2025 දක්වා වැඩිම වර්ධනයක් අපේක්ෂා කරන ඔස්ට්‍රේලියාවේ හොඳම රැකියා 10 (SBS සිංහල/ වාර්තා)

Aged care සහ disability care වැනි සත්කාරක සේවා සපයන්නන් මෙන්ම ලියාපදිංචි හෙදියන් එම ලයිස්තුවේ ඉහළින්ම සිටී.

Australia Map with the Flag

Australia Source: Getty Images/Richard Drury

ඔස්ට්‍රේලියානු ජාතික නිපුණතා කොමිෂන් සභාව විසින් වසර 2025 දක්වා වැඩිම වර්ධනයක් අපේක්ෂා කරන ඔස්ට්‍රේලියාවේ හොඳම රැකියා 10 හඳුනාගෙන ඇත.

මෙය ඔවුන්ගේ The State of Australia’s Skills 2021: now and into the future යන වාර්තාවේ පළ කර තිබේ.


Highlights

  • ඉදිරි වසර හතර තුළ Aged and disabled carers රැකියා 54,700 කින් වර්ධනය වනු ඇත.
  • එමෙන්ම ලියාපදිංචි හෙදියන්ගේ රැකියා 46,500 කින් ඉදිරි වසර හතර තුළ වර්ධනය වනු ඇතැයි පුරෝකථනය කර තිබේ.
  • මීට අමතරව software and applications programmers රැකියා 46,100 කින් හෝ 30% කින් හෝ වර්ධනය වනු ඇත.

2025 දක්වා වැඩිම වර්ධනයක් අපේක්ෂා කරන ඔස්ට්‍රේලියාවේ රැකියා

Aged care සහ disability care වැනි සත්කාරක සේවා සපයන්නන් මෙන්ම ලියාපදිංචි හෙදියන් එම ලයිස්තුවේ ඉහළින්ම සිටී.

එම වෘත්තීන් සඳහා ඇති ඉල්ලුම 40% කින් ඉදිරියේදී වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.


මෙම ලිපිය SBS සිංහල සේවය මඟින් සම්පාදනය කරන ලද ලිපියකි. මෙහි ඇති තොරතුරු ලබා ගැනීමේදී හෝ පිටපත්  කරගැනීමේදී SBS සිංහල සේවය වෙතින් උපුටා ගත් බවට සඳහන් කිරීම මඟින් කර්තෘ හිමිකාරීත්වය ලබාදීමට කාරුණික වන්න.


ඉදිරි වසර හතර තුළ Aged and disabled carers රැකියා 54,700 කින් වර්ධනය වනු ඇත.

එමෙන්ම ලියාපදිංචි හෙදියන්ගේ රැකියා 46,500 කින් ඉදිරි වසර හතර තුළ වර්ධනය වනු ඇතැයි පුරෝකථනය කර තිබේ.

මීට අමතරව software and applications programmers රැකියා 46,100 කින් හෝ 30% කින් හෝ වර්ධනය වනු ඇත.

2025 දක්වා වැඩිම වර්ධනයක් අපේක්ෂා කරන ඔස්ට්‍රේලියාවේ හොඳම රැකියා ලයිස්තුවේ වේටර්වරු සිව්වන ස්ථානයටත් කැෆේ සහ අවන්හල් කළමනාකරුවන් 7 වන ස්ථානයටත් පැමිණ තිබේ.
ඉදිරි වසර හතර තුළ වේටර්වරුන්ගේ රැකියා 42,000 කින්ද කැෆේ සහ අවන්හල් කළමනාකරුවන්ගේ රැකියා 21,300 කින්ද වැඩිවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

කොවිඩ් වසංගතයෙන් පසුව hospitality ක්ෂේත්‍රයේ ශීග්‍ර වර්ධනයක් ඇතිවීම මීට ප්‍රධානතම හේතුව වේ.
Funcionários dos lares de idosos na Austrália estão insatisfeitos com o seu salário e condições de trabalho
Aged care Worker Source: Getty Images/Dean Mitchell

වැඩිපුර කතා නොවෙන වෘත්තීන් කිහිපයකුත් මුල් පෙළට

ඔස්ට්‍රේලියාවේ General clerks හෙවත් සාමාන්‍ය ලිපිකරුවන්ගේ රැකියා පිළිබඳ එතරම් අවධානයක් යොමු නොවේ.

නමුත් මෙම ලැයිස්තුවේ වැඩිම වර්ධනයක් අපේක්ෂා කරන රැකියා 10 අතර සාමාන්‍ය ලිපිකරුවන් 5 වන ස්ථානයේ පසුවෙයි.
එමෙන්ම තවත් වැඩි වශයෙන් සාකච්ඡාවට බඳුන් නොවන වෘත්තීයක් වන Advertising, Public Relations and Sales Managers හෙවත් වෙළඳ දැන්වීම්, මහජන සම්බන්ධතා සහ විකුණුම් කළමණාකරුවන්ගේ රැකියා එම ලයිස්තුවේ 6 වන තැනට පත්ව ඇත.

තවද Advertising and Marketing Professionals හෙවත් වෙළඳ දැන්වීම් සහ අලෙවිකරණ වෘත්තිකයන් ලැයිස්තුවේ 10 වන ස්ථානයට පත්ව තිබේ.


ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය:  

SBS සිංහල Facebook පිටුව: 

SBS Radio App:  හෝ  වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.


වැඩිම වර්ධනයක් අපේක්ෂා කරන ඔස්ට්‍රේලියාවේ හොඳම රැකියා 10
Top10 jobs that are projected to grow the most to 2025 in Australia
Source: Supplied

රැකියා සඳහා අවශ්‍ය සුදුසුකම්

ඉහත රැකියාවලින් අඩකට අවම වශයෙන් උපාධියක් හෝ තිබිය යුතුවේ.

එමෙන්ම රැකියා 3 කට අවම වශයෙන් certificate level II හෝ III සම්පුර්ණ කළ යුතුය.

එක් රැකියාවකට පමණක් ඩිප්ලෝමාවක් හෝ advanced  ඩිප්ලෝමාවක් පමණක් තිබීම ප්‍රමාණවත් වන අතර අනෙක් රැකියාවට අවම වශයෙන් certificate level IV තිබිය යුතුවේ.



Share
Published 4 February 2022 6:43pm
By Madhura Seneviratne

Share this with family and friends