ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා ඉඩ සලසන රැකියා සීමා ලැයිස්තුවේ IT කෝටාව ඉහළ දමයි. Accountants කෝටාව පහළ දමයි. (SBS සිංහල/වාර්තා)

2017 - 18 Occupation ceiling list හෙවත් “රැකියා සීමා ලැයිස්තුව” ට අනුව 6,202 ක්ව තිබූ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ පරිගණක මෘදුකාංග හා මෘදුකාංග ඉංජිනේරු (2613 - Software and Applications Programmers) ගේ කෝටාව 2018 -19 වසරේ 7,271 දක්වා ඉහළ දමා තිබේ.

Occupation Ceiling Value 2018-19

Source: SBS

ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා අයදුම් කිරීමට අවස්ථාව සලසන නිපුණතා සංක්‍රමණික ලැයිස්තුවට අදාළ නවතම ආරාධනා පත්‍ර වටයේ තොරතුරු පසුගිය සතියේදී ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු දෙපර්තමේන්තුවේ වෙබ් අඩවිය විසින් ප්‍රකාශයට පත් කරන ලදී.

ඒ අනුව 2018 - 19 වසර සඳහා මේ වන විට ආරාධනා පත්‍ර (Invitation Rounds) වට දෙකක් ප්‍රකාශයට පත් කර ඇත.

2018 ජූලි 11 වන දින පළමුවැන්න නිකුත් කර ඇති අතර දෙවැන්න අගෝස්තු 11 වන දිනට නිකුත් කර තිබේ.
SBS
Source: SBS

අගෝස්තු 11 ආරාධනා පත්‍ර වටය

මෙහිදී Skilled - Independent (subclass 189) සඳහා ආරාධනා පත්‍ර 2490 ක්ද Skilled - Regional (Provisional) (subclass 489) සඳහා ආරාධනා පත්‍ර 10 ක්ද නිකුත් කර ඇති බව ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු දෙපර්තමේන්තුවේ වෙබ් අඩවිය වාර්තා කරයි.

ඒ අනුව අගෝස්තු 11 ආරාධනා පත්‍ර වටයෙදී නිකුත් කර ඇති මුළු ආරාධනා පත්‍ර ප්‍රමාණය 2500 කි.


 

SBS සිංහල Facebook පිටුව -

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”


 

මීට පෙර වසර වල සෑම මාසයකටම ආරාධනා පත්‍ර වට දෙකක් සති දෙකකට වරක් ක්‍රියාත්මක විය.

එහිදී එක් වටයකට මුළු ආරධනා පත්‍ර 1250 ක් නිකුත් කෙරිණි.

නමුත් 2018 ජූලි මාසයේ පටන් සෑම මසකටම එක් වරක් ආරාධනා පත්‍ර නිකුත් කෙරෙන අතර එහිදී මුළු  ආරධනා පත්‍ර 2500 ක් නිකුත් කෙරේ.
Occupation Ceiling
Source: Getty Images

IT කෝටාව ඉහළ දමයි.

2017 - 18 Occupation ceiling list හෙවත් “රැකියා සීමා ලැයිස්තුව” ට අනුව 6,202 ක්ව තිබූ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ පරිගණක මෘදුකාංග හා මෘදුකාංග ඉංජිනේරු (2613 - Software and Applications Programmers) ගේ කෝටාව 2018 -19 වසරේ  7,271 දක්වා ඉහළ දමා තිබේ.

ඒ අනුව මෙවර 2613 ඛාණ්ඩයේ කෝටාව 1,069 කින් වැඩිවී ඇති අතර තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ උදවියට මෙය ඉතා සුබදායී පුවතකි.

ගණකාධිකාරී කෝටාව අඩු කරයි.

නමුත් 2018 -19 Occupation ceiling list හෙවත් “රැකියා සීමා ලැයිස්තුව” ට අනුව ගණකාධිකාරී (2211 - Accountants) කෝටාව අඩු වී ඇත.

2017 - 18 Occupation ceiling list හෙවත් “රැකියා සීමා ලැයිස්තුව” ට අනුව 4,785 ක්ව තිබූ ගණකාධිකාරී කෝටාව මෙවර 3,753 ක් දක්වා අඩු කර තිබේ.

එය 1,032 ක අඩුවීමකි.

මෙය ගණකාධිකාරී (2211 - Accountants) ක්ෂේත්‍රයේ උදවියට කණගාටුදායී පුවතකි.
Occupation Ceiling
Source: SBS

අගෝස්තු 11 වටයේ ප්‍රධාන වෘත්තීන් හි ලකුණු මට්ටම්

අගෝස්තු 11 වටයේ ඉහළ ඉල්ලුමක් ඇති වෘත්තීන් සඳහා ආරාධනා පත්‍ර යොමු කෙරුණු ලකුණු මට්ටම පහත පරිදි වේ.
Occupation Ceiling
Point scores and the dates of effect cut off for the pro rata occupations in the 11 August 2018 invitation round. Source: Department of Home Affairs
මීලඟ ආරාධනා පත්‍ර වටය සැප්තැම්බර් 11 වන දින ක්‍රියාත්මක වීමට නියමිතව තිබේ.

අගෝස්තු 11 වන විට “Occupation ceiling list 2018 – 19” හි තත්ත්වය පහත පරිදි වේ.

Occupation IDDescriptionOccupation Ceiling Value 2018-19Invitations to 11/08/2018
1213Livestock Farmers4,8410
1331Construction Managers5,9827
1332Engineering Managers1,1318
1341Child Care Centre Managers1,0001
1342Health and Welfare Services Managers1,3022
2211Accountants*3,753300
2212Auditors, Company Secretaries and Corporate Treasurers*1,342107
2241Actuaries, Mathematicians and Statisticians1,00015
2245Land Economists and Valuers1,0008
2247Management consultant3,89445
2321Architects and Landscape Architects1,25167
2322Cartographers and Surveyors1,00013
2331Chemical and Materials Engineers1,000102
2332Civil Engineering Professionals3,510230
2333Electrical Engineers1,000116
2334Electronics Engineers*30024
2335Industrial, Mechanical and Production Engineers*1,780142
2339Other Engineering Professionals*70056
2341Agricultural and Forestry Scientists1,00029
2346Medical Laboratory Scientists1,60028
2347Veterinarians1,00020
2349Other Natural and Physical Science Professionals1,0005
2411Early Childhood (Pre-primary School) Teachers2,48849
2414Secondary School Teachers8,48086
2415Special Education Teachers1,0001
2512Medical Imaging Professionals1,2242
2514Optometrists and Orthoptists1,0000
2519Other Health Diagnostic and Promotion Professionals1,0002
2521Chiropractors and Osteopaths1,0006
2524Occupational Therapists1,22715
2525Physiotherapists1,61317
2526Podiatrists1,0001
2527Speech Professionals and Audiologists1,00017
2531General Practitioners and Resident Medical officers3,34879
2533Internal Medicine Specialists1,0007
2534Psychiatrists1,0002
2535Surgeons1,0004
2539Other Medical Practitioners1,145177
2541Midwives1,0006
2544Registered Nurses17,322293
2611ICT Business and Systems Analysts*1,466117
2613Software and Applications Programmers*7,271581
2621Database and Systems Administrators and ICT Security Specialists2,660204
2631Computer Network Professionals*2,167173
2633Telecommunications Engineering Professionals1,000182
2711Barristers1,0000
2713Solicitors3,77038
2723Psychologists2,22814
2725Social Workers2,12537
3122Civil Engineering Draftspersons and Technicians1,0009
3123Electrical Engineering Draftspersons and Technicians1,0003
3132Telecommunications Technical Specialists1,0006
3211Automotive Electricians1,0000
3212Motor Mechanics6,0999
3222Sheetmetal Trades Workers1,0000
3223Structural Steel and Welding Trades Workers4,6392
3232Metal Fitters and Machinists6,9892
3233Precision Metal Trades Workers1,0000
3241Panelbeaters1,0000
3311Bricklayers and Stonemasons1,5941
3312Carpenters and Joiners8,3725
3322Painting Trades Workers3,2772
3331Glaziers1,0000
3332Plasterers2,0810
3334Wall and Floor Tilers1,2590
3341Plumbers5,7662
3411Electricians9,30312
3421Airconditioning and Refrigeration Mechanics1,8360
3422Electrical Distribution Trades Workers1,0190
3423Electronics Trades Workers1,76910
3513Chefs2,82112
3941Cabinetmakers1,4210
3991Boat Builders and Shipwrights1,0000
--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න -

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව -

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------

Share
Published 3 September 2018 10:45am
Updated 3 September 2018 10:47am
By Madhura Seneviratne

Share this with family and friends