ලොව මිල අධිකම නිවාස වෙළෙඳපොළ ලැයිස්තුවට ඔස්ට්‍රේලියාවේ නගර 5 ක්. (SBS සිංහල/වාර්තා)

world’s most expensive housing markets.

Source: Getty Images

පසුගිය සමයේදී ඔස්ට්‍රේලියාවේ නිවාස වෙළෙඳපොල මිල යම් තාක් දුරකට කඩා වැටීම නිසා ප්‍රධාන නගර වල නිවාස මිල ගණන් යම් මට්ටමකින් පහත බසින්නට විය.


 

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න -


 

විශේෂයෙන්ම ඔස්ට්‍රේලියාවේ දැරිය නොහැකි මට්ටමේ මිලකින් යුක්ත සිඩ්නි සහ මෙල්බර්න් නිවාස වෙළෙඳ පොළ වලද මිල ගණන් පසුගිය කාලයේදී මේ හේතුව නිසා සාපේක්ෂව පහත බසින්නට විය.
world’s most expensive housing markets.
Source: AAP

ජීවන තත්ත්වය ඉහළ යාම සහ නිවාස වෙළෙඳපොළ මිල ගණන්

ජීවන තත්ත්වය ඉහළ මට්ටමක පවතින විට, රැකියා අවස්ථා වර්ධනය වන විට ආර්ථික වර්ධනය සිදුවන විට සහ අනෙකුත් මූලික පහසුකම් සියල්ලක්ම පාහේ සාධනීය මට්ටමක පවතින විට එම නගර වල ජීවත් වීමට ඉතා සුදුසු පරිසරයක් නිර්මාණය වෙයි.

මෙලෙස ජීවත් වීමට හිතකර පරිසරයක් සහිත නගර ලොව මිනිසුන් අතර ඉතා ජනප්‍රිය වෙමින් පවතින බැවින් ඒවායේ ජනගහන තදබදයද වැඩිවෙමින් පවතී.
මෙහි ප්‍රතිඵලයක් ලෙස අදාළ නගර වල නිවාස මිල ගණන් ද සාපේක්ෂව ශීග්‍රව වර්ධනය වෙයි.

එලෙස නිවාස ගණන් අධිකව ඉහළ යාම හේතුවෙන් පුද්ගලයෙකු හට නිවාසයක් මිලට ගැනීමේදී දැරිය හැකි සීමාව ඉක්මවා එම මිල ගණන් ඉහළ යාම වර්තමානයේ ලොව පුරා බහුලව දක්නට ලැබුණි.

නිවාස වෙළෙඳපොළ කඩා වැටීමට පෙර පසුගිය දශකය පුරා ඔස්ට්‍රේලියාවේ සිඩ්නි සහ මෙල්බර්න් නිවාස වෙළෙඳපොළ වලද දක්නට ලැබුණේ එවැනි තත්ත්වයකි.
world’s most expensive housing markets.
Source: AAP

ලොව මිල අධිකම නිවාස වෙළෙඳ පොළවල්

ඉහත සාධක හේතුවෙන් අධික ලෙස මිල ගණන් ඉහළ ගිය නිවාස වෙළෙඳපොළ රාශියක් ලොව පුරා අපට දක්නට ලැබේ.

වාර්ෂිකව එවැනි ලොව පුරා අධික ලෙස මිල ගණන් ඉහළ ගිය නිවාස වෙළෙඳපොළ සම්බන්ධයෙන් ලැයිස්තුවක් ඉදිරිපත් කෙරෙන අතර 2018 වසරේ ලැයිස්තුවද පසුගියදා නිකුත් වූ බව realestate.com.au වෙබ් අඩවිය වාර්තා කරයි.

ඒ අනුව 2018 වසරේ ලොව දැරිය නොහැකි මට්ටමේ නිවාස වෙළෙඳපොළ ලැයිස්තුවේ ඔස්ට්‍රේලියාවේ නගර 5 ක් පවතින බවත් එය ඉතා සුවිශේෂී තත්ත්වයක් බවත් ඔවුන් පෙන්වා දෙයි.
නමුත් වර්තමානයේ ඔස්ට්‍රේලියාවේ නිවාස වෙළෙඳපොළ කඩා වැටීම හේතුවෙන් මීට පෙර වසර 7 කදී මෙම ලැයිස්තුවේ කිරුළු පැළඳි සිඩ්නි නුවර මෙවර තුන්වන ස්ථානයට පත්ව තිබේ.

Hong Kong නගරය පළමු තැනටත් කැනඩාවේ Vancouver නගරය දෙවැනි තැනටත් පත්ව ඇත.

ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයට අමතරව මෙල්බර්න්, ඇඩිලේඩ්, බ්‍රිස්බන් සහ පර්ත් යන නගරද ලොව මිල අධිකම  නිවාස වෙළෙඳ පොළ ලැයිස්තුවේ ප්‍රථම 20 තුළට ඇතුළු වී තිබේ.
A relatively new housing estate in the Western Sydney suburb of Cecil Hills in the Federal seat of Fowler.
There are about 15 per cent less buyers in the market than there were previously. Source: AAP

ලොව දැරිය නොහැකි මට්ටමේ නිවාස වෙළෙඳපොළ ලැයිස්තුව

1. Hong Kong, China

2. Vancouver, Canada

3. Sydney, Australia

4. Melbourne, Australia

5. San Jose, USA

6. Los Angeles, USA

7. Auckland, New Zealand

8. San Francisco, USA

9. Honolulu, USA

10, London, UK/ Toronto, Canada

13. Adelaide, Australia

17. Brisbane, Australia

20. Perth, Australia

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න -

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව -

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------

Share
Published 1 March 2019 1:15pm
By Madhura Seneviratne

Share this with family and friends