ආර්ථික අභියෝග හමුවේ ඔස්ට්‍රේලියාවේ වැටුප් වැඩිවූ ආකාරය මෙන්න. (SBS සිංහල/වාර්තා)

Wage growth lackluster, eyes on jobs data.

Source: AAP

ඔස්ට්‍රේලියාවේ ආර්ථිකය පිළිබඳ සිදු කෙරෙන විමර්ශනයේ නව ප්‍රතිඵල නිකුත් වී තිබේ.


 

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න -


 

ආර්ථික සහ සෞඛ්‍ය ක්ෂේත්‍රය පිළිබඳ මෙවර විමර්ශන වලදී මූලික අවධානය යොමුව ඇත.
AAP
Source: AAP

ඔස්ට්‍රේලියාවේ වැටුප් වැඩිවීම්

ඒක පුද්ගල ආදායම, ජාතික ආදායම, නිවාස වෙළෙඳ පොළ ඇතුළු ප්‍රධාන විෂයය ක්ෂේත්‍ර කිහිපයක් වෙත මෙවර ඔස්ට්‍රේලියානු ආර්ථිකය යටතේ අවධානය යොමු කර තිබේ.

ඒ අනුව පසුගිය දෙසැම්බර් මාසය වන විට අවසන් වූ කාර්තුවේදී ඔස්ට්‍රේලියානු වාසීන්ගේ වැටුප් 0.5% ක ප්‍රතිශතයකින් ඉහළ ගොස් ඇති බව ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය වාර්තා කරයි.

නමුත් අවසන් කාර්තුවේ වැටුප් වර්ධනය වීමේ ප්‍රක්ෂේපිත ප්‍රතිශතය 0.6% ක් වූ බවද සඳහන්.
2018 වසරේදී ඔස්ට්‍රේලියාවේ පුද්ගලික අංශයේ වැටුප් වර්ධනය වීම ඉතා කැපී පෙනෙන මට්ටමක තිබුණු බව වාර්තා වේ.

එම ප්‍රතිශතය 2.3% ක් වූ අතර එය පසුගිය සිව් වසර තුළ වාර්තාවූ ඉහළම වාර්ෂික වැටුප් වර්ධන ප්‍රතිශතය බවද සඳහන්.

මේ අතර ඔස්ට්‍රේලියාවේ රාජ්‍ය අංශයේ වැටුප් වර්ධනය වීම පසුගිය වසරේදී 2.5% කින් සිදුවූ බවද අනාවරණය වී තිබේ.
Wage growth lackluster, eyes on jobs data.
Source: Getty Images

රැකියා නියුක්තිය සහ විරැකියා ප්‍රතිශතය

වැටුප් වර්ධනය ඉතා මද වශයෙන් සිදුවූ බවට දත්ත අනාවරණය කළ ද ඔස්ට්‍රේලියාවේ විරැකියා ප්‍රතිශතය පිළිබඳ එතරම් සැහීමකට පත්විය නොහැකි මට්ටමක පවතී.

2014 වසරේ ජනවාරි මස සිට 2019 ජනවාරි මස දක්වා ගතවූ වසර 5 තුළ ඔස්ට්‍රේලියාවේ විරැකියාවෙන් පෙළෙන පුද්ගලයින් ප්‍රමාණය  1,800 සිට 680,100 දක්වා කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇත.

එමෙන්ම මේ වන විට ඔස්ට්‍රේලියාවේ විරැකියා ප්‍රතිශතය 5.1% මට්ටමේ පවතී.
මේ අතර පසුගිය වසර 5 තුළ ඔස්ට්‍රේලියාවේ පූර්ණ කාලීන රැකියා ලාභීන්16,800  සිට 8,737,400 දක්වා වැඩිවී තිබේ.

එමෙන්ම ඔස්ට්‍රේලියාවේ අර්ධ කාලීන රැකියා ලාභීන් 8,100 සිට 4,010,300 දක්වා පසුගිය වසර 5 තුළ වර්ධනයවී ඇත.

සියලුම රැකියා සැලකිල්ලට ගතහොත් මාසයකට සේවය කළ පැය ගණන පසුගිය වසර 5 තුළ මිලියන 1.6 සිට මිලියන 1763.2 දක්වා වර්ධනය වී තිබේ.

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න -

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව -

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------

Share
Published 1 March 2019 11:10am
Updated 1 March 2019 12:42pm
By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends