ඔස්ට්‍රේලියාවට පැමිණෙන ජාත්‍යන්තර සංචාරකයින් සිදුකළ යුතු කොවිඩ් පරීක්ෂණවල වෙනස්කම් කිහිපයක් (SBS සිංහල/ වාර්තා)

තම ගුවන් ගමන පිටත් වී පැය 24ක් ඇතුළත ඔස්ට්‍රේලියාවට ඇතුළු වන ජාත්‍යන්තර සංචාරකයින්ට rapid antigen පරීක්ෂණ ප්‍රතිඵල ඉදිරිපත් කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය අවසර ලබාදී තිබේ.

Overseas tourists can return to Australia from next week.

Source: AAP Image/James Gourley

ඔස්ට්‍රේලියාවට පැමිණෙන ජාත්‍යන්තර සංචාරකයින්ට ඍණාත්මක PCR පරීක්ෂණ ප්‍රතිඵල මෙන්ම ඍණාත්මක rapid antigen පරීක්ෂණ ප්‍රතිඵල ද දැන් පෙන්විය හැකිය.

ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය ඊට අවසර ලබාදුන් බව ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු පිළිබඳ ඇමතිනී Karen Andrews විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පැවසුවාය.


Highlights

  • ඍණාත්මක PCR පරීක්ෂණ ප්‍රතිඵලවලට අමතරව ඍණාත්මක rapid antigen පරීක්ෂණ ප්‍රතිඵලද ඔස්ට්‍රේලියාව දැන් පිළිගනී.
  • මෙම තීරණය ඊයේ (23/01) අලුයම සිට බලාත්මක කෙරුණි.
  • ඊට අමතරව ධනාත්මක කොවිඩ් පරීක්ෂණ ප්‍රතිඵලයක් ලැබීම සහ ඔස්ට්‍රේලියාවට ඇතුළුවීමට අවසර ලබා ගැනීමට හැකි වීම අතර තිබූ දින 14 ක කාලය  දින 7 දක්වා අඩු කර ඇත.

ඔස්ට්‍රේලියාවට ඇතුළුවීමේදී rapid antigen පරීක්ෂණ ප්‍රතිඵලත් පිළිගනී

තම ගුවන් ගමන පිටත් වී පැය 24ක් ඇතුළත ඔස්ට්‍රේලියාවට ඇතුළු වන ජාත්‍යන්තර සංචාරකයින්ට rapid antigen පරීක්ෂණ ප්‍රතිඵල ඉදිරිපත් කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය අවසර ලබාදී තිබේ.

මෙම අවසරය ඊයේ (23/01) අලුයම සිට බලාත්මක කෙරුණි.


මෙම ලිපිය SBS සිංහල සේවය මඟින් සම්පාදනය කරන ලද ලිපියකි. මෙහි ඇති තොරතුරු ලබා ගැනීමේදී හෝ පිටපත්  කරගැනීමේදී SBS සිංහල සේවය වෙතින් උපුටා ගත් බවට සඳහන් කිරීම මඟින් කර්තෘ හිමිකාරීත්වය ලබාදීමට කාරුණික වන්න.


ඒ අනුව මීට පෙර ඔස්ට්‍රේලියාවට ඇතුළු වීමට දින 3 කට පෙර ඍණාත්මක PCR පරීක්ෂණ ප්‍රතිඵලයක් ඉදිරිපත් කළ යුතු බවට නීතියක් තිබුණද දැන් එය rapid antigen පරීක්ෂණවලට අවසර දීමෙන් ගුවන් මගීන්ට වැඩි නම්‍යශීලීතාවක් ලබා දී ඇත.

ඔස්ට්‍රේලියාවේ 2015 ජෛව ආරක්ෂණ පනත යටතේ මෙම සංශෝධනය සිදුකර තිබේ.

PCR පරීක්ෂණ තවමත් නිවැරදි කාර්යක්‍ෂම කොවිඩ් පරීක්ෂණය ලෙස පවතින අතර ඔස්ට්‍රේලියාවට ඇතුළු වීමට පැය 24ක් ඇතුළත rapid antigen පරීක්ෂණයක් සිදුකිරීමට ද ඒ අනුව ජාත්‍යන්තර සංචාරකයින්ට අවස්ථාව සැලසේ.

මෙය කොවිඩ් රෝග විනිශ්චය අරමුණු සඳහා rapid antigen පරීක්ෂණ ප්‍රතිඵල පිළිගැනීමට ඔස්ට්‍රේලියාව තුළ ගෙන යන පියවරයන්ට අනුකූල වේ.
Changes to pre-departure testing for international arrivals to Australia
Source: AAP Image/Con Chronis

ජාත්‍යන්තර සංචාරකයින්ට තවත් සහනයක්

ඉහත සංශෝධනයට අමතරව ධනාත්මක කොවිඩ් පරීක්ෂණ ප්‍රතිඵලයක් ලැබීම සහ ඔස්ට්‍රේලියාවට ඇතුළුවීමට අවසර ලබා ගැනීමට හැකි වීම අතර මෙතෙක් පනවා තිබූ දින 14 ක කාලය  දින 7 දක්වා අඩු කිරීමට ද ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය තීරණය කර තිබේ.

මේ හරහා නව දේශීය නිරෝධායන අවශ්‍යතාවලට අනුකූලව විදේශයන්හි COVID-19 වැළඳී ඇති සංචාරකයින් නැවත ඔස්ට්‍රේලියාවට පැමිණීමට බලා සිටීමේ කාලය අඩු කරයි.

තම රටින් ඔස්ට්‍රේලියාවට පිටත්වීමට පෙර සිදුකරගත යුතු කොවිඩ් පරීක්ෂණ අවශ්‍යතා ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් නිරන්තරයෙන් සමාලෝචනය කරනු ලැබේ.
ඒ සඳහා දේශීය හා ජාත්‍යන්තර වසංගත රෝග විද්‍යාව සැලකිල්ලට ගන්නා බවද ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු පිළිබඳ ඇමතිනී Karen Andrews පැවසුවාය.

මේ අතර ඔස්ට්‍රේලියාවට පැමිණෙන ජාත්‍යන්තර සංචාරකයින් ඔවුන්ගේ ගුවන් ගමනේදී තවමත් මුව ආවරණයක් පැළඳිය යුතුය.

ඊට අමතරව නිරෝධායනය සහ ඔස්ට්‍රේලියාවට ඇතුළුවීමේ පරීක්ෂණ සම්බන්ධයෙන් ඒ ඒ ප්‍රාන්ත සහ ටෙරිටරි රජයන්ගේ උපදෙස් ජාත්‍යන්තර සංචාරකයින්  විසින් අනුගමනය කළ යුතුය.


 

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය:  

SBS සිංහල Facebook පිටුව: 

SBS Radio App:  හෝ  වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.



Share
Published 24 January 2022 11:56am
Updated 12 August 2022 2:54pm
By Rayane Tamer, Madhura Seneviratne
Source: SBS News


Share this with family and friends