Australia Awards Scholarships සඳහා අයදුම්පත් කැඳවීම ලබන සතියේ සිට ආරම්භ කෙරේ (SBS සිංහල/ වාර්තා)

Australia Awards Scholarships හෙවත් ඔස්ට්‍රේලියානු සම්මාන ශිෂ්‍යත්ව සඳහා ශ්‍රී ලංකාවේ අයදුම්කරුවන්ට ද අයදුම් කළ හැකිය

Applications for Australia Awards Scholarships will open from next week

Applications for Australia Awards Scholarships will open from next week Source: Getty Images/urbazon

2022 වසර සඳහා ඔස්ට්‍රේලියානු සම්මාන ශිෂ්‍යත්ව වෙනුවෙන් අයදුම් කිරීමට ඔබට ලබන සතියේ සිට අවස්ථාව තිබේ.

වාර්ෂිකව පිරිනමන මෙම ඔස්ට්‍රේලියානු සම්මාන ශිෂ්‍යත්ව සඳහා ශ්‍රී ලංකාවද සුදුසුකම් ලබා ඇත.


Highlights

  • සංවර්ධනය වෙමින් පවතින රටවල පුද්ගලයින්ට මෙම වැඩසටහන සඳහා දායක වන ඔස්ට්‍රේලියානු විශ්ව විද්‍යාල සහ තාක්ෂණික විද්‍යාල සහ TAFE විද්‍යාලවල පූර්ණ කාලීන උපාධි හෝ පශ්චාත් උපාධි අධ්‍යයනය කිරීමට අවස්ථාව මේ හරහා සලසා දෙයි.
  • ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් මෙහිදී සම්පුර්ණ පාඨ මාලා ගාස්තුව ගෙවනු ලබයි.
  • ශිෂ්‍යත්වලාභීන් ඔවුන්ගේ ශිෂ්‍යත්වය සම්පූර්ණ කිරීමෙන් පසු අවම වශයෙන් වසර දෙකක කාලයක් තුළ ඔස්ට්‍රේලියාවෙන් පිටවිය යුතුය.

ඔස්ට්‍රේලියානු සම්මාන ශිෂ්‍යත්ව

ඕස්ට්‍රේලියානු සම්මාන ශිෂ්‍යත්ව යනු ඔස්ට්‍රේලියාවේ විදේශ කටයුතු සහ වෙළඳ දෙපාර්තමේන්තුව විසින් පරිපාලනය කරනු ලබන දිගු කාලීන ශිෂ්‍යත්ව වේ.

ද්විපාර්ශ්වික සහ කලාපීය ගිවිසුම්වලට අනුකූලව ඔස්ට්‍රේලියාවේ මිත්‍ර රටවල සංවර්ධන අවශ්‍යතා සඳහා දායක වීම එම ශිෂ්‍යත්වවල අරමුණ වේ.


 

මෙම ලිපිය SBS සිංහල සේවය මඟින් සම්පාදනය කරන ලද ලිපියකි. මෙහි ඇති තොරතුරු ලබා ගැනීමේදී හෝ පිටපත්  කරගැනීමේදී SBS සිංහල සේවය වෙතින් උපුටා ගත් බවට සඳහන් කිරීම මඟින් කර්තෘ හිමිකාරීත්වය ලබාදීමට කාරුණික වන්න.


 

සංවර්ධනය වෙමින් පවතින රටවල පුද්ගලයින්ට මෙම වැඩසටහන සඳහා දායක වන ඔස්ට්‍රේලියානු විශ්ව විද්‍යාල සහ තාක්ෂණික විද්‍යාල සහ TAFE විද්‍යාලවල පූර්ණ කාලීන උපාධි හෝ පශ්චාත් උපාධි අධ්‍යයනය කිරීමට අවස්ථාව මේ හරහා සලසා දෙයි.

ඉන්දු - පැසිෆික් කලාපයේ පිහිටි රටවල් සඳහා මෙහිදී විශේෂයෙන් අවස්ථාව හිමි වේ.

ඔස්ට්‍රේලියානු සම්මාන ශිෂ්‍යත්ව මගින් සපයනු ලබන අධ්‍යයන සහ පර්යේෂණ අවස්ථා අයදුම්කරුවන්ගේ ම රටවල වෙනස්කම් ඇති කිරීමට සහ සංවර්ධනයට දායක වීමට එම පුද්ගලයින්ගේ කුසලතා සහ දැනුම වර්ධනය කරයි.
Applications for Australia Awards Scholarships will open from next week
Source: SBS

ප්‍රතිලාභ

ඕනෑම පෙර පුහුණුවක් ඇතුළුව ඔස්ට්‍රේලියානු උසස් අධ්‍යාපන ආයතනය විසින් නිශ්චිතව දක්වා ඇති අධ්‍යයන වැඩසටහන සම්පූර්ණ කිරීමට අයදුම්කරුට අවශ්‍ය අවම කාල සීමාව සඳහා ඔස්ට්‍රේලියානු සම්මාන ශිෂ්‍යත්ව පිරිනමනු ලැබේ.

එහිදී පහත සඳහන් ප්‍රතිලාභ ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයෙන් අදාළ අයදුම්කරුවන්ට ලැබේ:

  • සම්පුර්ණ පාඨ මාලා ගාස්තුව
  • ඔස්ට්‍රේලියාවට පැමිණීමට සහ යළි තම මව් රටට යාමට economy පන්තියේ return ගුවන් ටිකට් පතක් සඳහා ගෙවීම්.
  • ස්ථාපිත දීමනාව - ජීවන වියදම් සඳහා දායකත්වයක් ලෙස නවාතැන් වියදම්, පෙළ පොත්, අධ්‍යයන ද්‍රව්‍ය සඳහා දායකත්වයක් ලෙස එක් වරක් පමණක් සිදුකරන ගෙවීමක් (මූලික ජීවන වියදම් සඳහා වන මුදල් දෙසතියකට වරක් දෙපාර්තමේන්තුව විසින් තීරණය කරනු ලබන අනුපාතයකට ගෙවනු ලබයි)
  • හඳුන්වාදීමේ අධ්‍යයන වැඩසටහන (IAP) - අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට පෙර ඔස්ට්‍රේලියාවේ ජීවත්වීම සහ ඉගෙනීම පිළිබඳ තොරතුරු ආවරණය වන විධිමත් අනිවාර්ය වැඩසටහනකි.
  • විදේශීය ශිෂ්‍ය සෞඛ්‍ය ආවරණය (OSHC) පාඨ මාලා කාලසීමාව සඳහා (ශිෂ්‍යත්ව ලාභීන් සඳහා පමණි)
  • පූර්ව පාඨමාලා ඉංග්‍රීසි (PCE) ගාස්තු - අවශ්‍ය යැයි සලකන්නේ නම් තම රට තුළ සහ/හෝ ඔස්ට්‍රේලියාවේ පුහුණුව සඳහා සිසුන්ට PCE ලබා ගත හැකිය.
  • ශිෂ්‍යත්වලාභියෙකුගේ අධ්‍යයන සාර්ථකත්වය සහතික කිරීමට හෝ ඔවුන්ගේ අධ්‍යයන අත්දැකීම් වැඩිදියුණු කිරීමට අතිරේක අධ්‍යයන සහාය ලබා ගත හැකිය.
  • සුදුසුකම් ලත් පර්යේෂණ සිසුන් සඳහා ක්ෂේත්‍ර කටයුතු ඔවුන්ගේ පුරවැසිභාවය ඇති රටේ හෝ ඕස්ට්‍රේලියාව තුළ සිදුකළ හැකි අතර තම රටට යනවිට economy පන්තියේ return ගුවන් ටිකට් පතක් සඳහා මුදල් ගෙවීමක් කෙරේ.
Applications for Australia Awards Scholarships will open from next week
Source: Getty Images

ශිෂ්‍යත්ව පිරි නැමීමේ කොන්දේසි

ඔස්ට්‍රේලියානු සම්මාන ශිෂ්‍යත්වයක් පිළිගැනීමට කැමති අයදුම්කරුවන් ශිෂ්‍යත්වයේ කොන්දේසි වලට අනුකූල වන බව ප්‍රකාශ කරමින් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය සමඟ ගිවිසුමක් අත්සන් කිරීමට අවශ්‍ය වේ.

ශිෂ්‍යත්වලාභීන් ඔවුන්ගේ ශිෂ්‍යත්වය සම්පූර්ණ කිරීමෙන් පසු අවම වශයෙන් වසර දෙකක කාලයක් තුළ ඔස්ට්‍රේලියාවෙන් පිටවිය යුතුය. එසේ කිරීමට අපොහොසත් වුවහොත් අදාළ ශිෂ්‍යත්වලාභියා තම ශිෂ්‍යත්වයේ සම්පූර්ණ පිරිවැය සඳහා ණයක් දැරීමට සිදුවේ.


ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය:  

SBS සිංහල Facebook පිටුව: 

SBS Radio App:  හෝ  වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.


අයදුම් කරන්නේ කෙසේද?

Australia Awards Scholarships හෙවත් ඔස්ට්‍රේලියානු සම්මාන ශිෂ්‍යත්ව සඳහා ශ්‍රී ලංකාවේ අයදුම්කරුවන්ට ද අයදුම් කළ හැකිය.

එම අයදුම්පත් කැඳවීම 2022 පෙබරවාරි 01 සිට ඇරඹෙන අතර මැයි 31 දක්වා විවෘතව පවතී.

මේ සඳහා අයදුම්කරන්නේ කෙසේදැයි වැඩි විස්තර

Share
Published 28 January 2022 1:18pm
By Madhura Seneviratne

Share this with family and friends