මෙල්බර්න් නුවර නිවසක් කුලියට ගන්නා විට මේ නගර පිළිබඳ සැළකිලිමත් වෙන්න. (SBS සිංහල/වාර්තා)

මෙල්බර්න් නුවර ඇතුළු නගරයක පිහිටි කාමර 3 ක නිවසක් කුලියට ගෙන ජීවත් වන පවුලකට නිවාස සම්බන්ධ ආර්ථික පීඩනයක් නොමැතිව ජීවත්වීමට නම් වසරකට ඩොලර් 130,000 ක ආදායමක් ලැබිය යුතු බව එම වාර්තාව පෙන්වා දෙයි.

Melbourne's most & least affordable suburbs to rent.

Source: AAP

ඔස්ට්‍රේලියාවේ නිවාස ණය, නිවාස කුලිය සහ ගෘහස්ත ආදායම පිළිබඳ මූලිකවම අවධානය යොමු කෙරෙන The Affordable Housing Income Gap වාර්තාව පසුගිය සතියේදී එළි දැක්විණි.

එම වාර්තාවට අනුව මෙල්බර්න් නුවර ඇතුළු නගරයක පිහිටි කාමර 3 ක නිවසක් කුලියට ගෙන ජීවත් වන පවුලකට නිවාස සම්බන්ධ ආර්ථික පීඩනයක් නොමැතිව ජීවත්වීමට නම් වසරකට ඩොලර් 130,000 ක ආදායමක් ලැබිය යුතු බව පෙන්වා දෙයි.

සාමන්‍ය නිවැසියෙකු වසරකට ලබන ආදයාමට වඩා එම අගය ඩොලර් 50,000 කින් පමණ ඉහළ බවද එම වාර්තාව පෙන්වා දෙයි.

එමෙන්ම මෙල්බර්න් නුවර ඇතුළු නගරයක පිහිටි කාමර 3 ක නිවසක් කුලියට ගෙන ජීවත් වන පවුලකට නිවාස සම්බන්ධ ආර්ථික පීඩනයක් නොමැතිව ජීවත්වීමට නම් වසරකට ඩොලර් 93,600 ක ආදායමක් ලැබිය යුතු බවද The Affordable Housing Income Gap වාර්තාව අනාවරණය කරයි.
Melbourne's most & least affordable suburbs to rent.
Source: AAP

නිවාස සම්බන්ධ ආර්ථික පීඩනය මැනීම

The Affordable Housing Income Gap වාර්තාවට අනුව නිවැසියන් තම ආදායමෙන් 30% කට වඩා තම නිවාස ණය හෝ කුලිය ගෙවනු ලබනවා නම් ඔවුන් හට නිවාස සම්බන්ධ ආර්ථික පීඩනයක් පවතී.

මෙල්බර්න් නුවර අධික නිවාස කුලියෙන් මිදීමක් වශයෙන් මෙල්බර්න් නගරයේ සිට සැලකිය යුතු දුරකින් පිහිටි නගර වල කුලී නිවාස තෝරාගැනීම හෝ එක් කාමරයක් පමණක් සහිත apartment එකක් තෝරාගැනීම හෝ යෝග්‍ය බව Compass Housing හි Martin Kennedy, ABC පුවත් වෙබ් අඩවියට පැවසීය.

නමුත් බොහෝ පිරිස්  මෙම නිවාස සම්බන්ධ ආර්ථික පීඩනය දරාගෙනම ජීවත්වන බව ඔහු පෙන්වා දෙයි.
miete newstart mieten hauspreis liegenschaft
Source: Flickr

මෙල්බර්න් නුවර නිවාස කුලිය දැරිය හැකි මට්ටම අවම සීමාවක පවතින උප නගර

එම වාර්තාවට අනුව මෙල්බර්න් නුවර නිවාස කුලිය දැරිය හැකි මට්ටම අවම සීමාවක පවතින උප නගර ලෙස පහත නගර දැක්වෙයි.

  • Brighton (44%)
  • Port Melbourne (38%)
  • Mornington: (37%)
  • Carlton North (37%)
  • Hampton (36%)
Las posibilidades de comprar una vivienda en las capitales australianas aumentan, según un nuevo informe
Las posibilidades de comprar una vivienda en las capitales australianas aumentan, según un nuevo informe Source: AAP

මෙල්බර්න් නුවර නිවාස කුලිය දැරිය හැකි මට්ටමේ පවතින උප නගර

එම වාර්තාවට අනුව මෙල්බර්න් නුවර නිවාස කුලිය දැරිය හැකි මට්ටම උපරිම අගයක පවතින උප නගර ලෙස පහත නගර දැක්වෙයි.

  • Melton: (21%)
  • Dandenong: (22%)
  • St Albans: (22%)
  • Sunshine: (22%)
  • Noble Park: (22%)
--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න -

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව -

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------

Share
Published 31 August 2018 10:34am
Updated 15 September 2018 8:19am
By Madhura Seneviratne

Share this with family and friends