IT සහ Accounting හැලෙයි, ඔස්ට්‍රේලියාවේ PR එක සෘජුවම දෙන 189 වීසාවල නවතම තොරතුරු මෙන්න

Skilled Migration Invitation Rounds

Source: Pixabay

Get the SBS Audio app

Other ways to listen

ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා අයදුම් කිරීමට අවස්ථාව සලසන නිපුණතා සංක්‍රමණික ලැයිස්තුවට (Skilled Migration List) අදාළ 2022 ජනවාරි මාසයේ ආරාධනා පත්‍ර වටයේ (Invitation Round) තොරතුරු පැහැදිලි කරන SBS සිංහල ගුවන් විදුලිය ගෙන එන Podcast එකට සවන්දෙන්න.


ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා අයදුම් කිරීමට අවස්ථාව සලසන නිපුණතා සංක්‍රමණික ලැයිස්තුවට (Skilled Migration List) අදාළ 2022 ජනවාරි මාසයේ ආරාධනා පත්‍ර වටයේ (Invitation Round) තොරතුරු මේ වන විට ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.

ඔස්ට්‍රේලියාවේ 2021/22 නව මුල්‍ය වර්ෂයේ Skilled වීසා වලට අදාළ 3 වන ආරාධනා පත්‍ර වටය ලෙස මෙය වාර්තා වේ.


Highlights

  • 2022 ජනවාරි මාසයේ ආරාධනා පත්‍ර වටයේ දී Skilled Independent වීසා (subclass 189) සඳහා ආරාධනා පත්‍ර 200 ක් නිකුත් කර තිබේ.
  • IT සහ Accounting වෘත්තීන් ට අදාළ වෘත්තීන් සඳහා මෙවර කිසිදු ආරාධනා පත්‍රයක් නිකුත් කර නැති බව වාර්තා වේ.
  • මෙම කාලය තුළ නිකුත් වී ඇති ආරාධනා පත්‍ර වලින් බහුතරයක් නිකුත් වී ඇත්තේ සෞඛ්‍ය වෘත්තීන් සඳහාය.

2022 ජනවාරි මාසයේ ආරාධනා පත්‍ර වටය

2022 ජනවාරි මාසයේ ආරාධනා පත්‍ර වටයේ දී Skilled Independent වීසා (subclass 189) සඳහා ආරාධනා පත්‍ර 200 ක් ද Skilled Work Regional (Provisional) – Family Sponsored වීසා (subclass 491) සඳහා ආරාධනා පත්‍ර 200 ක් ද නිකුත් කර ඇති බව ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවිය වාර්තා කරයි.

කොරෝනා වසංගතයට පෙර සාමන්‍යයෙන් මසකට ආරාධනා පත්‍ර 2500 ක් නිකුත් කෙරුණු නමුත් ඉන් අනතුරුව එම සංඛ්‍යාව බොහෝ සෙයින් කප්පාදු කෙරිණි.

ඒ අනුව බලන කල මෙවර එම ප්‍රමාණය 2100 කින් කප්පාදු කර තිබේ.

එය ප්‍රතිශතයක් ලෙස ගත් කළ 84% ක කප්පාදුවකි.

ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය අපේක්ෂාවෙන් නිපුණතා සංක්‍රමණික වීසා (Skilled Migration Visa) සඳහා අයදුම් කිරීමට බලාපොරොත්තුවන අයදුම්කරුවන්ට මේ හේතුවෙන් විශාල කාලයක් බලා සිටීමට සිදුව තිබේ.
Medical Visa
Source: AAP Image

189 වීසා

2022 ජනවාරි මාසයේ ආරාධනා පත්‍ර වටයේදී ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සෘජුවම හිමිකරදෙන 189 වීසා සඳහා වෘත්තීන් 23 කට මෙවර ආරාධනා පත්‍ර නිකුත් කර තිබේ.

එම වෘත්තීන් පහත පරිදි වේ.

  1. Emergency Medicine Specialist
  2. General Practitioner
  3. Medical Diagnostic Radiographer
  4. Medical Laboratory Scientist
  5. Medical Practitioners
  6. Microbiologist
  7. Mining Engineer (excluding Petroleum)
  8. Neurosurgeon
  9. Nuclear Medicine Technologist
  10. Nurse Practitioner
  11. Paediatrician
  12. Petroleum Engineer
  13. Registered Nurse (Aged Care)
  14. Registered Nurse (Community Health)
  15. Registered Nurse (Critical Care and Emergency)
  16. Registered Nurse (Developmental Disability)
  17. Registered Nurse (Medical Practice)
  18. Registered Nurse (Medical)
  19. Registered Nurse (Mental Health)
  20. Registered Nurse (Paediatrics)
  21. Registered Nurse (Perioperative)
  22. Registered Nurse (Surgical)
  23. Veterinarian

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය:  

SBS සිංහල Facebook පිටුව: 

SBS Radio App:  හෝ  වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.


491 වීසා (Family Sponsored)

2022 ජනවාරි මාසයේ ආරාධනා පත්‍ර වටයේදී ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සකසා ගත හැකි වසර 5 ක පූර්ණ කාලීන රැකියා වීසා බලපත්‍රයක් වන 491 වීසා සඳහා වෘත්තීන් 28 කට මෙවර ආරාධනා පත්‍ර නිකුත් කර තිබේ.

එම වෘත්තීන් පහත පරිදි වේ.

  1. Agricultural Consultant
  2. Agricultural Scientist
  3. Biotechnologist
  4. Chemical Engineer
  5. Environmental Consultant
  6. Environmental Scientists
  7. Food Technologist
  8. Geophysicist
  9. Life Scientist (General)
  10. Life Scientists
  11. Medical Laboratory Scientist
  12. Medical Radiation Therapist
  13. Microbiologist
  14. Midwife
  15. Orthotist or Prosthetist
  16. Physiotherapist
  17. Psychologists
  18. Registered Nurse (Aged Care)
  19. Registered Nurse (Child and Family Health)
  20. Registered Nurse (Critical Care and Emergency)
  21. Registered Nurse (Medical Practice)
  22. Registered Nurse (Medical)
  23. Registered Nurse (Mental Health)
  24. Registered Nurse (Paediatrics)
  25. Registered Nurse (Perioperative)
  26. Registered Nurse (Surgical)
  27. Registered Nurses 
  28. Social Worker

IT සහ Accounting සඳහා මෙවරත් ආරාධනා පත්‍ර නැහැ

ඔස්ට්‍රේලියාවේ නිපුණතා සංක්‍රමණික ලැයිස්තුවේ වඩාත් ජනප්‍රියම සහ වැඩිම ඉල්ලුමක් ඇති IT සහ Accounting වෘත්තීන් ට අදාළ වෘත්තීන් සඳහා මෙවර ආරධනා පත්‍ර වටයේ කිසිදු ආරාධනා පත්‍රයක් නිකුත් කර නැති බව ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවිය වාර්තා කරයි.

Share