විදෙස් ශ්‍රමිකයින් බඳවා ගැනීමේදී ඔස්ට්‍රේලියානු රජය ගෙනෙන නවතම නීතිය මෙන්න. (SBS සිංහල/වාර්තා)

මෙහි ප්‍රතිපලයක් ලෙස අදාළ රැකියා සඳහා ඔස්ට්‍රේලියාවේ වාසය කරන පුද්ගලයෙකු සොයා ගැනීමට නොහැකි වුවහොත් පමණක් විදෙස් ශ්‍රමිකයෙකු බඳවා ගැනීමට අදාළ සමාගමට අවසර ලැබේ.

AUS Government will bring stricter tests for foreign worker hires.

Source: Getty Images

ඔස්ට්‍රේලියාවේ සමාගම් වෙත විදෙස් ශ්‍රමිකයින් බඳවා ගැනීමේ ක්‍රියාවලියේ නීති තවත් දැඩි කිරීමට ඔස්ට්‍රේලියානු රජය තීරණය කර තිබේ.

ඒ අනුව ඔස්ට්‍රේලියාවේ ක්‍රියාත්මක යම් සමාගමක් විදෙස් ශ්‍රමිකයින් බඳවා ගැනීමට අවම වශයෙන් සති හතරකට පෙර එම පුරප්පාඩු පිළිබඳ දේශීයව ප්‍රචාරණය කළ යුතු බවට නව නීතියක් ගෙන ඒමට ඔස්ට්‍රේලියානු රජය කටයුතු කරමින් සිටියි.

මෙහි ප්‍රතිපලයක් ලෙස අදාළ රැකියා සඳහා ඔස්ට්‍රේලියාවේ වාසය කරන පුද්ගලයෙකු සොයා ගැනීමට නොහැකි වුවහොත් පමණක් විදෙස් ශ්‍රමිකයෙකු බඳවා ගැනීමට අදාළ සමාගමට අවසර ලැබේ.
AUS Government will bring stricter tests for foreign worker hires.
Workplace Safety Source: Getty Images

සෙනට් සභාවේ අනුමැතිය

පසුගිය සතියේ මේ යෝජනා සෙනට් සභාවට ඉදිරිපත් කර ඇති අතර එහිදී සංශෝධන සහිතව එම යෝජනා අනුමත වූ බව වාර්තා වේ.

ඒ අනුව විදෙස් ශ්‍රමිකයින් මෙරට රැකියාවක් සඳහා ගෙන්වා ගැනීමට පෙර එම රැකියාව පිළිබඳ ඔස්ට්‍රේලියාව තුළ සති හතරක කාලයක් ප්‍රචාරණය කළ යුතු වේ.

ඊට සුදුසු පුද්ගලයෙකු ඔස්ට්‍රේලියාව තුළදී සොයා ගැනීමට අපොහොසත් වුවහොත් පමණක්  Temporary skills shortage visa  යටතේ විදෙස් ශ්‍රමිකයෙකු එම රැකියාවට ගෙන්වා ගැනීමට අවසර ලැබේ.

මෙමගින් ඔස්ට්‍රේලියාව තුළ වාසය කරන පුද්ගලයින් හට ඇති රැකියා ප්‍රශ්නයට සෘජු විසඳුමක් ලැබෙන බවද රජය විශ්වාස කරයි.
AUS Government will bring stricter tests for foreign worker hires.
Source: Getty Images

බදු ගැසීම

ඔස්ට්‍රේලියාවේ සමාගමක් විදෙස් ශ්‍රමිකයෙකු ඔවුන්ගේ සමාගමට තාවකාලික සේවකයෙකු ලෙස බඳවා ගැනීමේදී එක් තාවකාලික සේවකයෙකු සඳහා වසරකට ඩොලර් 1,800 ක බද්දක්ද ස්ථිර සේවකයෙකු සඳහා වසරකට ඩොලර් 5,000 ක බද්දක්ද ගෙවීමට සිදුවේ.

මේ සියලු බදු ඔස්ට්‍රේලියාවේ වෘත්තීය පුහුණු සහ අභ්‍යාසලාභී වැඩසටහන් අරමුදල වෙත බැර කෙරෙන බවද සඳහන්.

 

!!..SBS ප්‍රවෘති අංශයෙන් ලද තොරතුරු ඇසුරින් SBS සිංහල වැඩසටහන මඟින් සකසන ලද ලිපියකි..!!

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න -

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------



Share
Published 16 May 2018 8:36am
Updated 18 May 2018 2:43pm
By Madhura Seneviratne

Share this with family and friends