ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා අයදුම් කළ හැකි දකුණු ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික ප්‍රතිපත්ති වල සුබවාදී වෙනස්කම් රැසක්. (SBS සිංහල/වාර්තා)

South Australian Migration policy changed

Source: SBS Sinhala

තම ප්‍රාන්තයේ general skilled migration nomination policies හෙවත් සාමාන්‍ය නිපුණතා සංක්‍රමණික නිර්දේශ ප්‍රතිපත්ති වල වෙනස්කම් කිහිපයක් සිදු කිරීමට දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත රජයේ ආගමන කටයුතු දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

මෙම වෙනස්කම් හරහා දකුණු ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනික ආයතන වලින් ඉගෙනුම ලැබූ පුද්ගලයින්ට ඔස්ට්‍රේලියාවේ ස්ථාපිත වීමට සහ පූර්ණ කාලීන රැකියා වීසා ලබාගැනීමට විශේෂ අවස්ථාවක් හිමිවනු ඇත.


 

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න -


 

එමෙන්ම අනෙකුත් නිපුණතා සංක්‍රමණිකයින් හටද මෙම වෙනස්කම් හරහා ඔස්ට්‍රේලියාවේ ස්ථාපිත වීමට සහ පූර්ණ කාලීන රැකියා වීසා ලබාගැනීමට වැඩි අවස්ථාවක් හිමිවනු ඇත.

මෙම වෙනස්කම් පහත පරිදි ප්‍රධාන කොටස 3 කට බෙදා වෙන් කළ හැකි වන අතර 2019 පෙබරවාරි 28 වන දින සිට ඒවා ක්‍රියාත්මක වේ.
South Australian Migration policy changed
Source: SBS

දකුණු ඔස්ට්‍රේලියාවේ දීර්ග කාලීනව වාසය කරන ජාත්‍යන්තර සිසුන් හට පූර්ණ කාලීන රැකියා වීසා

දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ සිටින ඇතැම් ජාත්‍යන්තර සිසුන් ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබා ගැනීම සහ තමන්ගේ රැකියා ක්ෂේත්‍රයේ ස්ථාපිත වීමේ ඉලක්ක වෙත ගමන් කිරීමට ඉතා දිගු මාර්ග වල ගමන් කරන බව දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත රජයේ ආගමන කටයුතු දෙපාර්තමේන්තුව හඳුනාගෙන තිබේ.

එනිසාම දීර්ග කාලයක් මුළුල්ලේ දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ වාසය කරමින් ප්‍රාන්තයට කුමන හෝ මට්ටමක දායකත්වයක් ලබා දෙන වර්තමාන ජාත්‍යන්තර දකුණු ඔස්ට්‍රේලියාවේ සිසුන්ට සහ අධ්‍යාපනය හමාර කළ දකුණු ඔස්ට්‍රේලියාවේ සිසුන් හට ඔස්ට්‍රේලියාවේ ස්ථාපිත වීමට අවස්තාවක් ලබා දීමට ප්‍රාන්ත රජයේ ආගමන කටයුතු දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

ඒ අනුව එවැනි සිසු හට පහත සඳහන් කොන්දේසි මත පූර්ණ කාලීන රැකියා කරමින් වසර 4 ක් ඔස්ට්‍රේලියාවේ රැදී සිටීමට හැකි Provisional 489 visa ලබා දීමට ප්‍රාන්ත රජය කටයුතු කර තිබේ.

කොන්දේසි

දකුණු ඔස්ට්‍රේලියාවේ වාසය කරන වර්තමාන ජාත්‍යන්තර සිසුවෙකු හෝ අධ්‍යාපනය හමාර කළ ජාත්‍යන්තර සිසුවෙකු වීම.

2012 මාර්තු වල සිට හෝ ඊට පෙර සිට මේ දක්වා දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ වාසය කර තිබීම සහ ඉදිරියටද වාසය කළ යුතු වීම.

වර්තමානය වන විට දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තය තුළ සති දෙකකට අවම පැය 40 ක් වන සේ කුමන හෝ රැකියාවක (තමන්ගේ නිපුණතා අංශෙයන් නොවුණද කම් නැත) අවම වශයෙන් මාස 3 ක් හෝ ඊට වැඩි කාලයක් රැකියාවක නිරත වෙමින් සිටීම.

එසේ නොමැතිනම්,  දකුණු ඔස්ට්‍රේලියාව තුළ අවම වශයෙන් වසරක කාලයක පාඨ මාලාවක් හදාරමින් සිටිය යුතු වීම.
More occupations added to Australia's new skilled occupations list
More occupations added to Australia's new skilled occupations list Source: Flickr

දකුණු ඔස්ට්‍රේලියාවේ High performing උපාධිධාරීන්ට ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය

දකුණු ඔස්ට්‍රේලියාවේ high performing ඛාණ්ඩයේ උපාධිධාරීන හට තම skills assessment එකේදී ඉල්ලන රැකියා පළපුරුද්ද රහිතව ප්‍රාන්තයේ state nomination වීසා වලට අයදුම් කළ හැකිය.

ඒ අනුව මෙම ඛාණ්ඩය සඳහා පහත වර්ග වල ජාත්‍යන්තර සිසුන් සුදුසුකම් ලබයි.

අවම වශයෙන් grade point average (GPA) සාමාන්‍යය 6.0 ක් පවතින දකුණු ඔස්ට්‍රේලියාවේ උපාධියක් හෝ ශාස්ත්‍රපති උපාධියක් හෝ තිබෙන පුද්ගලයෙකු හට ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබාගත හැකි 190 වීසා සඳහා අයදුම් කළ හැකිවේ.

Grade point average (GPA) සාමාන්‍යය 5.20 ත් 5.99 අතර පවතින උපාධිධාරීන්ට පූර්ණ කාලීන රැකියා කරමින් වසර 4 ක් ඔස්ට්‍රේලියාවේ රැදී සිටීමට හැකි Provisional 489 visa හිමි වේ.
ඉහත ඛාණ්ඩ වලින් සුදුසුකම් ලැබීමට නම් අදාළ ජාත්‍යන්තර සිසුන් පසුගිය වසර දෙක තුළ දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ අදාළ උපාධි සම්පූර්ණ කර තිබිය යුතු අතර ඉදිරියට දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ වාසය කළ යුතුය.

South Australian Migration policy changed
Source: Flickr

Chain Migration ප්‍රතිපත්තියෙන් උපාධියක අවශ්‍යතාව ඉවතට

2014 ජූලි මාසයේ සිට දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ සිටින තම පවුලේ සාමාජිකයින් සමග එකතු වීමට Chain Migration ප්‍රතිපත්තිය ඔස්සේ සංක්‍රමණිකයින්ට ඉඩකඩ සලසා දුන්නේය.

අයදුම් කරුගේ සුදුසුකම් ලත් පවුලේ සාමාජිකයෙකු දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ වාසය කරනවානම්, දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ නිපුණතා සංක්‍රමණික ලැයිස්තු වල ඇති වෘත්තීන් හරහා ඔස්ට්‍රේලියාවේ Provisional 489 visa සඳහා Chain Migration ප්‍රතිපත්තිය ඔස්සේ  අයදුම් කළ හැකිය.
නමුත් ඊට අවම වශයෙන් උපාධියක් හෝ අවශ්‍ය විය.

කෙසේවෙතත්, පසුගිය පෙබරවාරි 28 වන දින සිට එම අවම වශයෙන් උපාධියක් හෝ තිබිය යුතු යැයි පැවසෙන සුදුසුකම ඉවත් කිරීමට දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත රජයේ ආගමන කටයුතු දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න -

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව -

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------

Share
Published 5 March 2019 9:21am
Updated 5 March 2019 9:24am
By Madhura Seneviratne
Source: SBS Sinhala program

Share this with family and friends