විදේශීය රියදුරු බලපත්‍රයකින් ඔස්ට්‍රේලියාවේ රිය පදවන්නේ කෙලෙසද? (SBS සිංහල/වාර්තා)

විදෙස් රියදුරු බලපත්‍රයකින් ඔස්ට්‍රේලියාවේ ඒ ඒ ප්‍රාන්ත හා ටෙරිටරි වල රිය ධාවනය කළ හැකි ආකාරය කෙලෙසද යන්න මෙම ලිපියෙන් පැහැදිලි කෙරේ.

Driving to work in Australia

Source: AAP

ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට මාර්ග සමබන්ධ නීති හා රෙගුලාසි වෙනස් වේ.

එහිදී ඔබේ රියදුරු බලපත්‍රය සමබන්ධව පවතින නීති රීතිද එකිනෙකට වෙනස් වේ.

ඇතැම් ප්‍රාන්ත වලදී ඔබේ වලංගු විදේශීය රියදුරු බලපත්‍රය සමග ඔබේ ජාත්‍යන්තර රියදුරු බලපත්‍රයද රැගෙන යා යුතු අතර තවත් ප්‍රාන්ත වල ඔබේ වලංගු විදේශ රියදුරු බලපත්‍රය සමග එහි නිල ඉංග්‍රීසි පරිවර්තනයක් රැගෙන යා යුතු වේ.

විදෙස් රියදුරු බලපත්‍රයකින් ඔස්ට්‍රේලියාවේ ඒ ඒ ප්‍රාන්ත හා ටෙරිටරි වල රිය ධාවනය කළ හැකි ආකාරය කෙලෙසද යන්න මෙම ලිපියෙන් පැහැදිලි කෙරේ.

කෙසේවෙතත්, ඔබ ඔස්ට්‍රේලියාවේ පුරවැසියෙකුද, ස්ථිර පදිංචිය හිමි අයෙකුද නැතිනම් සංචාරකයෙකුද යන්න මතද එම නීති වෙනස් වේ.
How to drive in Australia with an overseas licence?
Source: AAP

Australian Capital Territory

Australian Capital Territory හි ඔබ රිය ධාවනය කරනවා නම් ඔබට Australian Capital Territory හි වලංගු රියදුරු බලපත්‍රය තිබිය යුතුය.

තාවකාලික හෝ සංචාරක වීසා මත ACT හි වෙසෙන පුදගලයින්, ඔබේ විදේශීය රියදුරු බලපත්‍රය (ඉංග්‍රීසි භාෂාවෙන් ඇත්නම්) හෝ ඉංග්‍රීසි භාෂාවෙන් සටහන් නොවන විදේශීය  රියදුරු බලපත්‍රයේ නිල ඉංග්‍රීසි පරිවර්තනයක් සමග ඔබේ විදේශීය  රියදුරු බලපත්‍රය හෝ ජාත්‍යන්තර  රියදුරු බලපත්‍රය රැගෙන යා යුතු වේ.

ස්ථිර පදිංචිය සඳහා ACT වෙත යන පුද්ගලයින් සඳහා ACT වෙත ගොස් මාස තුනක් ඇතුළත ACT රියදුරු බලපත්‍රය ලබා ගත යුතුය.

වැඩි විස්තර
How to drive in Australia with an overseas licence?
Source: SBS

නිව් සවුත් වේල්ස්

තාවකාලික විදෙස් සංචාරකයෙකු නම්,

ඔබේ විදේශීය රියදුරු බලපත්‍රය වලංගු නම්,

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ හෝ වෙනයම් ප්‍රාන්තයක හෝ රිය ධාවනය සඳහා ඔබ තහනම් කර නොමැතිනම්,

ඔබගේ විදේශීය රියදුරු බලපත්‍රය අවලංගු කර නැත්නම්,

ඔබ ඔබගේ විදේශීය රියදුරු බලපත්‍රය රැගෙන යනවානම්,

ඔබේ විදේශීය රියදුරු බලපත්‍රය තිබෙන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් නොවේනම් ඔබ එයට අදාළ වලංගු ඉංග්‍රීසි පරිවර්තනයක් හෝ ජාත්‍යන්තර රියදුරු බලපත්‍රයක් ගෙන යන්නේ නම්,

ඔබට ඔබේ විදේශීය රියදුරු බලපත්‍රයෙන් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය තුළ රිය ධාවනය කළ හැකි වේ.

නමුත් ඔබ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය තුළ ස්ථිර පදිංචිකරුවෙකු නම් හෝ ඔස්ට්‍රේලියානු පුරවැසියෙකු නම් ඔබට මාස තුනක් ඇතුළත නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ රියදුරු බලපත්‍රය ලබා ගත යුතු වේ.

වැඩි විස්තර
Drive in Australia
Source: AAP

Northern Territory

ඔබගේ විදේශීය රියදුරු බලපත්‍රයෙන් හෝ ඔස්ට්‍රේලියාවේ අනෙකුත් ප්‍රාන්තයක රියදුරු බලපත්‍රයෙන් ඔබට Northern Territory හි රිය ධාවනය කිරීමට අවස්ථාව ලැබේ.

නමුත් ඔබ Northern Territory හි මාස තුනක කාලයකට වඩා සිටින්නේ නම් ඔබ Northern Territory හි රියදුරු බලපත්‍රය සඳහා අයදුම් කළ යුතු වන අතර ඔස්ට්‍රේලියාවේ අනෙකුත් ප්‍රාන්තයක රියදුරු බලපත්‍රයක් වුවද එම තත්ත්වය යටතේ වලංගු නොවේ.

ඔබගේ විදේශීය රියදුරු බලපත්‍රය ඉංග්‍රීසි භාෂාවෙන් සටහන් නොවන්නේ නම් ඒ සඳහා වූ නිල ඉංග්‍රීසි පරිවර්තනයක් ඔබේ විදේශීය රියදුරු බලපත්‍රය සමග ඔබ ළඟ තබා ගත යුතු වේ.

Northern Territory හි රිය ධාවනය කරන සෑම අවස්ථාවකදීම ඔබගේ රියදුරු බලපත්‍රය ළඟ තබා ගැනීම අනිවාර්ය වේ.

වැඩි විස්තර
How to drive in Australia with an overseas licence?
Source: SBS

ක්වීස්න්ලන්තය

ඔබට වලංගු විදේශීය රියදුරු බලපත්‍රයක් හෝ ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයක වලංගු රියදුරු බලපත්‍රයක් තිබේ නම් ඔබට ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ රිය ධාවනය කළ හැකිය.

ඔබගේ විදේශීය රියදුරු බලපත්‍රය ඉංග්‍රීසි භාෂාවෙන් සටහන් නොවන්නේ නම් ඒ සඳහා වූ නිල ඉංග්‍රීසි පරිවර්තනයක් ඔබේ විදේශීය රියදුරු බලපත්‍රය සමග ඔබ ළඟ තබා ගත යුතු වේ.

එමෙන්ම ඔබ ඔස්ට්‍රේලියානු පුරවැසියෙකු ලෙස හෝ ස්ථිර පදිංචිය හිමි අයෙකු ලෙස හෝ ක්වීන්ස්ලන්තයේ මාස 3 කට අධික කාලයක් සිටී නම් ඔබ ක්වීස්ලන්ත රියදුරු බලපත්‍රය ලබා ගත යුතුය.

වැඩි විස්තර
Preparing to drive
Preparing to drive in Australia Source: Getty Images

දකුණු ඔස්ට්‍රේලියාව

ඔබ තාවකාලික වීසා  හිමියෙකු නම් ඔබගේ විදෙස් රියදුරු බලපත්‍රයෙන් හෝ ජාත්‍යන්තර රියදුරු බලපත්‍රයෙන් ඔබට දකුණු ඔස්ට්‍රේලියාවේ රිය ධාවනය කළ හැකි වේ.

නමුත් ඔබගේ විදේශීය රියදුරු බලපත්‍රය ඉංග්‍රීසි භාෂාවෙන් සටහන් නොවන්නේ නම් ඒ සඳහා වූ නිල ඉංග්‍රීසි පරිවර්තනයක් ඔබේ විදේශීය රියදුරු බලපත්‍රය සමග ඔබ ළඟ තබා ගත යුතු වේ.

එමෙන්ම ඔබ ඔස්ට්‍රේලියානු පුරවැසියෙකු හෝ ස්ථිර පදිංචිය හිමි අයෙකු වේ නම් ඔබ දකුණු ඔස්ට්‍රේලියානු රියදුරු බලපත්‍රය දින 90 ක් ඇතුළත ලබා ගත යුතු වේ.

වැඩි විස්තර
How to drive in Australia with an overseas licence?
Source: pixels

ටස්මේනියාව

ඔබ තාවකාලික වීසා හිමියෙකු නම් හෝ සංචාරකයෙකු නම් හෝ ඔබගේ විදේශීය රියදුරු බලපත්‍රයෙන් හෝ ජාත්‍යන්තර රියදුරු බලපත්‍රයෙන් හෝ ටස්මේනියාව තුළ රිය ධාවනය කළ හැකිය.

නමුත් ඔබ ඔස්ට්‍රේලියානු පුරවැසියෙකු හෝ ස්ථිර පදිංචිය ලබා මාස තුනකට වැඩි නම් ඔබ අනිවාර්යෙන් ටස්මේනියානු රියදුරු බලපත්‍රය ලබා ගත යුතු වේ.

ඔබගේ විදේශීය රියදුරු බලපත්‍රය ඉංග්‍රීසි භාෂාවෙන් සටහන් නොවන්නේ නම් ඒ සඳහා වූ නිල ඉංග්‍රීසි පරිවර්තනයක් ඔබේ විදේශීය රියදුරු බලපත්‍රය සමග ඔබ ළඟ තබා ගත යුතු වේ.

වැඩි විස්තර
How to drive in Australia with an overseas licence?
Source: AAP

වික්ටෝරියානු ප්‍රාන්තය

ඔබට ඇත්තේ තාවකාලික වීසා හෝ සංචාරක වීසා නම් ඔබට වික්ටෝරියානු ප්‍රාන්තයේ රියදුරු බලපත්‍රය නොමැතිව ඔබගේ විදෙස් රියදුරු බලපත්‍රයෙන් වික්ටෝරියානු ප්‍රාන්තය තුළ රිය ධාවනය කළ හැකිය.

නමුත් ඒ සඳහා ඔබේ විදෙස් රියදුරු බලපත්‍රය ඉංග්‍රීසි භාෂාවෙන් තිබිය යුතු වන අතර එසේ නොමැතිනම් ඒ සඳහා නිල ඉංග්‍රීසි පරිවර්තනයක් ලබා ගෙන ඔබේ විදෙස් රියදුරු බලපත්‍රය සමග ළඟ තබා ගත යුතු වේ.

ඔබ ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය හිමි අයෙකු නම් ඔබට ඔබගේ විදෙස් රියදුරු බලපත්‍රයෙන් වික්ටෝරියානු ප්‍රාන්තය තුළ රිය ධාවනය කළ හැකි කොන්දේසි පහත පරිදි වේ.

ඔබට ස්ථිර පදිංචිය හිමිවුයේ ඔස්ට්‍රේලියාව තුළදී නම්, ස්ථිර පදිංචිය හිමිවූ දින සිට මාස 6 ක් දක්වා ඔබේ  විදෙස් රියදුරු බලපත්‍රයෙන් වික්ටෝරියානු ප්‍රාන්තය තුළ රිය ධාවනය කළ හැකිය.

ඔබට ස්ථිර පදිංචිය හිමිවුයේ ඔස්ට්‍රේලියාවෙන් පිටතදී නම් ඔබ ඔස්ට්‍රේලියාවට ඇතුල්වූ දින සිට මාස 6 ක් දක්වා ඔබේ  විදෙස් රියදුරු බලපත්‍රයෙන් වික්ටෝරියානු ප්‍රාන්තය තුළ රිය ධාවනය කළ හැකිය.

ඉන් අනතුරුව ඔබ වික්ටෝරියානු ප්‍රාන්තයේ රියදුරු බලපත්‍රය ලබා ගත යුතු වන අතර ඔබේ විදෙස් රියදුරු බලපත්‍රය හෝ ජාත්‍යන්තර රියදුරු බලපත්‍රය ඉන් අනතුරුව වලංගු නොවේ.

වැඩි විස්තර
How to drive in Australia with an overseas licence?
Source: AAP

බටහිර ඔස්ට්‍රේලියාව

ඔබ තාවකාලික වීසා  හිමියෙකු නම් ඔබගේ විදෙස් රියදුරු බලපත්‍රයෙන් හෝ ජාත්‍යන්තර රියදුරු බලපත්‍රයෙන් ඔබට බටහිර ඔස්ට්‍රේලියාවේ රිය ධාවනය කළ හැකි වේ.

නමුත් ඔබගේ විදේශීය රියදුරු බලපත්‍රය ඉංග්‍රීසි භාෂාවෙන් සටහන් නොවන්නේ නම් ඒ සඳහා වූ නිල ඉංග්‍රීසි පරිවර්තනයක් ඔබේ විදේශීය රියදුරු බලපත්‍රය සමග ඔබ ළඟ තබා ගත යුතු වේ.

එමෙන්ම ඔබ ඔස්ට්‍රේලියානු පුරවැසියෙකු හෝ ස්ථිර පදිංචිය හිමි අයෙකු වේ නම් ඔබ බටහිර ඔස්ට්‍රේලියානු රියදුරු බලපත්‍රය දින 90 ක් ඇතුළත ලබා ගත යුතු වේ.

වැඩි විස්තර

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න -

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව -

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------


 


Share
Published 18 May 2018 1:22pm
Updated 18 May 2018 1:24pm
By Madhura Seneviratne

Share this with family and friends