Traffic lights මග හැරයාමට මෙල්බර්න් ට්‍රෑම් වලට අලුත්ම තාක්ෂණයක්. (SBS සිංහල/වාර්තා)

ලොව විශාලතම ට්‍රෑම් රථ ජාලය ලෙස වාර්තා තබන මෙල්බර්න් නුවර ට්‍රෑම් පද්ධතියට නවතම වෙනස්කමක් එක් කිරීමට වික්ටෝරියානු ප්‍රවාහන බලධාරීන් සූදානම් වෙයි.


 

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න -


 

ට්‍රෑම් රථ වලින් ගමන් කිරීමේදී මාර්ග තදබදය සහ වර්ණ සංඥා එළි මගින් ඇතිවන ප්‍රමාද වීම් හේතුවෙන් බොහෝ ට්‍රෑම් මගීන් අපහසුතාවට පත්වීම සුලබ සිදුවීමකි.
Melbourne tram Network
Source: AAP

ප්‍රමාද වී ඇත්නම් වර්ණ සංඥා එළි පාලනය ට්‍රෑම් රථයට

මෙම නව ක්‍රමය ඔස්සේ යම් ට්‍රෑම් රථයක් නියමිත ගමන් වේලාවට වඩා ප්‍රමාද වී ඇත්නම් වර්ණ සංඥා එළි වල පාලනය සියතට ගැනීමට අදාළ ට්‍රෑම් රථයේ රියදුරාට හැකිවේ.

විශේෂයෙන්ම මෙල්බර්න් නුවර බොහෝ ට්‍රෑම් මාර්ග මහා මාර්ගය මධ්‍යයේ අනෙකුත් වාහනත් සමග වැටී ඇති අතර බොහෝ වෙලාවට අනෙකුත් වාහන පිටුපසින් එම ට්‍රෑම් රථ වලට ගමන් කිරීමට සිදුවෙයි.

වාහන තදබදය ඉහළ අවස්ථා වලදී මේ හේතුවෙන් ට්‍රෑම් මගීන් දැඩි අපහසුතාවන්ට ලක්වේ.
මේ අතර ඇතැම් ට්‍රෑම් මාර්ග සඳහා වෙනමම වෙන් කළ මාර්ග පද්ධතියක් ඇති අතර එනිසා ඒවාට මහා මාර්ග වල වාහන වලින් මිදී වෙන්ව ධාවනය කළ හැකිය.

කෙසේහෝ මෙම වර්ග ද්විත්වයේම ට්‍රෑම් රථ මාර්ගයේ පිහිටි වර්ණ සංඥා එළි වලට අනුකූලව ධාවනය කළ යුතුය.

එම වර්ණ සංඥා එළි ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන අතර වාහන තදබදය වැඩි දිශාවට ප්‍රමුඛස්ථානයක් ලබා දීම සාමන්‍යයෙන් සිදුවේ.
Melbourne tram Network
Source: Flickr

නව ක්‍රමය

මෙම නව ක්‍රමයේ අත්හදා බැලීමක් Toorak Road සහ Burwood Highway යන මාර්ග ඔස්සේ ධාවනය වන අංක 75 දරන ට්‍රෑම් සේවාව ඔස්සේ සිදු කිරීමට අපේක්ෂිතය.

ඒ අනුව වර්ණ සංඥා එළි පිහිටි මං සන්ධි වලදී රතු එළි බලාත්මක වී ඇති අවස්ථාවකදී එය කොළ එළියක් බවට පත් කිරීමට අදාළ ට්‍රෑම් රථයේ රියදුරාට හැකියාව ලැබේ.
GPS තාක්ෂණය ඔස්සේ මේ ක්‍රියාව සිදුකළ හැකි බව The Age පුවත්පත වාර්තා කරයි.

GPS පද්ධතියෙන් ලබාගන්නා තොරතුරු ක්ෂණිකව central traffic control centre හෙවත් මධ්‍යම වාහන පාලන මධ්‍යස්ථානය වෙත යැවෙන අතර ප්‍රමාදයට හසුවී ඇති ට්‍රෑම් රථය සඳහා ගමන් මාර්ගය සකසා දීම පිණිස වර්ණ සංඥා එළි වෙනස් කිරීම සිදුකරනු ඇත.

මෙම නව තාක්ෂණික ක්‍රම වේදය මෙල්බර්න් ට්‍රෑම් රථ 25 කට මුලදී සවි කිරීමට නියමිතය.

මෙම අත්හදා බැලීම 2019 මාර්තු මස සිට මැයි මස දක්වා සිදුකිරීමට නියමිත බවද The Age පුවත්පත වාර්තා කරයි.
Melbourne tram Network
Source: Flickr

මෙල්බර්න් ට්‍රෑම් පද්ධතිය

මෙල්බර්න් ට්‍රෑම් පද්ධතිය ලොව විශාලතම ට්‍රෑම් පද්ධතියට හිමිකම් කියනු ලබයි.

කිලෝ මීටර් 250 කට අධික දුරක් දක්වා විහිදෙන මෙල්බර්න් ට්‍රෑම් පද්ධතියට මේ වන විට ට්‍රෑම් මාර්ග 25 ක් අයත්වෙයි.

එම මාර්ග වල ට්‍රෑම් නැවතුම් ස්ථාන 1763 ක් ඇති බවද වාර්තා වේ.
ලොව දෙවැනි හා තෙවැනි විශාලතම  ට්‍රෑම් පද්ධතියට හිමිකම් කියනුයේ පිළිවෙලින් රුසියාවේ Moscow නුවර සහ Saint Petersburg නුවරය.

වසරකට සාමාන්‍යයෙන් ට්‍රෑම් හරහා මිලියන 200 ක පමණ ගමන් වාර සිදුකෙරෙන බවද සඳහන්.

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න -

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව -

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------

Share
Published 5 March 2019 12:45pm
By Madhura Seneviratne

Share this with family and friends