ජනපති සිරිසේන පත්කළ ආණ්ඩුකාරවරුන් තිදෙනෙකුත් ජාතික තව්හිඩ් ජමාද් හා සබදතා පැවත්වුවාද ? (SBS සිංහල/වාර්තා)

national

Source: colombo telegraph

ශ්‍රී ලංකා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කල පළාත් ආණ්ඩුකාරවරුන් තිදෙනෙකු National Thowheed Jamath හෙවත් NTJ යන සංවිධානය සමග සබදතා තිබු බවට හෙළි වී තිබේ. NTJ සංවිධානයේ මහා මොලකරු Mohammed Zaharan විසින් ශ්‍රී ලංකාවේ බෝම්බ ප්‍රහාර සංවිධානය කල බවට දැන් හෙළි වී තිබේ.
NTJ සංවිධානය නැගෙනහිර පළාතේ Mohammed Zaharan ගේ ගම වන කාතන්කුඩි මුල් කර ගෙන ආරම්භ වී ඇත. වසර 2017 මුලින්ම zaharan විසින් කාතන්කුඩි හි Sufi shrines වලට ප්‍රහාරයක් එල්ල කල අවස්තාවේ ඔහුව පොලීසිය විසින් සොයා ඇති බවද සදහන් , එහිදී ඔහු පලා ගියද කිහිප දෙනෙකු අත්අඩංගුවට පත් විය.

මෛත්‍රී ගුණරත්න

එකල NTJ විසින් දැනට මධ්‍යම පළාත් සභා ආණ්ඩුකාර වන මෛත්‍රී ගුණරත්න ගේ නීතිමය සහය එහිදී ලබා ගන්නට සමත් වී තිබේ. එසේම මෛත්‍රී ගුණරත්න ඊට පෙර Sri Lanka Thowheed Jamath හා බොදු බල සෙනා අතර ඇතිවූ ගැටුම් වලදී SLTJ නියෝජනය කර තිබේ. නමුත් එවකට NTJ , SLTJ සංවිධානයෙන් ඉවත් ව තිබුනාද නැත්නම් ඔහු එකම සංවිධානයක් නීතිමය වශයෙන් නියෝජනය කළා දැයි පැහැදිලි නැත

දැන් පොලීසිය පවසන්නේ එම සංවිධාන ගුණරත්න මහතා හා සම්බන්ධ කර ඇත්තේ නැගෙනහිර පලාතේ M.L.A.M. Hizbullah මහතා වන බවයි

M.L.A.M. Hizbullah


වාර්තා වන අන්දමට හිස්බුල්ලා මහතා කාතන්කුඩි හි NTJ පල්ලි යනුවෙන් හැඳින්වෙන ඉස්ලාමීය දේවස්ථාන 15කට නිතර ගොස් ඇති අතර, එම දේවස්ථාන වල අනුග්රාහකයෙකු හා NTJ මගින් පවත්වා ගෙන ගිය madrasas ලෙස හඳුන්වන ඉස්ලාමීය ආගමික ඉගැන්වීම් සිදු කරන පාසලකද අනුග්රාහකයෙකු වී සිටි බවද ප්‍රදේශ වාසීන් පවසා තිබේ

එම ස්ථානයේ ගොඩනැගිලි වලට ද මුල්‍ය ආධාර ලැබී ඇති බවත් සදහන්.

අසාද් සාලි

බස්නාහිර පළාත් ආණ්ඩුකාර ලෙස පත් කොට ඇති අසාද් සාලි විසින් මාවනෙල්ල ප්‍රදේශයේ NTJ විසින් සිදු කළා යයි පවසන බුදු පිළිම වලට හානි කිරීමේ සිදුවීම් වලට සම්බන්ධ 7 දෙනාගෙන් දෙදෙනෙකු පොලීසියෙන් නිදහස් කර ගැනීමට මැදිහත් වී ඇති බවද පැවසේ. මෙම දෙදෙනා ශ්‍රී ලංකාවේ ප්‍රධාන මව්ලවී ගේ පුතුන් දෙදෙනෙකු වන Shashid Ibrahim හා Sagid Ibrahim වන බවද සදහන්. මෙම තරුණයින් දෙදෙනා NTJ වෙත ආහාර සැපයීම පමණක් කල බවට එකල වෙනත් ඉස්ලාමේය සංවිධාන ද විශ්වාස කොට ඇත.නමුත් දැන් මාවනෙල්ල සිදුවීම NTJ හා Zaharan ට සම්බන්ධයක් ඇති බවට පරීක්ෂණ වලින් පෙනී යන්නේ ඔහු එම ප්‍රදේශයේ කුරාන් පන්ති පවත්වා ගෙන ගිය බවට හෙළි වී ඇති නිසා.

එම අත්අඩංගුවට ගැනීමෙන් පසුව අමාත්‍ය කබීර් හෂීම් ගේ ලේකම්වරයෙකුට වෙඩි තැබීමක් සිදුව ඇති අතර එයට ක්‍රමයෙන් දරුණු වූ NTJ සම්බන්ධ බවට විශ්වාස කෙරේ.
එසේම මේ වන විට මෙම ආණ්ඩුකාරවරුන් තිදෙනා ම NTJ සම්බන්ධයෙන් ප්‍රශන කිරීම් වලට යොමු කොට ඇති බවද සදහන්. නමුත් තවමත් දැනට මේ සම්බන්ධ වගකීම පිළිබද හරිහැටි ප්‍රකාශයක් නොකළ ජනපතිවරයා මොවුන් ධුර වලින් ඉවත් කිරීම පිළිබද කිසිදු සදහනක් කර නොමැත.

 


එසේම අමාත්‍ය Rishard Bathurdeen හා දෙමටගොඩ මෙම සිදුවීමට සම්බන්ධ Yusuf Ibrahim හා ඔහුගේ පවුලට ඇති සබදතාව පිළිබදවද විවිධ වාර්තා පළවේ. මාධ්‍ය වාර්තා පවසන්නේ මෙම බෝම්බ නිපදවීමට අවශ්‍ය cartridges බදුර්දින අමාත්‍යවරයාට අයත් කර්මාන්ත සංවර්ධන මන්ඩලයෙන් ලබා ගත බවකි. පසුගිය සතියේ අමාත්‍යවරයාගේ සොහොයුරාද ප්‍රශ්න කොට නිදහස කොට ඇති බවද සදහන්

 පිටකොටුවේ ප්‍රධාන කුළුබඩු වෙලදාම් කරුවකු වන Ibrahim , විවිධ දේශපාලන පක්ෂ සමග සබදතා පවත්වා ඇති අතර , ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු පක්ෂ වලට මුදල් ආධාර ලබා දී තිබේ . ජනතා විමුක්ති පෙරමුණ ඔහු ජාතික ලැයිස්තුවට පවා ඇතුලත් කොට තිබේ. වෙනත් ධනවත්  මුස්ලිම් වෙළඳාම් කරුවන් මෙන් ඔහුද පාර්ලිමේන්තුවට එක්වී සිය තත්වය ඉහලට ගැනීමට කැමැත්තෙන් සිටි බවත් පැවසේ 

Source: Colombo telegraph

*********************************************************************

SBS සිංහල ගුවන් විදුලි වැඩසටහන

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

සජීවීව සහ පසුව online අහන්න  වෙබ් පිටුවෙන්  

සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 හෝ 302 (ඕස්ට්‍රේලියාවේ පමණි )

සජීවීව හෝ පසුව අහන්න SBS Radio Mobile APP - (free download) - select radio 2 to listen live

සජීවීව ගුවන් විදුලියෙන්

(ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – VIC / 97.7fm –NSW / 105.5fm – ACT / 106.3fm – SA /

93.3fm – QLD / 96.9fm - WA / 105.7fm - TAS / 100.9fm - NT

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇසෙන එකම සිංහල ගුවන් විදුලිය”


Share
Published 28 April 2019 11:05pm
Updated 29 April 2019 6:57am
By Charitha Adikari

Share this with family and friends