COVID 19 update 17 Feb: VIC සහ NSW ප්‍රාන්තවල ඇතැම් කොවිඩ් නීති හෙට සිට තවත් ලිහිල් කෙරේ

2022 පෙබරවාරි 17 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

Restrictions easing in Victoria and New South Wales from tomorrow

Restrictions easing in Victoria and New South Wales from tomorrow Source: Getty Images

Highlights

  • පෙබරවාරි 18 (හෙට) සිට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඇතැම් කොවිඩ් නීති ලිහිල් කෙරේ. ඒ අනුව හෙට සිට hospitality සහ විනෝදාස්වාදය සපයන ස්ථානවල පාරිභෝගික සීමාවන් ඉවත් කෙරෙන අතර රාත්‍රී සමාජ ශාලාවල, පුද්ගලයින් 1,000 කට වඩා රැස්වන සංගීත සංදර්ශනවල, රෝහල්වල සහ ආබාධිත සේවා මධ්‍යස්ථානවල පමණක් QR check in ක්‍රමය අනිවාර්ය වේ.
  • සියලුම ස්ථානවල ගායනය සහ නැටුම් සඳහා අවසර දෙනු ලැබේ, සංගීත උත්සව පමණක් පෙබරවාරි 25 දක්වා අත්හිටුවා ඇත.
  • නිවසේ සිට රාජකාරී කිරීමේ උපදෙස් ඉවත් කරනු ලබන අතර අදාළ ප්‍රතිපත්ති සේවා ස්ථානයේ අභිමතය පරිදි ක්‍රියාත්මක කළ හැකිය.
  • ලබන සතියේ සිට මුව ආවරණ පැළඳීමේ නීති ස්ථාන ගණනාවක ලිහිල් කරනු ඇත.
  • වික්ටෝරියා ප්‍රාන්තය ද ඇතැම් කොවිඩ් නීති පෙබරවාරි 18 (හෙට) පස්වරු 6 සිට ලිහිල් කරන බව වාර්තා වේ.
  • ඒ අනුව හෙට පස්වරු 6 සිට hospitality සහ විනෝදාස්වාදය සපයන ස්ථානවල පාරිභෝගික සීමාවන් ඉවත් කෙරේ.
  • එමෙන්ම හෙට පස්වරු 6 සිට වෙළෙඳ සැල්වල, සුපිරි වෙළෙඳසැල්වල, පාසල්වල සහ Childcare මධ්‍යස්ථානවල QR check-in ක්‍රමය භාවිත කිරීම අවශ්‍ය නොවේ.
  • වික්ටෝරියා සහ නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත වෙත පැමිණෙන එන්නත් නොකළ ජාත්‍යන්තර සංචාරකයින් දැන් දින 7 ක් දක්වා නිරෝධායනය විය් යුතුවේ. මීට පෙර එය දින 14 ක් විය.
  • ගෘහස්ථ ස්ථානවල මුව ආවරණ පැළඳීම, විශේෂයෙන් කාර්යාල පරිසරය තුළ, ලබන සතියේ ඉවත් කළ හැකි බව වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය අමාත්‍ය Martin Foley පැවසීය.
  • වයස අවුරුදු 6 සිට 11 දක්වා ළමුන් සඳහා කොවිඩ් එන්නතේ දෙවන මාත්‍රාව දැන්  ලබා ගත හැකිය. Moderna COVID-19 එන්නත, මීට පෙර වයස 12 ට වැඩි පුද්ගලයින් සඳහා පමණක් නිර්දේශ කර ඇති අතර, දැන් ඔස්ට්‍රේලියානු ඖෂධ හා චිකිත්සක නියාමන අධිකාරියේ තාවකාලික අනුමැතිය එයට ලැබී ඇත.
  • නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ පරිපූරක වෛද්‍යවරු වැඩ වර්ජනයක නිරත වෙති.
  • නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ හෙදියන් ද පැය 24ක වැඩ වර්ජනයක් දියත් කර දින දෙකකට පසුව වඩා හොඳ රැකියා කොන්දේසි සහ වැඩිදියුණු කළ සම්පත් ඉල්ලා  පරිපූරක වෛද්‍යවරුද මෙම වැඩ වර්ජනය දියත් කර තිබේ.
  • COVID-19 ආශ්‍රිත මරණ අසාමාන්‍ය ලෙස ඉහළ මට්ටමක පවතින බව ක්වීන්ස්ලන්තය අද නිවේදනය කළේය.  එම මරණ සියල්ලම පසුගිය පැය 24 තුළ සිදු නොවූ නමුත් ප්‍රධාන සෞඛ්‍ය නිලධාරි John Gerrard විසින් පැහැදිලි කරන ලද පරිදි ඒවා පසුගිය සති කිහිපය තුළ සිදුවූ ඒවා විය.
  • Queensland Regional Accommodation Center (QRAC) නිල වශයෙන් විවෘත කර ඇත. එය නිරෝධායන අරමුණු සඳහා භාවිතා කරනු ලබන Toowoomba ට බටහිරින් Wellcamp හි පිහිටි ඇඳන් 500 ක මධ්‍යස්ථානයකි. එය ගොඩනැගීමට ඩොලර් මිලියන 48 ක් වැය වූ අතර, ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත අගමැතිනි  Anastaccia Palaszczuk ට අනුව එය අනාගත වසංගත රෝග සඳහා ආයෝජනයක් ද වේ.
  • COVID කළමනාකරණ සැලසුම් සහ QR කේත පිරික්සුම් ක්‍රියාත්මක කරමින් හෙට ආරම්භ වීමට නියමිත Adelaide Fringe උත්සවය නැරඹීම ආරක්ෂිත බව දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්ත අගමැති Steven Marshall පැවසීය.

ගතවූ පැය 24 තුළ ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හා ටෙරිටරිවල කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව

ගතවූ පැය 24 තුළ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් අලුතින් කොවිඩ් ආසාදිතයින් 9,995 ක් හමුවී ඇති අතර කොවිඩ් මරණ 14 ක් වාර්තා වේ. එමෙන්ම නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ මේ වන විට කොවිඩ් රෝගීන් 1,447 ක් රෝහල්ගත කර ඇති අතර 92 දෙනෙකු දැඩි සත්කාර ඒකකවල සිටිති.

ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 8,501 ක් සමග කොවිඩ් මරණ 9 ක් වාර්තා වේ. එමෙන්ම වික්ටෝරියා ප්‍රාන්තයේ මේ වන විට කොවිඩ් රෝගීන් 401 ක් රෝහල්ගත කර ඇති අතර 78 දෙනෙකු දැඩි සත්කාර ඒකකවල සිටිති.

ගතවූ පැය 24 තුළ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 5,665 ක් සමග කොවිඩ් මරණ 39 ක් වාර්තා වේ. එමෙන්ම ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ මේ වන විට කොවිඩ් රෝගීන් 408 ක් රෝහල්ගත කර ඇති අතර 33 දෙනෙකු දැඩි සත්කාර ඒකකවල සිටිති.

ගතවූ පැය 24 තුළ ටස්මේනියා ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 680 ක් වාර්තා වේ. එමෙන්ම ටස්මේනියා ප්‍රාන්තයේ මේ වන විට කොවිඩ් රෝගීන් 16 ක් රෝහල්ගත කර ඇති අතර දෙදෙනෙකු දැඩි සත්කාර ඒකකයේ සිටිති.

ගතවූ පැය 24 තුළ දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 1,440 ක් සමග කොවිඩ් මරණ 3 ක් වාර්තා වේ.. එමෙන්ම දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ මේ වන විට කොවිඩ් රෝගීන් 221 ක් රෝහල්ගත කර ඇති අතර 13 ක් දැඩි සත්කාර ඒකකයේ සිටිති.

ගතවූ පැය 24 තුළ ACT හි කොවිඩ් ආසාදිතයින් 537 ක් හමුවී ඇති අතර 47 ක් රෝහල්ගත කර තිබේ. තිදෙනෙකු දැඩි සත්කාර ඒකකයේ සිටිති.


 

ප්‍රාන්ත සහ ටෙරිටරි වල rapid antigen test (RAT) ප්‍රතිඵල ලියාපදිංචි කිරීමට වන අයදුම්පත් අදාල ප්‍රාන්ත වලට අනුව


නිරෝධායන සහ කෝවිඩ් පරීක්ෂණ සිදු කිරීම ප්‍රාන්ත සහ ටෙරිටරි අනුව

ඔබේ ප්‍රාන්තයේ හෝ ප්‍රදේශයේ ඔබට කළ හැකි සහ කළ නොහැකි දේ 

මූල්‍ය උපකාර

ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත සහ ටෙරිටරි 70% සහ 80% වශයෙන් එන්නත්කරන ඉලක්කය සම්පූර්ණ කළ පසු COVID-19 ආපදා ගෙවීම් හි වෙනස්කම් සිදු වේ.

Services Australia වෙතින් Covid-19 කාලය තුළදී 



 

 

ඔස්ට්‍රේලියාවේ COVID 19 වසංගතයට සම්බන්ධ දෛනිකව වාර්තා වන තොරතුරු සිංහල භාෂාවෙන් දැනගැනීම සඳහා  

 


 

එක් එක් ප්‍රාන්තයේ සහ ටෙරිටරියේ කොවිඩ් පරීක්ෂණ සායන අදාල ප්‍රාන්ත වලට අනුව 

 

 

 

 


 

 

 

Covid-19 සහ සංචාරක තොරතුරු 

 


Share
Published 17 February 2022 1:47pm
Updated 17 February 2022 2:04pm
By Madhura Seneviratne


Share this with family and friends