ඔස්ට්‍රේලියාවේ විශ්‍රාමික වයස් මට්ටම පහළ දමන අතෙර් ලොව අනෙකුත් රටවල විශ්‍රාමික වයස් මට්ටම් මෙන්න. (SBS සිංහල/වාර්තා)

ඔස්ට්‍රේලියාව හා ශ්‍රී ලංකාව ඇතුළු ලොව ප්‍රධාන පෙළේ රටවල විශ්‍රාමික වයස් මට්ටම පවතින්නේ කුමන අයුරින්ද යන්න මෙම ලිපියෙන් ඉදිරිපත් කෙරේ.

retirement age

Source: AAP

ඔස්ට්‍රේලියාවේ විශ්‍රාමික වයස් මට්ටම 2035 වන විට වයස අවුරුදු 70 තෙක් ඉහළ දැමීමට ලිබරල් සන්ධාන රජය ගෙන තිබූ තීරණය ඔස්ට්‍රේලියාවේ නව අග්‍රාමත්‍ය  Scott Morrison පසුගිය බදාදා වෙනස් කිරීමට තීරණය කළේය.

ඒ සමග විශ්‍රාමික වයස් මට්ටම පිළිබඳ ඔස්ට්‍රේලියානු සමාජයේ උණුසුම් කතා බහක් ආරම්භ වෙමින් පවතී.

ඔස්ට්‍රේලියාව හා ශ්‍රී ලංකාව ඇතුළු ලොව ප්‍රධාන පෙළේ රටවල විශ්‍රාමික වයස් මට්ටම පවතින්නේ කුමන අයුරින්ද යන්න මෙම ලිපියෙන් ඉදිරිපත් කෙරේ.

ඔස්ට්‍රේලියාව

ඔස්ට්‍රේලියාවේ වත්මන් විශ්‍රාමික වයස් මට්ටම වයස අවුරුදු 65.5 ක් වන අතර එය වසර 2023 වන විට 67 දක්වා ඉහළ දැමීමට නියමිතය.

මේ වන විට ඔස්ට්‍රේලියාවේ විශ්‍රාමික වයස් මට්ටම සෑම වසර දෙකකට වරක්ම මාස 6 කින් ඉහළ දමනු ලබයි.

එක්සත් රාජධානිය

එක්සත් රාජධානියේ පිරිමින් සඳහා වත්මන් විශ්‍රාමික වයස් මට්ටම වයස අවුරුදු 65 ක් වන අතර කාන්තාවන් සඳහා එය අවුරුදු 60 සිට 65 දක්වා ක්‍රමිකව ඉහළ දමමින් සිටියි.

එය වසර 2020 වන විට පිරිමි හා කාන්තා දෙපාර්ශවයටම අදාළ වන පරිදි 66 දක්වා ඉහළ දැමීමට නියමිතය.
retirement age
Source: Getty Images

ඇමෙරිකා එක්සත් ජනපදය

ඇමෙරිකා එක්සත් ජනපදයේ  විශ්‍රාමික වයස් මට්ටම තීරණය කරනු ලබන නීති හා ක්‍රමවේදය තරමක් සංකීර්ණය.

ඇමෙරිකාවේ විශ්‍රාමික වයස් මට්ටම වයස අවුරුදු 65 පැවති අතර වසර 1959 න් පසුව උපත ලැබූ පුද්ගලයින්ට එම මට්ටම වයස අවුරුදු 67 ක් බව සඳහන්.

නමුත් ඇමෙරිකානු සේවකයෙකු හට විශ්‍රාම ගැනීමට අවශ්‍යනම් වයස අවුරුදු 62 ඉක්මවූ පසු එම තීරණය ගැනීමට ඔහුට හෝ ඇයට අයිතිය ලබා දී තිබේ.

රුසියාව

රුසියානු පිරිමියෙකුගේ විශ්‍රාමික වයස් මට්ටම අවුරුදු  60 සිට 65 දක්වාද කාන්තාවකගේ වයස් මට්ටම අවුරුදු  55 සිට 63 දක්වාද ඉහළ දැමීමට රුසියානු ජනාධිපති Vladimir Putin යෝජනා කර තිබුණද කාන්තාවන්ගේ විශ්‍රාමික වයස් මට්ටම වයස අවුරුදු 60 විය යුතු බවට යෝජනා වී තිබේ.
retirement age
Source: Bloomberg

චීනය

කාන්තා - පිරිමි විශ්‍රාමික වයස් මට්ටම සලකා බලන කල ලොව වැඩිම පරතරයක් ඇත්තේ චීනයේ බව අනාවරණය වෙයි.

චීනයේ කාන්තාවකගේ විශ්‍රාමික වයස් මට්ටම වයස අවුරුදු 50 (රජයේ සේවයේ නම් අවුරුදු 55) වන අතර පිරිමියෙකුගේ විශ්‍රාමික වයස් මට්ටම වයස අවුරුදු 60 වෙයි.

ඉන්දියාව

ආසියානු කලාපයේ අවම විශ්‍රාමික වයස් මට්ටම පවතින්නේ ඉන්දියාවේය.

ඉන්දියාවේ පුද්ගලික අංශයේ සේවකයින්ට වයස අවුරුදු 58 න විශ්‍රාම යා හැකි අතර රජයේ සේවයේනම් වයස අවුරුදු 60 දී විශ්‍රාම යා හැකිය.
retirement age
Source: Getty Images

ශ්‍රී ලංකාව

ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවකයෙකුගේ විශ්‍රාමික වයස් මට්ටම වයස අවුරුදු 60 ක් වන බව විශ්‍රාම කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

නමුත් කොන්ත්‍රාත් පදනම මත එය වයස අවුරුදු 67 දක්වා ඉහළ දැමිය හැකි බවද ඔහු පවසයි.

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න -

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව -

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------



Share
Published 7 September 2018 1:06pm
By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends