වික්ටෝරියා ප්‍රාන්තයේ පළමු නිවාස ගැනුම්කරුවන් සංඛ්‍යාව ඉහළ දැමීමට වැඩිපුර සහන සහ මුදල් ප්‍රදාන (SBS සිංහල/ වාර්තා)

2022 වසරේ මුල් මාස තුන තුළ විටෝරියා ප්‍රාන්තය පුරා 10,000 ක සංඛ්‍යාවක මුද්දර ගාස්තු නිදහස් කිරීම් සිදුකර ඇති අතර ඩොලර් මිලියන 185 ක සහන අනුමත කර ඇත.

Australians face higher mortgage costs with another rate hike all but certain

Australians face higher mortgage costs with another rate hike all but certain Source: Getty Images

වික්ටෝරියා ප්‍රාන්තයේ පළමු නිවාස ගැනුම්කරුවන්ට ඔවුන්ගේ නිවාස සිහින සැබෑ කර ගැනීම සඳහා සෑම සතියකම ඩොලර් මිලියන ගණනක ප්‍රදාන සහ සහන ලබා දීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය පියවර ගෙන තිබේ.

මෙම සහන සහ මුදල් ප්‍රදාන ලබා ගැනීමට තවත් පිරිස් වෙත එකතුවෙන ලෙස ද වික්ටෝරියා ප්‍රාන්ත රජය ආරාධනා කරයි.


Highlights

  • 2022 වසරේ මුල් මාස තුන තුළ විටෝරියා ප්‍රාන්තය පුරා 10,000 ක සංඛ්‍යාවක මුද්දර ගාස්තු නිදහස් කිරීම් සිදුකර ඇති අතර ඩොලර් මිලියන 185 ක සහන අනුමත කර ඇත.
  • පළමු නිවාස ගැනුම්කරුවන් $600,000 හෝ ඊට අඩු මුදලකට නිවසක් මිල දී ගන්නේ නම් එහි මුද්දර ගාස්තු ගෙවීමෙන් නිදහස් වේ.
  • $750,000 දක්වා වටිනා නව නිවසක් මිලදී ගන්නා හෝ ඉදිකරන වික්ටෝරියානුවන් $10,000 පළමු නිවාස හිමිකරු ප්‍රදානය සඳහා සුදුසුකම් ලබයි.

වික්ටෝරියානු පළමු නිවාස ගැනුම්කරුවන්ට ලැබෙන සහන සහ මුදල් ප්‍රදාන

2022 වසරේ මුල් මාස තුන තුළ විටෝරියා ප්‍රාන්තය පුරා 10,000 ක සංඛ්‍යාවක මුද්දර ගාස්තු නිදහස් කිරීම් සිදුකර ඇති අතර ඩොලර් මිලියන 185 ක සහන අනුමත කර ඇත.

ඊට අමතරව වික්ටෝරියා ප්‍රාන්තයේ නිවාස ගැනුම්කරුවන් 3,500ක් සඳහා $10,000ක පළමු නිවාස හිමිකරුවන් සඳහා වන මුදල් ප්‍රදානද මේ වන විට ලබාදී ඇති බව වික්ටෝරියා ප්‍රාන්ත අගමැති Daniel Andrews නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.


 

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය:  

SBS සිංහල Facebook පිටුව: 

SBS Radio App:  හෝ  වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.


 

පසුගිය වසරේදී වික්ටෝරියානු පළමු නිවාස ගැනුම්කරුවන් විසින් ඩොලර් බිලියන 1.1 ක වාර්තාගත ප්‍රතිලාභයක් ලබා ඇති බවද ඔහු සඳහන් කළේය.

මුද්දර තීරු බදු සහන සහ නිදහස් කිරීම් 51,000 කට වැඩි ප්‍රමාණයක් සහ පළමු නිවාස හිමිකරුවන්ගේ ප්‍රදාන 21,000 කින් එය සමන්විත වේ.
Australian Housing Market
Source: AAP

පළමු නිවාස ගැනුම්කරුවන්ට මුද්දර ගාස්තු නිදහස් කිරීම

පළමු නිවාස ගැනුම්කරුවන් $600,000 හෝ ඊට අඩු මුදලකට නිවසක් මිල දී ගන්නේ නම් එහි මුද්දර ගාස්තු ගෙවීමෙන් නිදහස් වේ.

ඊට අමතරව $750,000 දක්වා වටිනා නව නිවසක් මිලදී ගන්නා හෝ ඉදිකරන වික්ටෝරියානුවන් $10,000 පළමු නිවාස හිමිකරු ප්‍රදානය සඳහා සුදුසුකම් ලබයි.

බොහෝ වික්ටෝරියානුවෝ තම නිවස මිලදී ගැනීමට උපකාරයක් ලෙස මෙම ප්‍රතිලාභ වෙත ප්‍රවේශ වෙමින් සිටිති.

2021 දී අනුමත මෙම ප්‍රතිලාභ පෙර වසරට සාපේක්ෂව 20% කින් පමණ ඉහළ ගොස් ඇත.

Victorian Homebuyer අරමුදල හරහා නිවසක් හිමිකරගැනීම පිණිස ද වික්ටෝරියා ප්‍රාන්ත රජය සහය දක්වයි.

වික්ටෝරියානු ප්‍රාන්ත වැසියන් 850කට වැඩි පිරිසකට තමාගේම නිවසකට යාමට හැකි වන පරිදි මාස හයක් තුළ ඩොලර් මිලියන 140කට වැඩි අරමුදල් ඒ සඳහා අනුමත කර ඇත.
වික්ටෝරියානුවන්ට ප්‍රාන්තය පුරා ඇති නිවාස සම්බන්ධව දීමනා ලබාගත හැකි වන පරිදි තවත් අයදුම්පත් සිය ගණනක් අනුමත කර ඇත.

මෙම යෝජනා ක්‍රමය අයදුම්කරුවන් 3,000ක් දක්වා තම නිවාස හිමිකාරිත්වයේ සිහිනය සාක්ෂාත් කර ගැනීමට උපකාරී වේ.

මෙම අරමුදලට සහභාගිවන්නන් සඳහා අවශ්‍ය තැන්පතුව 5% දක්වා අඩු කරන අතර දේපල මිලදී ගැනීමේ මිලට 25% දක්වා දායක වේ.

Lenders Mortgage Insurance ලබා ගැනීමේ පිරිවැයෙන් නිවාස ගැනුම්කරුවන් නිදහස් කිරීමේ අමතර ප්‍රතිලාභද මීට ඇතුළත් වේ.

වික්ටෝරියා ප්‍රාන්තයේ පළමු නිවාස ගැනුම්කරුවන්ට ලැබෙන සහාය පිළිබඳ වැඩි විස්තර සඳහා මෙම වෙබ් අඩවියට පිවිසෙන්න.



Share
Published 19 April 2022 7:30pm
By Madhura Seneviratne

Share this with family and friends