ඔස්ට්‍රේලියාවේ Regional Skilled Visa වලට ඔස්ට්‍රේලියානු රජය පනවන්න යන අලුත්ම නීතිය මෙන්න. (SBS සිංහල/වාර්තා)

ප්‍රාදේශීය නිපුණතා වීසා හරහා ඔස්ට්‍රේලියාවට පැමිණෙන බොහෝ සංක්‍රමණිකයින් තමන්ගේ ස්ථිර පදිංචිය ලැබුණු පසුව වැඩි කලක් අදාළ ප්‍රාදේශීය ප්‍රදේශ වල වාසය නොකරන බවත් ඔවුන් ප්‍රධාන නාගරික කලාප වලට ඇදී එන බවත් ඔස්ට්‍රේලියාවේ බහු සංස්කෘතික කටයුතු අමාත්‍ය Alan Tudge පැවසීය.

AUS Government considers forcing regional migrants to stay rural.

Source: AAP

පැමිණෙන සංක්‍රමණිකයින් හට අදාළ ප්‍රාදේශීය ප්‍රදේශ වලම රැදී සිටිය යුතු ලෙස බල කිරීමට ඔස්ට්‍රේලියානු රජය සූදානම් වේ.

ප්‍රාදේශීය නිපුණතා වීසා හරහා ඔවුන් ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වී ස්ථිර පදිංචිය ලබා ගත් පසුවද මෙලෙස  ඔවුන් අදාළ ප්‍රාදේශීය ප්‍රදේශ වලම සිටිය යුතු බවට බල කිරීමට රජය සැරසෙන බව ඔස්ට්‍රේලියානු රජයේ නවතම වාර්තාවක් දක්වයි.



ස්ථිර පදිංචිය ලැබීමෙන් පසුව තීරණය වෙනස් කරයි.

ප්‍රාදේශීය නිපුණතා වීසා හරහා ඔස්ට්‍රේලියාවට පැමිණෙන බොහෝ සංක්‍රමණිකයින් තමන්ගේ ස්ථිර පදිංචිය ලැබුණු පසුව වැඩි කලක් අදාළ ප්‍රාදේශීය ප්‍රදේශ වල වාසය නොකරන බවත් ඔවුන් ප්‍රධාන නාගරික කලාප වලට ඇදී එන බවත් ඔස්ට්‍රේලියාවේ බහු සංස්කෘතික කටයුතු අමාත්‍ය  Alan Tudge, Daily Telegraph පුවත්පතට පැවසීය.

මේ ක්‍රියාව හේතුවෙන් ප්‍රාදේශීය ප්‍රදේශ වල ශ්‍රම හිඟයක් ඇතිවීමේ ඉඩ කඩක් නිර්මාණය වී ඇති බවද ඔහු පෙන්වා දෙයි.
AUS Government considers forcing regional migrants to stay rural.
Avustralya federal hükümeti, yeni göçmenleri kırsal bölgelere yetleştirmek istiyor. Source: SBS

ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය වීසා

ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය ප්‍රදේශ වල සේවය කිරීමට කැමති උදවිය සඳහා ඔස්ට්‍රේලියාව ක්‍රියාත්මක කරන වීසා වර්ග ඇත්තේ ඉතා අතළොස්සකි.

ඒ අතරින් Skilled Regional (887) සහ Regional Sponsored Migration Scheme (187) යන වීසා ප්‍රධාන ස්ථානයක් සහ ජනප්‍රියත්වයක් උසුලයි.

මෙම වීසා යටතේ අදාළ අයදුම්කරුවන්ට එම ප්‍රාදේශීය ප්‍රදේශ වල වසර කිහිපයක් සේවය කිරීම අනිවාර්ය කෙරෙන අතර නොකඩවා සේවයට වාර්තා කිරීම සඳහා දිරි දීමක් වශයෙන් එක පසෙකින් ඔවුන්ට ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබා ගැනීමට යා හැකි මාර්ගයක්ද ඒ හරහා සකස් කර දෙයි.

නමුත් ස්ථිර පදිංචිය ලැබුණු විගස අදාළ ප්‍රාදේශීය ප්‍රදේශ වල රැදිය යුතු හා සේවය කළ යුතු යනාදී බැදීම් සහ නීති බල නොපැවැත්වෙන හෙයින් බහුතරයක් සංක්‍රමණිකයින් එම ප්‍රදේශ හැර යයි.
AUS Government considers forcing regional migrants to stay rural.
Source: Getty Images

ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ සැලැස්ම

ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය කලාප වෙත ප්‍රාදේශීය වීසා හරහා පැමිණෙන සංක්‍රමණිකයින් එම ප්‍රදේශ වලම රඳවා තබා ගැනීමට ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව විසින් මෙම සැලැස්ම පිළියෙළ කරමින් පවතී.

නමුත් රට තුළ සංක්‍රමණය වීමේ දිගු කාලීන නිදහස යටතේ මෙම නීති බන්ධන අභියෝගයකට ලක් වීමට ඉඩ ඇති බව ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තු ප්‍රධානී Michael Pezzullo සෙනට් කමිටුවට පවසා තිබේ.

නමුත් එය එතරම් බරපතල ගැටළුවක් නොවන්නට ද ඉඩ ඇති බව එහිදී පැවසිණි.
AUS Government considers forcing regional migrants to stay rural.
Source: Home Affairs
ප්‍රාදේශීය කලාප වල සමාගම් අදාළ සංක්‍රමණිකයින් හට අනුග්‍රාහකත්වය පවා දක්වා තිබියදී එම සමාගම් සහ ප්‍රදේශ හැරදා නගර වෙත සංක්‍රමණය වීම ඉතා කණගාටුදායි කරුණක් බව පවුල් කටයුතු පිළිබඳ සහකාර අමාත්‍ය නැෂනල්ස් පක්ෂ මන්ත්‍රී David Gillespie පැවසීය.

"අපිට මේ රටේ ඕනෑම තැනක ජීවත්වීමට අයිතිය තිබෙනවා. නමුත් ඔබට වීසා ලැබුණේ ප්‍රාදේශීය කලාප වල ගිහින් සේවය කරන්න. නමුත් මෙය නිසි පරිදි වෙන්නේ නැහැ. මිනිස්සු මේ ක්‍රමය වැරදි විදියට ප්‍රයෝජනයට අරගෙන" යනුවෙන් ඔහු වැඩි දුරටත් පැවසුවේය.

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න -

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව -

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------

Share
Published 15 May 2018 12:05pm
Updated 12 August 2022 3:42pm
By Madhura Seneviratne, James Elton-Pym
Source: SBS News

Share this with family and friends