ඩොලර් මිලියන 40 ක දියමන්ති මාලයකින් දිස්නේ ගැන්වුණු හදිසි ප්‍රතිකාර මැද අවසන් වුණු 2019 ඔස්කාර් සම්මාන උළෙල.

Oscars 2019

Source: Getty Images

ලොව මහා සිනමා සම්මාන රාත්‍රිය වන ඇකඩමි හෙවත් ඔස්කාර් සම්මාන උළෙල ඇමෙරිකානු වේලාවෙන් ඊයේ (24/02) රාත්‍රියේ ලොස් ඇන්ජලීස් නුවර Dolby Theatre හිදී පැවැත්විණි.

91 වන වරට පැවති මෙම සම්මාන උළෙල ඔස්ට්‍රේලියානු සම්මත වේලාවෙන් අද (25/02) දහවල් පැවැත්විණි.

කලකට පසුව පුදුම සහගත සිදුවීම් රාශියක් සහ දැඩි තරගකාරී තත්ත්වයක් මෙවර ඔස්කාර් සම්මාන උළෙලේ දක්නට ලැබීම කැපී පෙනෙන සිදුවීමකි.
Oscars 2019
Source: Christopher Polk/Getty Images

2019 ඔස්කාර් සම්මාන උළෙලේ සම්මාන ලාභීන්

  • Best Picture: Green Book
  • Best Director: Alfonso Cuaron,Roma
  • Best Actress: Olivia Colman, The Favourite
  • Best Actor: Rami Malek, Bohemian Rhapsody
  • Best Supporting Actress: Regina King, If Beale Street Could Talk
  • Best Supporting Actor: Mahershala Ali, Green Book
  • Best Foreign Film: Roma (Mexico)
  • Best Animated Feature Film: Spider-Man: Into The Spider-Verse
  • Best Original Screenplay: Green Book
  • Best Adapted Screenplay: BlacKkKlansman
  • Best Original Score: Black Panther
  • Best Original Song: Shallow from A Star Is Born
  • Best Documentary Feature: Free Solo
  • Best Documentary Short: Period. End Of Sentence
  • Best Live Action Short: Skin
  • Best Animated Short: Bao
  • Best Cinematography: Alfonso Cuaron for Roma
  • Best Production Design: Black Panther
  • Best Costume Design: Black Panther
  • Best Hair And Makeup: Vice
  • Best Sound Editing: Bohemian Rhapsody
  • Best Sound Mixing: Bohemian Rhapsody
  • Best Visual Effects: First Man
  • Best Editing: Bohemian Rhapsody
Oscars 2019
Lady Gaga wears Tiffany Diamond Source: AP

2019 ඔස්කාර් සම්මාන උළෙලේ විශේෂ සිදුවීම්

  • මෙවර ඔස්කාර් සම්මාන උළෙලේ කාගේත් ජනප්‍රියත්වයට පත් චිත්‍රපටය වූ Roma චිත්‍රපටය අභිබවමින් Green Book, හොඳම චිත්‍රපටයට හිමි සම්මානය හිමිකරගැනීම.
  • A Star Is Born චිත්‍රපටයේ "Shallow" හොඳම ගීතයට හිමි සම්මානය ලැබීමත් සමග වත්මන් පොප් රැජිණ ලෙස විරුදාවලිය ලත් Lady Gaga තම කළා දිවියේ ප්‍රථම ඔස්කාර් සම්මානය දිනාගැනීම.
  • ඇය  මිල අධික Tiffany දියමන්තිය සමග ඩොලර් මිලියන 40 ක කරමාලයක් මෙවර සම්මාන උළෙලට පැළඳගෙන ඒම කාගේත් අවධානයට පාත්‍ර විය.
  • ලෝක ප්‍රකට ක්වීන් සංගීත කණ්ඩායම අළලා නිමවුණු Bohemian Rhapsody චිත්‍රපටයට මෙවර සම්මාන 4 ක් හිමිවිය.
  • Bohemian Rhapsody ප්‍රධාන චරිතය නිරූපනය කළ Rami Malek හොඳම නළුවට හිමි සම්මානය ලබාගෙන වේදිකාවෙන් බසින විට ඔහු වැටුණු අතර පසුව ඔහුට හදිසි ප්‍රතිකාර අංශයෙන් ප්‍රතිකාර කෙරිණි.
Oscars 2019
Rami Malek was treated by medics after he apparently fell off the stage. Source: Getty Images
  • වසර 30 කට පසුව මෙවර ඔස්කාර් සම්මාන උළෙල කිසිදු නිවේදකයෙකු හෝ නිවේදිකාවක නොමැතිව සිදු කිරීම තවත් විශේෂත්වයකි.

Share
Published 25 February 2019 10:33pm
By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends