මෙල්බර්න් ජනගහනය මිලියන 5 ඉක්මවයි. (SBS සිංහල/වාර්තා)

ඉංග්‍රීසි වලට අමතරව මේ වන විට මෙල්බර්න් නුවර වැඩියෙන්ම භාවිත කරන භාෂාවන් 5 වන්නේ ඉතාලි, ග්‍රීක්, මැන්ඩරීන්, වියට්නාම් සහ කැන්ටොනීස් වේ.

Melbourne skyline

Source: Flickr

මෙල්බර්න් නුවර ජනගහනය පසුගිය සති අන්තයේදී මිලියන 5 ඉක්මවූ බව වාර්තා වේ.

ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ දත්ත වලට අනුව මෙල්බර්න් නුවර ජනගහනය ඔස්ට්‍රේලියානු ඉතිහාසයේ අන් කෙදිනකටත් වඩා ශීග්‍ර ඉහළ යාමක් මෑත කාලයේදී සිදුව ඇත.
Melbourne hits the 5 million people milestone.
Source: Flickr

මෙල්බර්න් ජනගහනය මිලියන 5 වෙත ළඟාවූ හැටි.

ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ දත්ත වලට සහ www.population.net.au වෙබ් අඩවියට අනුව මෙල්බර්න් ජනගහනය මිලියන 2 ක කරා ළඟාවූයේ 1975 වසරේදී වන අතර 1988 දී එය මිලියන 3 දක්වා ළඟා විය.

1988 වසරේදී එය මිලියන 3 ඉක්මවූ අතර 2009 දී මිලියන 4 වෙත ලඟා විය.

මිලියන 3 සිට මිලියන 4 දක්වා මෙල්බර්න් නුවර ජනගහනය වර්ධනය වීමට වසර 21 ක් ගතවුවත් මිලියන 4 සිට මිලියන 5 වෙත ලඟා වීමට ගතව ඇත්තේ වසර 9 ක් පමණි.

එමෙන්ම මේ වන විට ප්‍රක්ෂේපිත දත්ත වලට අනුව මෙල්බර්න් ජනගහනය වසර 2025 දී මිලියන 6 දක්වා ළඟා අනු ඇති බවටත් එය ඔස්ට්‍රේලියාවේ ඉහළම ජනගහනයක් සහ ජනගහන වර්ධන වේගයක් පවතින සිඩ්නි නුවර අභිබවා යන බවටත් අනුමාන කෙරේ.
Melbourne hits the 5 million people milestone.
Source: AAP

මෙල්බර්න් සංයුතිය

ඔස්ට්‍රේලියාවේ ජන සංගණනයට අනුව මෙල්බර්න් නුවර වාසය කරන පැරණිතම පරම්පරා පැවත එන්නේ ඉංග්‍රීසි, ඔස්ට්‍රේලියානු, අයර්ලන්ත, ස්කොට්ලන්ත සහ ඉතාලි ජාතික පුද්ගලයන්ගෙනි.

ඉංග්‍රීසි වලට අමතරව මේ වන විට මෙල්බර්න් නුවර වැඩියෙන්ම භාවිත කරන භාෂාවන් 5 වන්නේ ඉතාලි, ග්‍රීක්, මැන්ඩරීන්, වියට්නාම් සහ කැන්ටොනීස් වේ.

වත්මන් මෙල්බර්න් වැසියන්ගේ උප්පත්තිය සිදුව ඇති රටවල් දෙස බැලූ කළ එහි ඉහළින්ම සිටින්නේ ඔස්ට්‍රේලියාව, එංගලන්තය, ඉන්දියාව, චීනය, නවසීලන්තය සහ ඉතාලිය වේ.

එමෙන්ම අවසන් සංගණනයට අනුව මෙල්බර්න් නුවර ජනගහනයෙන් 48.8% ක් විවාහක වන අතර 36% ක් කිසි දිනෙක විවාහ වී නොමැත.

එමෙන්ම 7.4% ක් දික් කසාද වී ඇති අතර 2.7% වෙන්ව ජීවත්වේ.
Melbourne hits the 5 million people milestone.
Source: AAP

රැකියා සහ වෘත්තීන්

මෙල්බර්න් නුවර වැඩිම පිරිසක් වෘත්තීයවේදීන් වන අතර එම ප්‍රතිශතය 24.4% කි.

එමෙන්ම 15.3% ක් ලිපිකරු සහ පරිපාලන සේවකයෝ වෙති.

13.2% ක් තාක්ෂණික ශිල්පීන් සහ වෘත්තීය පුහුණු සේවකයෝය.

12.5% ක් කළමනාකරුවන් වන අතර 9.7% ක් වෙළෙඳ සේවකයෝ වෙති.

8.9% ක් ප්‍රජා සහ පුද්ගලික සේවා සපයන සේවකයින් වන අතර 7.9% ක් කම්කරුවන් වේ.

5.8% ක් යන්ත්‍ර ක්‍රියා කරවන්නන් සහ රියදුරන් වන බවද වාර්තා වේ.
Melbourne hits the 5 million people milestone.
Source: Flickr

මෙල්බර්න් වල කර්මාන්ත

මෙල්බර්න් නුවර ඉහළින්ම සිදු කෙරෙන කර්මාන්ත ලැයිස්තුවේ පෙරමුණ ගෙන ඇත්තේ සෞඛ්‍ය හා සමාජ සේවා කර්මාන්තය වේ.

ඉන් අනතුරුව සිල්ලර වෙළෙඳ  අංශය, විද්‍යා හා තාක්ෂණ වැනි වෘත්තීය අංශ, ඉදිකිරීම්, අධ්‍යාපන සහ පුහුණු, හෝටල් සහ ආහාර පාන යන කර්මාන්තද මෙල්බර්න් නුවර ඉහළින්ම සිදු කෙරෙන කර්මාන්ත වේ.

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න -

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව -

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------

Share
Published 3 September 2018 12:38pm
By Madhura Seneviratne

Share this with family and friends