ඔස්ට්‍රේලියාවෙන් පිටත සිටින අයදුම්කරුවන්ට දකුණු ඔස්ට්‍රේලියා Skilled වැඩසටහනේ වෘත්තීන් 259 ක් හෙට විවෘත කෙරේ

skill migrant

Source: AAP

Get the SBS Audio app

Other ways to listen

ඔස්ට්‍රේලියාවෙන් පිටත සිටින අයදුම්කරුවන්ට දකුණු ඔස්ට්‍රේලියා Skilled වැඩසටහනේ වෘත්තීන් 259 ක් හෙට විවෘත කිරීම පිළිබඳ නවතම තොරතුරු පැහැදිලි කරන SBS සිංහල ගුවන් විදුලිය ගෙන එන Podcast එකට සවන්දෙන්න.


Highlights
  • දැනට ඔස්ට්‍රේලියාවෙන් පිටත සිටින අයදුම්කරුවන්ට දකුණු ඔස්ට්‍රේලියා Skilled Occupation ලැයිස්තුවේ ඇති තවත් වෘත්තීන් 259 ක් සඳහා ROI යොමු කළ හැකිය.
  • එය ඔස්ට්‍රේලියානු මධ්‍යම සම්මත වේලාවෙන් හෙට (16/02) පස්වරු 2 ට විවෘත කෙරේ.
  • state nomination ක්‍රියාවලිය ඉතාමත් තරගකාරී එකක් බව දකුණු ඔස්ට්‍රේලියා ආගමන කටයුතු දෙපාර්තමේන්තුව පවසයි.
ඔස්ට්‍රේලියාවෙන් පිටත සිටින අයදුම්කරුවන්ට දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ Skilled Migration වැඩසටහන සඳහා Registrations of Interest (RoIs) ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා දී තිබේ.

මේ බව දකුණු ඔස්ට්‍රේලියා ආගමන කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.

ඔස්ට්‍රේලියාවෙන් පිටත සිටින අයදුම්කරුවන්ටත් දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයෙන් අවස්ථාවක්

දැනට ඔස්ට්‍රේලියාවෙන් පිටත සිටින අයදුම්කරුවන් සඳහා දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ ඇති තවත් වෘත්තීන් 259 ක් සඳහා තම Registrations of Interest (RoIs) යොමු කිරීමට දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය අවසර ලබාදී තිබේ.

ඒ අනුව අදාළ වෘත්තීන් 259 සඳහා Registrations of Interest ලියා පදිංචි කිරීම ඔස්ට්‍රේලියානු මධ්‍යම සම්මත වේලාවෙන් හෙට (16/02) පස්වරු 2 ට විවෘත කරනු ඇත.


 

මෙම ලිපිය SBS සිංහල සේවය මඟින් සම්පාදනය කරන ලද ලිපියකි. මෙහි ඇති තොරතුරු ලබා ගැනීමේදී හෝ පිටපත්  කරගැනීමේදී SBS සිංහල සේවය වෙතින් උපුටා ගත් බවට සඳහන් කිරීම මඟින් කර්තෘ හිමිකාරීත්වය ලබාදීමට කාරුණික වන්න.


 

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ නිපුණතා වීසා වන 190 හා 491 වීසා ඇතුළුව state nomination සඳහා තිබිය යුතු අවශ්‍යතා අදාළ වෘත්තීය අනුව වෙනස්වන බවද දකුණු ඔස්ට්‍රේලියා ආගමන කටයුතු දෙපාර්තමේන්තුව පවසයි.

ඒ සඳහා සැපිරිය යුතු සම්පූර්ණ අවශ්‍යතා දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ Skilled Occupation ලැයිස්තුවේ ඔස්ට්‍රේලියානු මධ්‍යම සම්මත වේලාවෙන් හෙට (16/02) පස්වරු 2 සිට දක්වනු ඇත.


ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය:  

SBS සිංහල Facebook පිටුව: 

SBS Radio App:  හෝ  වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.


දකුණු ඔස්ට්‍රේලියා state nomination

අවම වශයෙන් ප්‍රකාශයට පත් කළ අවශ්‍යතා සපුරාලන ඔස්ට්‍රේලියාවෙන් පිටත සිටින අයදුම්කරුවන්ට දැන් Registration of Interest හෙවත් තම RoI එක යොමු කළ හැකිය.

දකුණු ඔස්ට්‍රේලියා state nomination අවශ්‍යතා පිළිබඳ සම්පූර්ණ විස්තර
state nomination ක්‍රියාවලිය ඉතාමත් තරගකාරී එකක් බව දකුණු ඔස්ට්‍රේලියා ආගමන කටයුතු දෙපාර්තමේන්තුව පවසයි.

අවම අවශ්‍යතා සපුරා ඇති වුවද, RoI ඉදිරිපත් කිරීමෙන් පසු State nomination සඳහා අයදුම් කිරීමට ආරාධනයක් ලැබීමේ සහතිකයක් නොමැති බවද ඔවුහු පෙන්වා දෙති.



Share