2018 වසරේ ලොව මිල අඩුම ගුවන් ගමන් සේවා ලැයිස්තුව මෙන්න. ශ්‍රී ලංකන් ගුවන් සේවාවත් ඒ අතර. (SBS සිංහල/වාර්තා)

ගුවන් ගමනේ කිලෝමීටරයකට අය කෙරෙන මුදල පාදක කරගනිමින් මෙම ලැයිස්තුව සකස් කර තිබේ.

World's cheapest airlines for 2018.

Source: Pixabay

ලෝකය විශ්ව ගම්මානයක් බවට පත්වන විට ලොව පුරා ක්‍රියාත්මක කෙරෙන ගුවන් ගමන් සංඛ්‍යාවද දිනෙන් දින වැඩිවෙමින් පවතියි.

මෙනිසාම ලොව විවිධ ගුවන් සේවාවන් විවිධ මාදිලි වල ගුවන් ගමන් හඳුන්වාදීමට උත්සාහ දරයි.

සැප පහසුකම් අනුව වර්ගීකරණයට ලක් කෙරෙන මෙම ගුවන් සේවා එසේ සපයන පහසුකම් අනුව විවධ මිල ගණන් වලට යටත් වේ.

ලොව ප්‍රසිද්ධ සංචාරක සැලසුම් වෙබ් අඩවියක් වන Rome2Rio විසින් අලුතින්ම සම්පාදනය කරන ලද Global Flight Pricing report හෙවත් ගෝලීය ගුවන් ගමන් මිල ගණන් වාර්තාවට අනුව ලොව මිල අඩුම ගුවන් ගමන් සේවා ක්‍රියාත්මක කරනු ලබන්නේ ඔස්ට්‍රේලියාව බව අනාවරණය වී තිබේ.

ගුවන් ගමනේ කිලෝමීටරයකට අය කෙරෙන මුදල පාදක කරගනිමින් මෙම ලැයිස්තුව සකස් කර තිබේ.
World's cheapest airlines for 2018.
Source: SBS

ලොව මිල අඩුම ගුවන් ගමන් සේවාවන්.

www.traveller.com.au වෙබ් අඩවියට අනුව Tigerair  යනු ඔස්ට්‍රේලියාවේ එතරම් විශ්වාසයක් තැබිය නොහැකි ගුවන් සේවාවක් වන නමුත් ගෝලීය ගුවන් ගමන් මිල ගණන් වාර්තාවට අනුව 2018 වසරේ ලොව මිල අඩුම ගුවන් ගමන් සේවාව ලෙස අංක එකට Tigerair  පත්ව තිබේ.

Tigerair  ගුවන් ගමනක කිලෝමීටරයකට අය කෙරෙන මුදල ඇමෙරිකානු ඩොලර් 0.06 ක් ලෙස එම වාර්තාවේ දැක්වෙයි.

AirAsia ගුවන් සේවාවේ AirAsia X ලොව මිල අඩුම ගුවන් ගමන් සේවා ලැයිස්තුවේ දෙවැනි ස්ථානයට පත්ව ඇති අතර එහි කිලෝමීටරයකට අය කෙරෙන මුදල ඇමෙරිකානු ඩොලර් 0.07 ක් ලෙස වාර්තා වේ.

ලැයිස්තුවේ තුන්වන ස්ථානයට පත්ව ඇත්තේ Indonesia AirAsia වන අතර එහි කිලෝමීටරයකට අය කෙරෙන මුදල ඇමෙරිකානු ඩොලර් 0.08 ක් ලෙස සඳහන්.


 

SBS සිංහල Facebook පිටුව -

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”


 

ඔස්ට්‍රේලියාවේ Jetstar ගුවන් සේවාව ලොව මිල අඩුම ගුවන් ගමන් සේවා ලැයිස්තුවේ සිව්වන ස්ථානයට පත්ව තිබෙන්නේ කිලෝමීටරයකට ඇමෙරිකානු ඩොලර් 0.09 ක් අය කිරීම හේතුවෙනි.

ලෝක ප්‍රකට Etihad ගුවන් සේවාව කිලෝමීටරයකට ඇමෙරිකානු ඩොලර් 0.10 ක් අය කරමින් මෙම ලැයිස්තුවේ පස්වන ස්ථානයට පත්ව තිබේ.

මේ අතර Rome2Rio විසින් අලුතින්ම සම්පාදනය කරන ලද ගෝලීය ගුවන් ගමන් මිල ගණන් වාර්තාවට අනුව ලොව මිල අඩුම ගුවන් ගමන් සේවා 25 අතරින් Virgin Australia 14 වන ස්ථානයටත් ඔස්ට්‍රේලියාවේ ජාතික ගුවන් සේවය වන Qantas 20 වන ස්ථානයටත් පත්ව ඇත්තේ පිළිවෙලින් කිලෝමීටරයකට ඇමෙරිකානු ඩොලර් 0.11 බැගින් අය කරමිනි.
World's cheapest airlines for 2018.
Source: AAP

ලොව මිල අඩුම ගුවන් ගමන් සේවා ලැයිස්තුවට SriLankan ගුවන් සේවාවත්

2018 වසරේ ලොව මිල අඩුම ගුවන් ගමන් සේවා 25 ලැයිස්තුවට ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය වන SriLankan ගුවන් සේවාවත් ඇතුළත් වී තිබේ.

කිලෝමීටරයකට ඇමෙරිකානු ඩොලර් 0.11 ක් අය කරමින්  SriLankan ගුවන් සේවාව මෙවර ලැයිස්තුවේ 17 වන ස්ථානයට පත්ව තිබේ.
World's cheapest airlines for 2018.
Sri Lankan Airlines Source: Flickr

2018 වසරේ ලොව මිල අඩුම ගුවන් ගමන් සේවා 25 (කිලෝමීටරයකට අය කෙරෙන මුදල ඇමෙරිකානු ඩොලර්)

  1. Tigerair Australia 0.06
  2. AirAsia X 0.07
  3. Indonesia AirAsia 0.08
  4. Jetstar 0.09
  5. Etihad 0.10
  6. Citilink Indonesia 0.10
  7. WOW air 0.10
  8. Oman Air 0.10
  9. Lion Mentari Airlines 0.10
  10. Ryanair 0.10
  11. Qatar Airways 0.11
  12. Kuwait Airways 0.11
  13. Royal Brunei Airlines 0.11
  14. Virgin Australia 0.11
  15. Thai Vietjet Air 0.11
  16. Batik Air 0.11
  17. SriLankan Airlines 0.11
  18. Gulf Air Bahrain 0.11
  19. Jet Airways 0.11
  20. Qantas 0.11
  21. IndiGo Airlines 0.11
  22. Air India Limited 0.11
  23. Emirates 0.11
  24. Thai Lion Mentari 0.11
  25. PT. Sriwijaya Air 0.11
World's cheapest airlines for 2018.
Source: AAP

ලොව ලාබදායීම ජාත්‍යන්තර ගුවන් සේවා 10.

  1. AirAsia X 0.07
  2. Air India Express 0.08
  3. Indonesia AirAsia 0.08
  4. Primera Air 0.09
  5. IndiGo Airlines 0.10
  6. Etihad 0.10
  7. Ryanair 0.10
  8. Qantas 0.10
  9. WOW air 0.10
  10. Virgin Australia 0.10
World's cheapest airlines for 2018.
Source: Pixabay

ලාබදායීම ගුවන් ගමන් ගමනාන්ත ලැයිස්තුව

Rome2Rio වෙබ් අඩවියට අනුව ලෝකයේ ලාබදායීම ගුවන් ගමන් ගමනාන්තය සහිත රට ලෙස චිලී රාජ්‍යය හැඳින්වෙන අතර ඉන්දුනීසියාව, තුර්කිය, ඉන්දියාව සහ බල්ගේරියාව පිළිවෙලින් සෙසු රටවල් වේ.

ඔස්ට්‍රේලියාව මෙම ලැයිස්තුවේ 13 වන ස්ථානයේ පසුවෙයි.

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න -

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව -

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------

Share
Published 7 June 2018 12:24pm
By Madhura Seneviratne

Share this with family and friends