පාස්කු දින ලංකා ප්‍රහාරයේ මොළකරුට හා IS ත්‍රස්ත සංවිධානය සමඟ සම්බන්ධ බවට සැක පිරිස් ඉන්දියාවෙදී අත්අඩංගුවට (SBS සිංහල/වාර්තා)

National Investigation Agency

Source: indiatoday.in

ඉන්දියාවේ ජාතික විමර්ශන ආයතනය විසින් කේරළ ප්‍රාන්තායේ සිටින IS අන්තවාදීන් සොයාගැනීමට සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබෙයි. එහිදී පසුගිය ඉරිදා (28) සැකකරුවන් 3 දෙනෙකු ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගෙන ඇත. එසේම පසුගිය සඳුදා ද (29) IS ත්‍රස්ත සංවිධානය සමග සමබන්දතා ඇති බවට සැක කරනා පුද්ගලයෙකු අත්අඩංගුවට ගන්නා ලදී.

 


SBS සිංහල ගුවන් විදුලි වැඩසටහන 

සඳුදාඅඟහරුවාදාබ්‍රහස්පතින්දාසිකුරාදා  පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

 

SBS සිංහල Facebook පිටුව -  


 


ඉරිදා දිනයේදී අත්අඩංගුවට ගත් පිරිස් සන්තකව තිබී ජංගම දුරකථන, සිම් පත්, දත්ත ගබඩා පත් ඇතුළු ඩිජිටල් උපාංග ගණනාවක් මෙන්ම අරාබි හා මලයාලම් භාශාවෙන් ලියූ දිනපොත් කිහිපයක් හා සකීර් නයික් නිශ්පාදනය කල DVD තැටිද ඉන්දියාවේ ජාතික විමර්ශන ආයතනය භාරයට ගෙන ඇත. විමර්ශන නිලධාරීන් විසින් සකීර් නයික් හා සයීඩ් කුතෙබ් විසින් නිශ්පාදනය කරන ලද ආගමික දේශන ඇතුලත් නම් නොකල DVD , CD තැටි හා පොත්ද සොයාගෙන ඇති බවට වාර්තා වෙයි.

නිලධාරීන් විසින් මේ අවස්ථාවේදී IS ත්‍රස්ත සංවිධානය සමඟ ඇති සම්බන්දතා පිළිබඳව මෙම සැකකරුවන් තිදෙනා ප්‍රශ්න කරමින් සිටියි.
පසුගිය සඳුදා සැකපිට අත්අඩංගුවට ගත් රියාස් අබූබක්කර්, කේරළ ප්‍රාන්තායේදී මරාගෙන මැරෙන ප්‍රහාරයක් දියත් කීරීමට සූදානම් වූ බව පිළිගෙන තිබෙයි. වසරක පමන කාලයක සිට ඔහු ලංකා පාස්කු ප්‍රහාරයේ මොළකරුවන සහරාන් හෂීම්ගේ දේශන හා වීඩියෝ දර්ශන අනුගමනය කල බව හෙළිදරව් කර ඇත. එසේම ඉන්දියාවේ අත්අඩංගුවට පත්ව සිටින සකීර් නයික්ගේ දේශන වලටද ඔහු සවන් දුන් බව වාර්තාවේ.
ඉන්දියාවේ ජාතික විමර්ශන ආයතනයේ ප්‍රකාශකයෙකු වන අලොක් මිට්ටාල් පවසා සිටියේ IS ත්‍රස්තවාදියෙකු වන අබ්දුල් රෂිඩ් අබ්දුල්ලා සමඟ ද රියාස් සබඳතා ගොඩනගාගෙන තිබූ බවයි. රෂිඩ් යනු පුද්ගලයන් විසිදෙදෙනෙකුගෙන් සමන්විත අන්තවාදී කණ්ඩායමක නායකයාය. 2016 වසරේදී ඔවුන් IS ත්‍රස්තවාදීන් වෙනුවෙන් සටන් වැදීම සඳහා ඇෆ්ගනිස්තානයේ Nangarhar ප්‍රදේශයට ඉන්දියාවෙන් පිටව ගිය බව වාර්තා වෙයි. රෂිඩ් හා ලංකා පාස්කු ප්‍රහාරයේ මොළකරුවන හෂීම් අතර සම්බන්දතා තිබූ බවට හා කේරළ ප්‍රාන්තායේ සිටින තම සාමාජිකයන්ට ආගමික පුහුණුවක් ලබා ගැනීම සඳහා ලංකාවටද යවා ඇති බවට සැක පවතියි.

 

************************************************************************************************

SBS සිංහල ගුවන් විදුලි වැඩසටහන

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

පෙ.ව 11 සිට 12 දක්වා (ඔස්ට්‍රේලියානු වේලාවෙන්)

 

සජීවීව සහ පසුව online අහන්න  වෙබ් පිටුවෙන්  

සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 හෝ 302 (ඔස්ට්‍රේලියාවේ පමණි)

සජීවීව හෝ පසුව අහන්න SBS Radio Mobile APP - (free download) - select radio 2 to listen live

සජීවීව ගුවන් විදුලියෙන්

(ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – VIC 97.7fm –NSW / 105.5fm – ACT 106.3fm – SA /

93.3fm – QLD / 96.9fm - WA / 105.7fm - TAS / 100.9fm - NT

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇසෙන එකම සිංහල ගුවන් විදුලිය”

***********************************************************************************

Share
Published 30 April 2019 6:00pm
Updated 30 April 2019 6:18pm
By Gamidu Agampodi

Share this with family and friends