බන්ධ වූ පුද්ගලයන් ය.

දක්ෂතා සඳහා ගෝලීය අවස්ථා ලබාදීම හරහා උපාධිධාරීන්ට අධ්‍යාපනය සඳහා, රැකියාව සඳහා සහ ස්ථිර සංක්‍රමණය සඳහා තෝරා ගන්නේ කුමන රටද යන්න තීරණය කිරීමට ඇති අවස්ථා වැඩි කරයි.

සෑම ජාත්‍යන්තර උපාධිධාරියෙකුම ඔස්ට්‍රේලියාවේ රැඳී සිටීමට තෝරා නොගනී. ඉහළ පහළ යන සංක්‍රමණ ප්‍රතිපත්තිය නිසා ඔස්ට්‍රේලියාවේ රැඳී සිටීමට ඉඩ දෙන්නේ කාටද සහ රැදී සිටීමට අවස්ථාව නොලැබෙන්නේ කාටදැයි අනාවැකි කීම දුෂ්කර කර වේ.
Picture of international students waiting for buses at Sydney airport after arriving in Australia,
International students line up for coaches after arriving at Sydney Airport in Sydney, Monday, December 6, 2021. Source: AAP/Bianca De Marchi

මෙය කෙටි කාලීන ප්‍රශ්නයක් නොවේ

ඔස්ට්‍රේලියාව ඇතුළු බොහෝ රටවලට අඩු උපත් අනුපාත, අඩු සංක්‍රමණ, වසංගත සහ පුහුණු සේවක හිඟය පියවා ගැනීමට දක්ෂ උපාධිධාරීන් ගෙන්වා ගැනීමට අවශ්‍ය වේ.

ජාත්‍යන්තර සිසුන් සංක්‍රමණිකයන් ලෙස බාරගැනීමට වැඩි කැමැත්තක් දක්වන්නේ ඔවුන් තම මව් රටවලින් අත්දැකීම් සහ අදාළ විදෙස් රටවල ඉගෙනීමේ සහ ජීවත්වීමේ අත්දැකීම් ඒකාබද්ධ කරන බැවිනි.

එනිසා ජාත්‍යන්තර සිසුන් නැවත ඔස්ට්‍රේලියාවට පැමිණීමේදී ඔවුන්ට දක්වන සහය සහ සැලකිලි වැඩි කළ යුතුය.
ඔස්ට්‍රේලියාවට පැමිණීමෙන් පසු පමණක් නොව, ඔවුන්ගේ අධ්‍යයන වැඩසටහන් පුරාවට සහ ඔවුන්ගේ අනාගත රැකියාව සඳහා ඔවුන් සූදානම් වන විට ඔස්ට්‍රේලියාව ඔවුන්ට සහය වන්නේ කෙසේද යන්න වැදගත් වේ.

ජාත්‍යන්තර සිසුන් ඔවුන්ගේ අධ්‍යාපනය සහ ඔවුන් ඉගෙන ගන්නා රට සඳහා ආයෝජනය කරයි.

එනිසා ඔස්ට්‍රේලියාව ඔවුන්ගේ දායකත්වයන් හඳුනාගෙන ඔවුන්ගේ හැකියාවන් සඳහා ආයෝජනය කළ යුතුය.



Share
Published 2 February 2022 6:58pm
Updated 12 August 2022 2:54pm
By Nancy Arthur, Madhura Seneviratne
Source: The Conversation


Share this with family and friends