විදෙස් දූත පිරිස් ශ්‍රී ලංකාවේ ඇති පුද්ගලික ඉස්ලාම් පාසල් ගැන අනතුරු අඟවයි

Pashtun Youth learning Chinese

Source: Islam Gul Afridi, SBS Pashto

පසුගිය සතියේ දී ශ්‍රී ලංකාවට පැමිණි යුරෝපයේ ඉස්ලාමීය රටක දූත පිරිසක් ශ්‍රී ලංකාවේ දේශපාලන නායකයන්ට අරාබි රටවල ආධාර මුදල් භාවිතා කර ඉදි කර ඇති පුද්ගලික ඉස්ලාම් පාසල් ගැන අනතුරු අඟවා තිබෙයි.
ආරංචි මාර්ග වලට අනුව ශ්‍රී ලංකාව තුල මෙවැනි පුද්ගලික ඉස්ලාම් පාසල් 300 ක් පමණ තිබෙයි. දූත පිරිස පවසා ඇත්තේ ඔවුන්ගේ රට ද පාස්කු ඉරුදින ශ්‍රී ලංකාව මුහුණ දුන් ආකාරයේ ප්‍රහාර වලට මුහුණ දුන් අතර පුද්ගලික ඉස්ලාම් පාසල් වල උගන්වනු ලබන දේවල් පිළිබඳව විමර්ශනයක් සිදු කිරීමෙන් අනතුරුව තම රට තුල එම ආයතන තහනම් කිරීමට පියවර ගත් බවයි. දූත පිරිස විශේෂයෙන්ම හුවා දැක්වූවේ එම පාසල් මගින් එහි සහභාගි වන දරුවන් අන්තවාදී අදහස් වලින් පෝෂණය කල බවයි.
මෙවැනි තත්ත්වයන් පාලනය කිරීමට පකිස්තානය හා ඉන්දියාව පියවර ගෙන තිබුනද ශ්‍රී ලංකාව කිසිදු පියවරක් නොගැනීම පිළිබඳව මෙම දූත පිරිස කනස්සල්ලට පත්ව තිබෙයි.

 මේ අතරවාරයේ දී හිටපු ශ්‍රී ලංකා ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය “Madrasa” ඉස්ලාම් පාසල් ලංකාව තුල තහනම් කල යුතු යැයි පසුගිය සිකුරාදා සඳහන් කර තිබෙයි. මේ සඳහා හේතු ලෙස ඇය ඉදිරිපත් කර ඇත්තේ ළමුන්ට එම පාසල් තුල අන්තවාදී අදහස් ඉගැන්වීමයි. ඇය මෙම අදහස් ඉදිරිපත් කළේ පාර්ලිමේන්තුවේ පැවති සර්ව පාක්ෂික හා සර්ව ආගමික සැසිය අමතමිණි. මෙම ගැටලු පිළිබඳව රජය දැනුවත් කළද ඔවුන් ඊට කිසිදු ප්‍රතිචාරයක් දැක්වූවේ නැති බවද ඇය අවධාරණය කළාය. එසේම රජයේ පාසල් මගින් විවිධ ආගමික පසුබිම් ඇති දරුවන් බඳවා ගැනීමට කටයුතු කල යුතු යැයි ද ඇය පැවසුවාය.

 සමස්ත ලංකා මුස්ලිම් විද්වතුන්ගේ සංගමයේ මලාවී ෆාරිස් ෆාරූක් පවසනුයේ “Madrasa” යන වචනයෙහි අරුත “දහම් පාසල” යන්න බවයි. ඕනෑම කෙනෙකුට එම පාසල් නැරඹීමට අවස්ථාව තිබෙන බවද ඔහු පවසයි. ඔහු තවදුරටත් අවධාරණය කර සිටියේ ඉස්ලාම් ආගම තුල අන්තවාදයට කිසිදු ඉඩක් නොමැති බවයි.

 Source: Ceylontoday

*********************************************************************

SBS සිංහල ගුවන්විදුලිවැඩසටහන

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා

(ඕස්ට්‍රේලියානුවේලාවෙන්)

සජීවීව සහ පසුවonline අහන්න  වෙබ්පිටුවෙන්  

සජීවීවරූපවාහිනියෙන්අසන්න - Channel 38(ඕස්ට්‍රේලියාවේපමණි )

සජීවීවහෝපසුව අහන්න SBS Radio Mobile APP - (free download) - select radio 2 to listen live


Share
Published 29 April 2019 4:44pm
Updated 29 April 2019 5:38pm
By Gamidu Agampodi

Share this with family and friends