2018 වසරේ ඔස්ට්‍රේලියාවේ හොඳම රැකියා මෙන්න. (SBS සිංහල/වාර්තා)

තාක්ෂණික, ගොඩනැගිලි හා ඉදිකිරීම්, සෞඛ්‍ය හා වෛද්‍ය සුරැකුම් යන ක්ෂේත්‍රවල ඔස්ට්‍රේලියාවේ මේ වන විට ඉහළ ඉල්ලුමක් පවතින බව සඳහන්.

The best jobs in Australia for 2018

Source: Getty Images

2018 වසරේ ඔස්ට්‍රේලියාවේ වැඩිම ඉල්ලුමක් සහිත රැකියා වර්ග පිළිබඳ ලෝක ප්‍රකට රැකියා සෙවුම් වෙබ් අඩවියක් වන Indeed වෙබ් අඩවිය පසුගියදා නවතම දත්ත වාර්තාවක් ඉදිරිපත් කළේය.

ඊට අනුව තාක්ෂණික, ගොඩනැගිලි හා ඉදිකිරීම්, සෞඛ්‍ය හා වෛද්‍ය සුරැකුම් යන ක්ෂේත්‍රවල ඔස්ට්‍රේලියාවේ මේ වන විට ඉහළ ඉල්ලුමක් පවතින බව සඳහන්.

එමෙන්ම තම වෙබ් අඩවියේ පළවන දහස් සංඛ්‍යාත රැකියා දැන්වීම් පිළිබඳ විමර්ශනය කරමින් ඔවුන් පෙන්වා දෙන්නේ ඇතැම් රැකියා සඳහා ඉතා ඉහළ වැටුපක්ද ගෙවන බවය.

ඉහත සඳහන් රැකියා බොහොමයක සාමාන්‍ය වාර්ෂික අවම වැටුප $80,000 ඉක්මවන අතර ඇතැම් වැටුප් $100,000 ද ඉක්මවා යන බව ඔවුන් පෙන්වා දෙයි.


 

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”


ඉහළම ඉල්ලුම ඇති රැකියා

මෑත වසර 3 ඇතුළත ඔස්ට්‍රේලියාවේ ඉහළම ඉල්ලුම ඇති රැකියාව වන්නේ lead teacher හෙවත් නායකත්ව ගුරුවරුය.

ඉගැන්වීමේ හැකියාවට අමතරව නායකත්වය ගෙන කටයුතු කිරීමට හැකි පුද්ගලයින් හට මේ අවස්ථාව උදාවන අතර ඔවුන්ගේ සාමන්‍ය මූලික වැටුප වසරකට $92,723 ක් පමණ වේ.
The best jobs in Australia for 2018
Source: SBS

තාක්ෂණික ක්ෂේත්‍රය

තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය තුළ ඔස්ට්‍රේලියාවේ  මෑත වසර 3 ඇතුළත ඉහළම ඉල්ලුම ඇති රැකියාව වන්නේ Full stack developer ය.

ඉන් අනතුරුව data scientist, technology assistant සහ information systems manager යන රැකියා වලටද ඉහළ ඉල්ලුමක් පවතී.

එයින් වැඩිම වැටුපක් හිමිවන්නේ technology assistant සඳහා වන අතර එය වසරකට  සාමන්‍යයෙන් $141,738 වේ.

Cloud engineer සහ  IT security specialist යන රැකියා සඳහා ද ඉහළ ඉල්ලුමක් ඇත.
The best jobs in Australia for 2018
Source: Getty Images

සෞඛ්‍ය හා වෛද්‍ය සුරැකුම්

සෞඛ්‍ය හා වෛද්‍ය සුරැකුම් ක්ෂේත්‍රයේ රැකියා සඳහාද ඔස්ට්‍රේලියාවේ පසුගිය වසරේ සිට ඉහළ ඉල්ලුමක් පවතී.

විශේෂයෙන්ම ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය ප්‍රදේශ වල එම ඉල්ලුම තවත් වැඩිය.

මේ ක්ෂේත්‍රයේ ඉහළම ඉල්ලුමක් ඇත්තේ Wellbeing managers තනතුරට වන අතර එහි වාර්ෂික සාමාන්‍ය වැටුප $110,518 පමණ වේ.

Registered nurse - Oncology, Registered nurse - primary care, maternity nurse සහ clinical lead nurse යන රැකියා සඳහාද ඉහළ ඉල්ලුමක් පවතී.
The best jobs in Australia for 2018
Source: Getty Images

ගොඩනැගිලි හා ඉදිකිරීම්

ඔස්ට්‍රේලියාවේ ගොඩනැගිලි හා ඉදිකිරීම් ක්ෂේත්‍රය තව තවත් වර්ධනය වන බවක් පෙනෙන්නට තිබේ.

එහිදී carpenter, electrical foreman, senior landscape architect, site engineer සහ survey technician යන තනතුරු සඳහා අධික ඉල්ලුමක් ඇත.
The best jobs in Australia for 2018
Source: SBS
Indeed වෙබ් අඩවියට අනුව 2018 වසරේ ඔස්ට්‍රේලියාවේ හොඳම රැකියා 20.
The best jobs in Australia for 2018
Source: Indeed
--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න -

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------

Share
Published 4 September 2018 11:04pm
By Madhura Seneviratne

Share this with family and friends