50 වසරකට පසුව ඔස්ට්‍රේලියාවේ පහළම ඇල්කොහොල් පරිභෝජන අගය වාර්තා වෙයි. (SBS සිංහල/වාර්තා)

තවමත් ඔස්ට්‍රෙලියානුවන්ගේ ජනප්‍රියම මධ්‍යසාරය බවට පත්ව ඇත්තේ බීර බවත් එය 2016/17 වසරේදී 39.2% ක පරිභෝජන ප්‍රතිශතයක් ගත් බවත් වාර්තා වේ.

Alcohol consumption in Australia

Source: SBS

ඔස්ට්‍රේලියානුවන් මධ්‍යසාර පානය කිරීමේ අඩුවීමක් දක්නට ඇති බව නවතම දත්ත වාර්තා පෙන්වා දෙයි.

පසුගිය වසරේදී ඔස්ට්‍රේලියානුවන් ගේ ඇල්කොහොල් පරිභෝජනය සැලකිය යුතු ලෙස පහළ ගොස් ඇති බව ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය පවසයි.
Alcohol consumption in Australia
Source: SBS

50 වසරකට පසුව පහළම ඇල්කොහොල් පරිභෝජන අගය

2016/17 වසරේදී ඔස්ට්‍රේලියානුවන් ලීටර් මිලියන 186 ක ඇල්කොහොල් පරිභෝජනය කර ඇති බවත් 1961/62 වසරෙන් පසුව ඔස්ට්‍රේලියාවෙන් වාර්තාවූ පහළම අගය එය බවත් ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය පෙන්වා දෙයි.

එම අගයට අනුව වයස අවුරදු 15 ට වැඩි සෑම පුද්ගලයෙකුම වසරකට ලීටර් 9.4  ක ඇල්කොහොල් පරිභෝජනය කරන බවට සැසඳිය හැකි බවද සඳහන්.

එනම් කුඩා ප්‍රමාණයේ බීර බෝතල් 224 ක්, වයින්බෝතල් 38 ක්, සයිඩර් බෝතල් 17 ක්, පූර්ව මිශ්‍ර  කරන ලද මධ්‍යසාර කෑන් 33ක් සහ මධ්‍යසාර බෝතල් 4 ක ට සමානවේ.
Alcohol consumption in Australia
Moderate alcohol consumption for healthy older Australians has been found to reduce the risk of cardiovascular disease. Source: Getty Images

මෙතෙක් වාර්තාවූ ඉහලම ඇල්කොහොල් පරිභෝජන අගය

ඔස්ට්‍රේලියානු ඉතිහාසයේ මෙතෙක් වාර්තාවූ ඉහලම ඇල්කොහොල් පරිභෝජන අගය 1974/75 වර්ෂයෙන් වාර්තා වේ.

එහිදී වසරකට පුද්ගලයෙකුගේ සාමන්‍යය බීර පරිභෝජනය කුඩා ප්‍රමාණයේ බීර බෝතල් 500 ක් බව සඳහන්.
Alcohol consumption in Australia has considerably reduced over the past 57 years.
Source: Getty Images

ජනප්‍රියම පානය

ඔස්ට්‍රේලියානුවන්ගේ ඇල්කොහොල් පරිභෝජන අගය 2016/17 වසරේදී පහළ යාමට ප්‍රධානතම සාධකය වන්නේ විශාල ලෙස බීර පරිභෝජනය අඩුවීම බවද ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය පවසයි.

මීට පෙර වසර සමග සසඳන කල එය 3.4% ක හෙවත් ලීටර් මිලියන 2.6 ක පහත වැටීමකි.

නමුත් තවමත් ඔස්ට්‍රෙලියානුවන්ගේ ජනප්‍රියම මධ්‍යසාරය බවට පත්ව ඇත්තේ බීර බවත් එය 2016/17 වසරේදී 39.2% ක පරිභෝජන ප්‍රතිශතයක් ගත් බවත් වාර්තා වේ.

වයින් එහි දෙවනි තැනට පත්ව ඇත්තේ 38.3% ක ප්‍රතිශතයක් ගනිමිනි.

ඉන් අනතුරුව මධ්‍යසාර 13.1% ක්ද ready-to-drink මධ්‍යසාර වර්ග 6% ක් ද සහ සයිඩර් 3.4% ක්ද යනුවෙන් ලැයිස්තුවේ ඊළඟ ස්ථාන වලට පත්ව ඇත.

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න -

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව -

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------



Share
Published 4 September 2018 11:14am
By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends