මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ඔස්ට්‍රේලියානු වීසා අහෝසි නොකරන්නේ ඇයි? (SBS සිංහල/වාර්තා)

Australian visa

Source: SBS

විවිධ අපරාධ වලට සම්බන්ධව වැරදිකරුවන්වූ පුද්ගලයින් රාශියකගේ ඔස්ට්‍රේලියානු වීසා අහෝසි කිරීමට ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙන බව පසුගියදා වාර්තා විය.


 

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න -


 

නමුත් මත්ද්‍රව්‍ය ජාවාරම් වලට හසුවී වසර 10 කට ආසන්න කාලයක් සිරගතව සිටි සහ ඔස්ට්‍රේලියානු ප්‍රධාන භූමියෙන් පිටත රැඳවුම් මධ්‍යස්ථාන වල සිටි පිරිස් තවමත් ඔස්ට්‍රේලියාවේ රැදී සිටීම පිළිබඳ මේ වන විට සමාජයේ දැඩි කතා බහකට ලක්ව තිබේ.
Australian visa
Source: SBS

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ වීසා අහෝසි නොකරන්නේ ඇයි?

අනෙක් සියලු ගනයේ අපරාධ වලට සම්බන්ධ වූවන්ගේ ඔස්ට්‍රේලියානු වීසා අහෝසි කළ නමුදු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ වීසා අහෝසි නොකරන්නේ ඇයිදැයි නීති ප්‍රවීණයින් ජාතික ආරක්ෂාව පිළිබඳ බලධාරීන්ගෙන් සහ ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයෙන් ප්‍රශ්න කර සිටියි.

ඔස්ට්‍රේලියානු ප්‍රධාන භූමියෙන් පිටත රඳවා සිටින වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය සරණාගතයින් ඔස්ට්‍රේලියානු ප්‍රධාන භූමියට ගෙන්වා ගැනීමට අවසර ලබා දෙන පනත සම්බන්ධව අගමැති Scott Morrison සහ විපක්ෂ නායක Bill Shorten අතර ඇතිවී ඇති උණුසුම් කතා බහ තවමත් අවසන් වී නොමැත.
ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නායකයින් දෙදෙනාගේ අවධානය එතනට යොමු වෙමින් තිබියදී ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ බලධාරීන්, ස්වදේශ කටයුතු අමාත්‍යවරයා හෝ සහකාර අමාත්‍යවරයා හරහා  අපරාධකරුවන් තමන්ගේ වීසා අහෝසි කිරීමේ ක්‍රියාවලිය නවත්වා ගන්නා බව The Sydney Morning Herald සහ The Age පුවත්පත් වාර්තා කරයි.

මේ අතර විපක්ෂයේ සහය ඇතිව පසුගියදා මධ්‍යම පාර්ලිමේන්තුවේදී සම්මත වූ නව සරණාගත පනත හේතුවෙන් ඔස්ට්‍රේලියානු දේශ සීමා වල ආරක්ෂාව තර කළ යුතු බව ස්වදේශ කටයුතු අමාත්‍යවරයා පසුගිය සතියේදී පැවසීය.
Australian visa
Australia's Offshore detention centres. Source: SBS News

ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුට නිදහස

අපරාධකරුවන්ගේ ඔස්ට්‍රේලියානු වීසා අහෝසි කිරීමේ ක්‍රියාවලියේ ඇති දූෂිත භාවය සහ අක්‍රමිකතාව නිරූපණය කරන ප්‍රබල සිද්ධියක් පිළිබඳ පසුගිය සතියේදී ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවේ අවධානය යොමු විය.

ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන William Sualauvi Betham නැමැත්තා 2008 වසරේදී අපරාධ නීතිය යටතේ වැරදිකරුවෙකු වී වසර 10 කට සිර දඬුවම් නියම විය.

Sydney Morning Herald පුවත්පත වාර්තා කරන පරිදි 2016 වසරේ ජුනි මාසයේදී Betham ගේ ඔස්ට්‍රේලියානු වීසා අහෝසි කෙරිණි.

ඉන් අනතුරුව ඔහු ඊට ඇපෑලක් ඉදිරිපත් කළ අතර 2016 වසරේ ඔක්තෝබර් මාසයේදී ඔහුව Christmas දූපතේ පිහිටි ආගමන රැඳවුම් මධ්‍යස්ථානයට මාරු කර යැවීය.
ඒ අතරතුරේ ඔහුගේ මව් බිම වන නවසීලන්තයට ඔහුව නෙරපා හැරීමට සියලු කටයුතු සැකසෙමින් පැවතිණි.

නමුත් ඔහුව 2017 වසරේදී නිදහස් කෙරුණු අතර ඔහුගේ අහෝසි කළ ඔස්ට්‍රේලියානු වීසා ද ඔහුට නැවත ලැබුණි.

William Sualauvi Betham ව පුනරුත්ථාපනය කර ඇති බවත් ඔහුගෙන් නැවත වැරදි සිදුවීමේ අවදානම ඉතා අවම මට්ටමක පවතින බවත් ඔහුගේ දියණිය ක්වීන්ස්ලන්තයේ වාසය කරන බවත් පවසා අදාළ පුද්ගලයාගේ වීසා සඳහා තමන් ඉදිරිපත් කළ ඇපෑල සලකා බලා ඔහුට නැවත වීසා ලබාදුන් බව Betham වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය පැවසුවාය.
Australian visa
Source: AAP

$80,000 ක් දුන්නොත් ඔස්ට්‍රේලියානු වීසා ගන්න පුළුවන්

Betham තමන්ගේ අහෝසි කළ වීසා ලබාගත් ආකාරය පිළිබඳ ඔහුත් සමග Christmas දූපතේ සිටි එක් රැඳවුම්කරුවෙකු Sydney Morning Herald සහ The Age පුවත්පත වලට තොරතුරු හෙළිකර තිබේ.

Christmas දූපතේ රැඳවුම් මධ්‍යස්ථානයෙන් නිදහස ලබා ගැනීමට නම් නීතිඥවරුන්ට මුදල් වියදම් කිරීමෙන් පළක් නොවන බව Betham තමන්ට පැවසු බව අදාළ රැඳවුම්කරු පවසා ඇත.
මෙයින් නිදහස්ව තමන්ගේ පවුල වෙත යාමට අවශ්‍ය නම් $80,000 ක් සූදානම් කරගන්නා ලෙසත් නිදහස් වීමට ඉඩ සලසා ගත හැකි ක්‍රමයක් සමග තමන්ට ඉතා හොඳ සම්බන්ධතාවක් ඇති බවත් Betham තමන්ට පැවසු බව අදාළ රැඳවුම්කරු වැඩි දුරටත් පවසා තිබේ.

නමුත් මේ තොරතුරු සම්බන්ධයෙන් තමන් කිසිවක් නොදන්නා බව Betham ගේ නීතිඥවරිය පැවසුවාය.

බරපතල අපාරාධ හේතුවෙන් ඔස්ට්‍රේලියානු වීසා අහෝසි කළ 640 ක් වූ ඔස්ට්‍රේලියානු පුරවැසියන් නොවන පුද්ගලයින්ගෙන් Betham එක් අයෙකු විය.

මේ අතර එම වීසා අහෝසි කිරීමට එරෙහිව ඇපෑලක් ඉදිරිපත් කිරීමෙන් දින 28 ක් ඇතුළත අදාළ පිරිසෙන් තුනෙන් එකකට පමණ නැවතත් අහෝසි කළ ඔස්ට්‍රේලියානු වීසා ලැබී ඇති බව Sydney Morning Herald පුවත්පත වාර්තා කරයි.
Australian visa
Source: Department of Home Affairs

ඔස්ට්‍රේලියාවේ වීසා පද්ධතියේ අක්‍රමිකතා මැඩීමට පියවර

ඉහත සිද්ධිය හේතුවෙන් මේ වන විට සමස්ත ඔස්ට්‍රේලියාවේ වීසා පද්ධතියම දැඩි දෝෂ දර්ශනයකට ලක්ව තිබේ.

ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු අමාත්‍යවරයා ඇතුළු සමස්ත දෙපාර්තමේන්තුවටම මෙය බරපතල කැලලක් එක් කරන බව නීති ප්‍රවීණයින් පවසයි.

කෙසේවෙතත්, මෙම සිද්ධිය ඇතුළත්ව ඔස්ට්‍රේලියාවේ වීසා පද්ධතිය සම්බන්ධව සිදුවන අල්ලස් සහ දූෂණ විමර්ශනය කිරීමට ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇති බව ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ ලේකම් Michael Pezzullo පසුගිය සතියේ සෙනට් විමර්ශන කමිටුව හමුවේ පවසා ඇත.

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න -

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව -

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------

Share
Published 28 February 2019 10:42am
By Madhura Seneviratne

Share this with family and friends