ජනාධිපති සිරිසේන පාස්කු දින ප්‍රහාරය පිළිබඳ බුද්ධි තොරතුරු නොසලකා හැරීම ගැන ඇඟ බේරාගනී (SBS සිංහල/වාර්තා)

President Maithripala Sirisena

Source: Sri Lanka president media

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමේ රජයේ වගකීම පැහැර හැරීම පිළිබඳ චෝදනාවෙන් තමාගේ සමීපතම හිතවතෙකු වූ රාජ්‍ය බුද්ධි සේවා ප්‍රධානී ආරක්ෂා කරගෙන ආරක්‍ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු හා පොලිස්පති පූජිත ජයසුන්දර මත වරද පැටවූ බව විශ්වාසනීය ආරංචී මාර්ග වලින් හෙලිවෙයි.

 

 


 

SBS සිංහල ගුවන් විදුලි වැඩසටහන 

සඳුදාඅඟහරුවාදාබ්‍රහස්පතින්දාසිකුරාදා  පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

 

SBS සිංහල Facebook පිටුව -  

 



 


අවම වශයෙන් අවස්ථා තුනකදීවත් විදේශ බුද්ධි සේවා නිකුත් කල වාර්තා පිළිබඳව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන දැනුවත් වී සිටි බව එම ආරංචි මාර්ග හෙලිකරයි. එසේම මෙම දැනුවත් කිරීම් සියල්ල සිදු කර තිබුණේ රාජ්‍ය බුද්ධි සේවා ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන විසින් බව ද වාර්තාවෙයි. මෙම දැනුවත් කිරීම සඳහා අප්‍රේල් 11 හා 16 යන දිනයන්හීදී රාජ්‍ය බුද්ධි සේවා ප්‍රධානී පුද්ගලිකවම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හමුව තිබෙන බව වාර්තා වෙයි. නැවතත් අප්‍රේල් 20 වනදා ඉන්දියාවෙන් ලැබුණු බුද්ධි තොරතුරු දැන්වීමට නිලන්ත ජයවර්ධන දුරකථන ඇමතුමක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට ලබා දී ඇති බව ද වාර්තාවෙයි. එම අවස්ථාවේ දී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සිංගප්පූරුවේ පුද්ගලික සංචාරයක යෙදෙමින් සිට ඇත. නමුත් මේ පිළිබඳව ජනාධිපති සිරිසේන කිසිදු අවස්ථාවක දී පොලිස්පති, ත්‍රිවිධ හමුදා ප්‍රධානීන් හෝ ආරක්‍ෂක ලේකම්ව දැනුවත් කිරීමක් හෝ විමසීමක් සිදු කර නොමැති බවට ද ආරක්‍ෂක අමාත්‍යාංශයේ තොරතුරු මාර්ග හෙළි කර තිබෙයි.

 

ප්‍රධාන ආරංචි මාර්ග වලට අනුව ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් පොලිසිය වෙත නියෝග කර තිබුණේ ප්‍රහාරයක් වැළැක්වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස මෙන්ම පල්ලි වෙත තිබෙන අවදානම් පිළිබඳව ඔවුන් දැනුවත් කරනා ලෙසයි. එසේම වෙනත්  ආරංචි මාර්ග වලට අනුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට මෙම බරපතළ අවදානම් පිළිබඳව ලද බුද්ධි තොරතුරු පිළිබඳව නිසි අවබෝධයක් නො තිබූ බව ද වාර්තාවෙයි. නමුදු දෙස් විදෙස් මාධ්‍ය අමතමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන වගකීම පැහැර හැරීම හා තමා දැනුවත් නො කිරීම පිළිබඳව චෝදනා තරයේම එල්ල කර සිටියේ ආරක්‍ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු හා පොලිස්පති පූජිත ජයසුන්දර වෙතයි. එහෙත් බලධාරීන් පවසන බවට වාර්තා වනුයේ සාමාන්‍යය පුරුද්දක් වශයෙන් නිතැතින්ම රාජ්‍ය බුද්ධි සේවා ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන ජනාධිපතිවරයා වෙත සියලු තොරතුරු දන්වන බවයි. නම හෙළි කිරීමට අකමැති රජයේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙකු පවසා ඇත්තේ ජනාධිපතිවරයාගේ සුවච කීකරු සමීපතමයෙකු වන නිලන්ත ජයවර්ධන නිතැතින්ම මේ පිළිබඳව ජනාධිපතිවරයාව දැනුවත් කර ඇති බවට තමන් විශ්වාස කරනා බවයි. එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයෙකු පවසා ඇත්තේ දේශපාලන වාසි තකා ජනාධිපතිවරයා ලැබුණු බුද්ධි තොරතුරු මත ක්‍රියාත්මක නොවූ බවයි.

 

ත්‍රිවිධ හමුදා හා පොලිසියේ අධිපති මෙන්ම තමන් යටතේ ආරක්‍ෂක අමාත්‍යාංශය සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය තිබුනද ජනාධිපතිවරයා කිසිදු වගකීමක් නො ගෙන එමෙන්ම තමාට අවශ්‍ය පුද්ගලයින් රකිමින් පැහැර හැරුණු වගකීම හිටපු ආරක්‍ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු හා පොලිස්පති පූජිත ජයසුන්දර වෙත පටවා තිබෙයි. එසේම කිසිදු අවස්ථාවක දී විදෙස් බුද්ධි තොරතුරු නො දැන්වීම සම්බන්ධව තම වගකීම පැහැර හැරියා යැයි රාජ්‍ය බුද්ධි සේවා ප්‍රධානියා වෙත ජනාධිපතිවරයා චෝදනා කර නොමැත.

 

Source: Colombo telegraph

 

************************************************************************************************

SBS සිංහල ගුවන් විදුලි වැඩසටහන

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඔස්ට්‍රේලියානු වේලාවෙන්)

 

සජීවීව සහ පසුව online අහන්න  වෙබ් පිටුවෙන්  

සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 හෝ 302 (ඔස්ට්‍රේලියාවේ පමණි)

සජීවීව හෝ පසුව අහන්න SBS Radio Mobile APP - (free download) - select radio 2 to listen live

සජීවීව ගුවන් විදුලියෙන්

(ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – VIC 97.7fm –NSW / 105.5fm – ACT 106.3fm – SA /

93.3fm – QLD / 96.9fm - WA / 105.7fm - TAS / 100.9fm - NT

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇසෙන එකම සිංහල ගුවන් විදුලිය”

***********************************************************************************

Share
Published 29 April 2019 5:27am
Updated 29 April 2019 10:05pm
By Gamidu Agampodi

Share this with family and friends