වසර 5 ක් අතුරුදන් වී සිටි IS නායකයා ලංකාවේ ප්‍රහාරයෙන් පසු එලියට එයි (SBS සිංහල/වාර්තා)

Abu Bakr al-Baghdadi (AAP)

IS leader Abu Bakr al-Baghdadi has not been seen on camera since 2014. Source: AAP

IS ත්‍රස්ත නායකයා පලමුවතාවට වසර 5 කට පසු වීඩියෝ දර්ශන නිකුත් කර තිබෙයි. මෙහිදී ඔහු ඉදීරීයේදී සිදු කිරීමට දීර්ඝ සටනක් ඇති බව හා තම සංවිධානය පළිගැනීමට බලාපොරොත්තු වන බවට තර්ජනය කරයි. 

 


SBS සිංහල ගුවන් විදුලි වැඩසටහන 

සඳුදාඅඟහරුවාදාබ්‍රහස්පතින්දාසිකුරාදා  පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

 

SBS සිංහල Facebook පිටුව -  


 

Al Furqan මාධ්‍යය ජාලයට විනාඩි 18ක වීඩියෝ දර්ශනක් අබු බකර් අල්-බග්ඩාඩි නිකුත් කර ඇති අතර එහිදී ඔහු ශ්‍රී ලංකාවේ සිදු වූ පාස්කුප්‍රහාරය ප්‍රශංසාවට ලක් කරනවා දක්නට හැකියි. එසේම මෙම ප්‍රහාරය තමන්ගේ බලප්‍රදේශයක් වූ සිරියවේ Baghouz නගරය අහිමිවීමට ප්‍රතිචාරයක් ලෙස සිදුකල බවද ඔහු පවසයි.


තම සංවිධානයේ සාමාජිකයින් සිරගත කල හා ජීවිතක්ෂයට පත්කල පාර්ශවයන් ගෙන් පලිගන්නා බවද ඔහු සඳහන් කරයි.
IS ත්‍රස්ත නායකයා බටහිර අප්‍රිකාවේ සිටින සටන්කාමීන්ගෙන් ඉල්ලා සිටියේ ප්‍රංශයට හා එහි පක්ෂ රටවලට විරුද්ධව දිගටම ප්‍රහාර එල්ල කරනා ලෙසයි.
ඇමරිකානු රජයේ ප්‍රකාශකයෙකු පවසා සිටියේ මෙම විඩියෝ දර්ශන වල අව්‍යාජත්වය තහවුරු කරගැනීම සදහා එය බුද්ධි අංශ වෙත භාරදී ඇති බවයි. කෙසේවෙතත් අයිඑස් ත්‍රස්ත සංවිධානයේ බලය සිරියාව හා ඉරාකය තුල ක්ෂය වීම නිසා ඔවුන් අර්බුධකාරී තත්වයකට මුහුණ දී ඇති බව ඔහු වැඩිදුරටත් පවසා සිටියේය. මෙම සටන් හේතුවෙන් ත්‍රස්ත නායකයන් සටන් භූමියෙන් පැනයනවා හෝ එහි මියයනවා දක්නට තිබෙන බව වාර්තා වේ. එසේම ත්‍රස්ත සංවිධානයේ ම්ලේච්ඡත්වය හෙළිදරව් වී ඇත. නිකුත් වූ වීඩියෝ දර්ශන වල බග්ඩාඩි තම සංවිධානය සිරියාවේදී පාරජය වූ බව හා ඊට ප්‍රතිචාරයක් ලෙස නැවත සටන් වැදීමට බලාපොරොත්තුවන බව ප්‍රකාශ කරයි.

පසුගියා සඳුදා නිකුත් කල වීඩියෝ දර්ශන තුල බග්ඩාඩි කළු පැහැති ලෝගුවකින් හා ලා දුඹුරු පැහැති යට කබායකින් සැරසී සිටියි. එසේම ඔහු හොඳ සෞඛය තත්වයක පසුවෙනවා යැයි ද නිර්ණය කල හැකියි. ඔහු පිටිපස ඇති බිත්තියට හේත්තු කල රයිෆල් තුවක්කුවක්ද දක්නට ලැබේ.

වීඩියෝ දර්ශන තුල, දෙවියන් විසින් තම සංවිධානයේ අයට ජිහාඩ් ක්‍රියාකරකම් වල යෙදෙන්න අණ දුන්නා යැයි පවසන ඔහු ජය පරාජය නොතකා අවසන් දිනය දක්වාම සටන් වැදිය යුතුයි යන අන්තගාමි අදහස පවසනවා අඩංගු වෙයි.
IS leader Abu Bakr al-Baghdadi in his first public appearance in Mosul, Iraq on July 5, 2014, left, and at right, on Monday, April 29, 2019,
IS leader Abu Bakr al-Baghdadi in his first public appearance in Mosul, Iraq on July 5, 2014, left, and at right, on Monday, April 29, 2019, Source: AAP
මීට පෙර 2014 වසරේදී නිකුත් වූ වීඩියෝ දර්ශන තුල ඔහු කළු පැහැති ලෝගුවකින් සැරසී ඉරාකයේ මෝසුල් නුවර පිහිටි අල්-නූරී මුස්ලිම් පල්ලියේ සිට ධර්ම දේශනයක් ලබාදෙනවා දැකිය හැකියි. එහිදී ඔහු ලොව පුරා සිටින මුස්ලිම්වරුන්ගෙන් ඉල්ලා සිටියේ තමන්ගේ කලීෆෙයට (caliphate) බැදී ඔහුව අනුගමනය කරනා ලෙසයි.


පසුගිය මාසයෙදී IS ත්‍රස්ත සංවිධානයේ ග්‍රහණයට නතුව තිබූ සිරියාවේ Baghouz ගම්මානය ඇමරිකාව සහය සපයන හා කුර්දි ජාතිකයින් මෙහෙයවනු ලබන සිරියානු ප්‍රජාතන්ත්‍රවාදී බලකාය විසින් අත් පත් කරගත්තේය. මෙම සටන සම්බන්දයෙන් ඔහු පවසා සිටියේ, මියගිය සටන් කරුවන්ගේ "සහෝදරයින්" ඔවුනට සිදුවූ දේ අමතක නොකර තම ජීවිතය අවසන් වනතුරු සටන් වදිනු ඇති බවයි. එසේම ඉස්ලාම් ආගම හා කිතු දහම අතර ඇති සටන දිගු එකක් වෙනු ඇතැයිද ඔහු පවසයි.

අල්-බග්ඩාඩි ලෝකයේ වඩාත්ම සොයාගැනීමට උවමනා වී සිටින මිනිසාය. ඔහුව සොයාගනු ලබන පුද්ගලයාට ඇමරිකානු ඩොලර් මිලියන 25ක තෑගී මුදලක් ද පිරිනැමීමට නියමිතයි. මහා ජනඝාතනය ක්‍රියාවල යෙදෙන ත්‍රස්තවාදී සංවිධානයක් මෙහෙයවීම හා ලෝකය පුරාම ත්‍රස්ත ක්‍රියා සිදුකීරීමට උපදෙස් හා අනුබල ලබාදීම ඔහුට විරුද්ධව ඇති චෝදනා වෙයි. අද වන විටත් ඔහුගේ ආගිය තැන් අභිරහසක්ව පවතියි.

ඔහු ජනතාව ඉදිරියේ 2014 වසරේ දී පෙනී සිටි අතර ඉන් පසුව ගත වූ කාලයේදී ඔහුගේ බොහොමයක් සහයකින් ඇමරිකාව විසින් දියත් කල ගුවන් ප්‍රහාර වලදී මරණයට පත් විය.

වසර දෙකක පමන කාලයක සිට සටන් වලින් පරාජයට පත්ව සිටින IS ත්‍රස්ත සංවිධානයේ ඉතිරිව සිටින ජේෂ්ඨ අණ දෙන්නන්ගෙන් එක් අයෙකි බග්ඩාඩි.

අන්තර්ජාතික ත්‍රස්ත සංවිධානයක සංකේතයක් වන බග්ඩාඩිව අල්ලා ගැනීම සිරියාවේ සහ ඉරාකයේ පවතින තත්වය දුරු කිරීමට රුකුල් වෙනු ඇතැයි 2017 වසරේදී ඔස්ට්‍රේලීයානු රජයේ ප්‍රකාශයෙකු පවසා සිටියේය.

නමුත් මොහු ඇමරිකාව, රුසියාව, සිරියාව, ඉරාකය හා කුර්දු ජාතිකයින් ගේ ග්‍රහනයෙන් මිදීමට තවමත් සමත් වී තිබෙයි.

************************************************************************************************

SBS සිංහල ගුවන් විදුලි වැඩසටහන

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

පෙ.ව 11 සිට 12 දක්වා (ඔස්ට්‍රේලියානු වේලාවෙන්)

 

සජීවීව සහ පසුව online අහන්න  වෙබ් පිටුවෙන්  

සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 හෝ 302 (ඔස්ට්‍රේලියාවේ පමණි)

සජීවීව හෝ පසුව අහන්න SBS Radio Mobile APP - (free download) - select radio 2 to listen live

සජීවීව ගුවන් විදුලියෙන්

(ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – VIC 97.7fm –NSW / 105.5fm – ACT 106.3fm – SA /

93.3fm – QLD / 96.9fm - WA / 105.7fm - TAS / 100.9fm - NT

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇසෙන එකම සිංහල ගුවන් විදුලිය”

***********************************************************************************


Share
Published 30 April 2019 3:54pm
Updated 30 April 2019 4:55pm
By Gamidu Agampodi

Share this with family and friends