2018 වසෙරේ ලොව ආරක්ෂිතම සහ අනාරක්ෂිත්ම ගුවන් සේවාවන් නම් කෙරෙයි. (SBS සිංහල/වාර්තා)

ඔස්ට්‍රේලියාවේ ජාතික ගුවන් සේවය වන Qantas ගුවන් සේවය සහ Virgin Australia ගුවන් සේවයද ලොව ආරක්ෂිත ගුවන් සේවාවන් 20 අතරට තේරී පත්ව ඇත.

The world's safest and least safe airlines.

Source: Flickr

ලෝකයේ ගුවන් ගමන් සහ ගුවන් සේවාවන් පිළිබඳ සමීක්ෂණ කරමින් ඒවා විවිධ ශ්‍රේණිගත කිරීම් වලට භාජනය කරන ලොව ප්‍රකට  AirlineRatings.com වෙබ් අඩවියට අනුව 2018 වසෙරේ ලොව ආරක්ෂිතම සහ අනාරක්ෂිත්ම ගුවන් සේවාවන් නම් කර තිබේ.

වාර්ෂිකව සිදුකරනු ලබන මෙම ශ්‍රේණිගත කිරීම සඳහා ලොව  ක්‍රියාත්මක වන ප්‍රධාන ගුවන් සේවාවන් 409 ක් විමර්ශනය කර ඇති අතර අතීතයේ සිදුවූ අනතුරු, ඔවුන්ගේ ගුවන් යානා වල සාමන්‍ය ආයු කාලය, අදාළ රජයන්ගේ සහ ගුවන් සේවා කර්මාන්ත නියාමන ආයතන වල විගණනයන් ඒ සඳහා සලකා බලා තිබේ.


 

SBS සිංහල Facebook පිටුව -

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”


 

ඔස්ට්‍රේලියාවේ ජාතික ගුවන් සේවය වන Qantas ගුවන් සේවය සහ Virgin Australia ගුවන් සේවයද ලොව ආරක්ෂිත ගුවන් සේවාවන් 20 අතරට තේරී පත්ව ඇත.

ලොව ප්‍රකට ගුවන් සේවාවන් කිහිපයක්ම ලොව ආරක්ෂිත ගුවන් සේවාවන් 20 අතරට එක්වී ඇති අතර ලොව විශිෂ්ටතම ගුවන් සේවයට හිමි Skytrax සම්මානය මෙවර හිමිකරගත් Singapore ගුවන් සේවයද එම ලයිස්තුවේ පෙරමුණ ගෙන සිටියි.

ඊට අමතරව Air New Zealand, Emirates, Etihad, KLM සහ Lufthansa යන ගුවන් සේවාවන්ද ඊට ඇතුලත් වේ.

එමෙන්ම ලොව ආරක්ෂිත ගුවන් සේවාවන් 20 අතරට ඇමෙරිකානු ගුවන් සේවාවන් 2 ක් පමණක් ඇතුළත් වීම සුවිශේෂී කරුණකි.
The world's safest and least safe airlines.
Source: Pixabay

2018 ලොව ආරක්ෂිතම ගුවන් සේවාවන් 20 අකාරාදී පිළිවෙලට

  1. Air New Zealand
  2. Alaska Airlines
  3. All Nippon Airways
  4. British Airways
  5. Cathay Pacific Airways
  6. Emirates
  7. Etihad Airways
  8. EVA Air
  9. Finnair
  10. Hawaiian Airlines
  11. Japan Airlines
  12. KLM
  13. Lufthansa
  14. Qantas
  15. Royal Jordanian Airlines
  16. Scandinavian Airline System
  17. Singapore Airlines
  18. Swiss
  19. Virgin Atlantic
  20. Virgin Australia
Qantas airplane in an airport
Source: AAP
එමෙන්ම අඩු වියදම් ගුවන් සේවාවන් අතරින් ලොව ආරක්ෂිතම ගුවන් සේවාවන් 10 ද AirlineRatings.com වෙබ් අඩවිය විසින් නම් කර තිබේ.

එම ගුවන් සේවාවන් 10 අකාරාදී අනුපිළිවෙලට පහත පරදී වේ.

  1. Aer Lingus
  2. Flybe
  3. Frontier
  4. HK Express
  5. JetBlue
  6. Jetstar Australia/ Jetstar Asia
  7. Thomas Cook
  8. Virgin America
  9. Vueling
  10. Westjet
The world's safest and least safe airlines.
Source: Pixabay

ලොව ආරක්ෂාව අවම ගුවන් සේවාවන් මොනවාද?

AirlineRatings.com වෙබ් අඩවියට අනුව 2018 වසරේදී ආරක්ෂාව සඳහා single star හෙවත් එක් තරුවක් පමණක් හිමි කරගෙන ඇති ගුවන් සේවාවන් ලෙස උතුරු කොරියාවේ Air Koryo, දකුණු ඇමෙරිකාවේ Suriname හි Bluewing Airlines, ඉන්දුනීසියාවේ Trigana Air Service, නේපාලයේ Buddha Air, Nepal Airlines, Tara Air, සහ Yeti Airlines වාර්තා වේ.

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න -

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව -

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------

Share
Published 7 September 2018 10:36am
By Madhura Seneviratne

Share this with family and friends