2018 වසරේ ලොව බලගතුම ගුවන් ගමන් බලපත්‍ර මොනවාද? (SBS සිංහල/වාර්තා)

Global Passport Power Rank දර්ශකය නිර්මාණය වී ඇත්තේ visa-free හෙවත් වීසා නොමැතිව යා හැකි රටවල් සංඛ්‍යාව සහ visa on arrival රටවල් ප්‍රමාණය මත ලබා දෙන ලකුණු ප්‍රමාණය මතය.

Global Passport Power Rank 2018

Source: SBS

ගුවන් ගමන් බලපත්‍ර වල බලවත්කම මනිනු ලබන ලොව ප්‍රධාන දර්ශක දෙකක් පවතී.

ඉන් එකක් Henley Passport Index වන අතර අනෙක Global Passport Power Rank වෙයි.

Global Passport Power Rank දර්ශකය නිර්මාණය වී ඇත්තේ visa-free හෙවත් වීසා නොමැතිව යා හැකි රටවල් සංඛ්‍යාව සහ visa on arrival රටවල් ප්‍රමාණය මත ලබා දෙන ලකුණු ප්‍රමාණය මතය.
Global Passport Power Rank 2018
Source: Getty Images

2018 Global Passport Power Rank දර්ශකය

2018 වසර සඳහා ලොව බලවත්ම ගුවන් ගමන් බලපත්‍ර පිළිබඳ Global Passport Power Rank දර්ශකය පසුගිය දිනෙක passportindex වෙබ් අඩවිය විසින් අනාවරණය කළ අතර එහි ප්‍රථම ස්ථානය දිනාගැනීමට සිංගප්පූරු ගුවන් ගමන් බලපත්‍රය සමත් වී තිබේ.

සිංගප්පූරු ගුවන් ගමන් බලපත්‍රයේ  visa-free ලකුණු සංඛ්‍යාව 166 කි.

ඒ අනුව සිංගප්පූරු ගුවන් ගමන් බලපත්‍රයෙන් වීසා නොමැතිව රටවල් 127 කට යාමට හැකි අතර රටවල් 39 කට visa on arrival මගින් ගමන් කළ හැකිය.

ජර්මනිය, ඩෙන්මාර්කය, ස්වීඩනය, ෆින්ලන්තය, ලක්ෂම්බර්ග්, නෝර්වේ, නෙදර්ලන්තය, දකුණු කොරියාව සහ ඇමෙරිකා එක්සත් ජනපදය යන රටවල ගුවන් ගමන් බලපත්‍ර මෙම දර්ශකයේ දෙවැනි ස්ථානය හිමි කරගෙන තිබේ.

එම රටවල visa-free ලකුණු සංඛ්‍යාව 165 කි.


 

SBS සිංහල Facebook පිටුව -

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”


 

2018 Global Passport Power Rank දර්ශකයේ තුන්වන ස්ථානය දිනාගත් ගුවන් ගමන් බලපත්‍ර 8 ක් පවතී.

ඉතාලිය, ප්‍රංශය, ස්පාඤ්ඤය, ග්‍රීසිය, පෘතුගාලය, ජපානය, අයර්ලන්තය සහ කැනඩාව යන රටවල ගුවන් ගමන් බලපත්‍ර මෙවර මෙම දර්ශකයේ තුන්වැනි තැන හිමිකරගෙන ඇත.

එම රටවල visa-free ලකුණු සංඛ්‍යාව 164 ක් බව passportindex වෙබ් අඩවිය වාර්තා කරයි.

ස්විට්සර්ලන්තය, බෙල්ජියම, ඔස්ට්‍රියාව, හංගේරියාව සහ එක්සත් රාජධානියේ ගුවන් ගමන් බලපත්‍ර 2018 Global Passport Power Rank දර්ශකයට අනුව සිව්වන තැනට පත්ව ඇත්තේ visa-free ලකුණු 163 ක් ලබා ගැනීමෙනි.
Global Passport Power Rank 2018
Source: Getty Images

ඔස්ට්‍රේලියාව කී වෙනි තැනද?

2018 Global Passport Power Rank ගුවන් ගමන් බලපත්‍ර දර්ශකයට අනුව ඔස්ට්‍රේලියාවට හිමිව ඇත්තේ 5 වන ස්ථානය වන අතර ඔස්ට්‍රේලියානු ගුවන් ගමන් බලපත්‍රයේ visa-free ලකුණු ප්‍රමාණය 162 කි.

එනම් ඔස්ට්‍රේලියානු ගුවන් ගමන් බලපත්‍රයෙන් වීසා නොමැතිව රටවල් 110 කට ගමන් කළ හැකි අතර visa on arrival රටවල් ප්‍රමාණය 52 කි.

ඔස්ට්‍රේලියාවට අමතරව නවසීලන්තය, මැලේසියාව, චෙච්නියාව සහ මෝල්ටාව යන රටවල ගුවන් ගමන් බලපත්‍රද මෙවර Global Passport Power Rank දර්ශකයේ 5 වන ස්ථානයට පත්ව ඇත්තේ visa-free ලකුණු 162 ක් ලබා ගනිමිනි.
Global Passport Power Rank 2018
Source: Facebook

ශ්‍රී ලංකාවට කී වෙනි තැනද ?

2018 Global Passport Power Rank ගුවන් ගමන් බලපත්‍ර දර්ශකයට අනුව ශ්‍රී ලංකා ගුවන් ගමන් බලපත්‍රයට 81 වන ස්ථානය හිමිව ඇති අතර එමගින් වීසා නොමැතිව යා හැකි රටවල් ප්‍රමාණය 17 ක් බව දැක්වෙයි.

ශ්‍රී ලංකා ගුවන් ගමන් බලපත්‍රයේ visa-free ලකුණු 45 ක් පවතින අතර වීසා නොමැතිව යා හැකි රටවල් ප්‍රමාණය 17 ක් සහ visa on arrival රටවල් ප්‍රමාණය 28 ක් ලෙස දැක්වෙයි.

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න -

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව -

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------

Share
Published 29 August 2018 12:42pm
By Madhura Seneviratne

Share this with family and friends